හැරී - මේගන් ආදර අන්දරය ගැන චිත්‍රපටයක් !

හැරී - මේගන් ආදර අන්දරය ගැන චිත්‍රපටයක් !

රාජකීය විවාහය සමඟින් නිර්මාණය කෙරුණු ටෙලි චිත්‍රපටය ගැන මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ඇත.

Harry & Meghan: A Royal Romance නම් වූ එය  බංග්ලාදේශ ජාතික අධ්‍යක්ෂ මෙනාජ් හූදා විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර එහි ස්කොට්ලන්ත ජාතික නළු මුරේ ෆ්‍රේසර්, හැරි කුමරු ලෙසත් ජැමෙයිකානු සම්භවයක් සහිත‍ අමෙරිකානු නිළි පරීසා ෆිට්ස් හෙන්ලේ මේගන් මාර්කල් ලෙසත් චරිත නිරූපණය කරනු ලැබේ.

පැය එකයි මිනිත්තු විසිපහක ධාවන කාලයකින් යුතු Harry & Meghan: A Royal Romance චිත්‍රපටය අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ රූපවාහිනි නාලිකාවල විකාශය කර ඇත.

මෙහි  දිවියෙන් සමුගෙන ගිය ඩයනා කුමරියගේ චරිතය නවසීලන්ත ජාතික නිළි බොනී සෝබර් විසින් ඉදිරිපත් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න