දුමින්දගෙන් දිනේෂ්ට හදිසි ඇමතුමක් !

දුමින්දගෙන් දිනේෂ්ට හදිසි ඇමතුමක් !

බැසිල් රාජපක්ෂ වැනි පුද්ගලයින්ගේ අන්තේවාසිකයකු නොවී ශ්‍රීලනිපය සමග එක්වන්නැයි ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා තමා ගෙන් ඉල්ලීමක් කල බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති ඊයේ (06) රාත්‍රීයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ජාවෙන් පසු එහි නායක දිනේෂ් ගුණවර්ධන මහතා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හමුවේ එබව සඳහන් කර තිබේ.

රාජපක්ෂ ආණ්ඩුව සමයේදී බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ක්‍රියාකළ ආකාරය අමතක දැයි දුමින්ද දිසානායක මහතා තමාගෙන් විමසා සිටි බවත් දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී පවසා ඇත.

කෙසේවුවද එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා තම පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්ෂයේ තීරණය අනුව කටයුතු කරන බව කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න