ජයලලිතාගේ ආසනය අල්ලන්න විශාල් එයි!

ජයලලිතාගේ ආසනය අල්ලන්න විශාල් එයි!

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ක්‍රියාදාම නළුවෙක් වන විශාල් (Vishal krishna) තමින්නාඩුවේ හිටපු මහ අමාත්‍යවරිය නියෝජනය කළ “RK නගර්” ආසනයේ අතුරු මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී ඇත.

මෙම අතුරු මැතිවරණය පැවැත්වීමට නියමිතව පැවතුණේ 2017 අප්‍රේල් මාසයේ වුවත් ජයලලිතාගේ පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවූ බල අරගල සහ මැතිවරණය ආසන්නයේ ජන්ද දායකයන්ට අල්ලස් ලබාදීම් සම්බන්ධ පැමිණිලි හේතුවෙන් එම අවස්ථාවේ “RK නගර්” ආසනයේ අතුරු මැතිවරණය කල් තබනු ලැබිණ.

විශාල් සමඟ මෙම අතුරු මැතිවරණය සඳහා ජයලලිතාගේ පක්ෂය නියෝජනය කරමින් මඩුසුදානන් නම් ප්‍රධාන පෙළේ සාමාජිකයකු ඉදිරිපත්ව ඇති අතර එම පක්ෂයේම දිනකරන් නමැති ඉදිරිපෙළ සාමාජිකයාද ස්වාධීන අපේක්ෂකයකු ලෙස නාමයෝජනා භාරදී ඇත.

කෙසේ වුවත් තමන්ගේ දේශපාලන ආගමනය ගැන සඳහන් කරමින් විශාල් පවසා ඇත්තේ තමන් දේශපාලකයකු වනවා වෙනුවට “පොදු ජනයා” බවට පත්වීමට අපේක්ෂා කරන බවයි. එසේම ජරාජීරණ දේශපාලනය විසින් තවදුරටත් හාත්පස අපිරිසිදු කරනු පැත්තකටවී තමන්ට තවදුරටත් බලාසිටිය නොහැකි බවත්, පුරවැසියෙක් ලෙස පවතින තත්ත්වය වෙනස් කිරීම තම අපේක්ෂාව බවද විශාල් මාධ්‍ය හමුවේ පවසා ඇත.

මේ අතර විශාල්ගේ දේශපාලන ආගමනය සම්බන්ධව දිල්ලි මහ අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් ද ප්‍රසාදය පළකර ඇත. එහිදී ඔහු විශාල්ගේ දේශපාලන ආගමනය යෞවනයන්ට පෙළඹවීමක් ඇතිකරනු ඇති බව සඳහන් කර ඇත. එසේම වෙනස් කම් සිදුවිය හැකිනම්, එය ඕනෑම කෙනෙකු හරහා පැමිණිය හැකි බවත් එය විශාල් හරහාද පැමිණිය හැකි බව සඳහන් කර ඇත. කෙජ්රිවාල් විසින් විශාල් පිළිබඳ දැඩි අපේක්ෂාවකින් යුතුව සිදුකර ඇති මෙම ප්‍රකාශය සම්බධන්ධව මේ වන විට ඉන්දීය සමාජ මාධ්‍යජාල තුළ විශේෂ අවධානයක් යොමුවී ඇති බව සඳහන් වේ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න