මුන්නැහේ ඉන්නේ සුප්‍රකට පවුලකට අයිති මාධ්‍ය ආයතනයක. එයා හරියට එතන ඉන්නෙ මං කොමසාරිස් වගේ ලු.
රටේ හොඳම මාධ්‍ය පාලකය හැටියට නිතරම සම්මාන ලබනවා කියලා තමන්ගේ කොම්පැනිය පත්තර වල පම්පෝරිය ගහලා පින්තූර දාගත්තට සමාගමේ සේවකයින්ගේ පඩි දීමනා මාස ගණන් නොගෙවා මිනිස්සු අනාථ කරන අපත පොරක්ලු මෙයා.
ළඟදි එයාට අයි.එස්.ඕ. සම්මානයකුත් ලැබුණා කියලා කියනවා. සේවකයන්ට වෙලාවට පඩි නොගෙවන ආයතනයක හාදයෙකුට අයි.එස්.ඕ ලැබුනේ කොහොමද කියලා දැන් සේවකයෝ ප්‍රශ්න කරනව ලු.
එයාගේ වැඩකිඩ එච්චර විතරක් නෙමෙයි පහුගිය දවසක සමාගමේ තියෙන ලොකුම පත්තරේක ප්‍රධාන කර්තෘට කතා කරල සෙනග ඉස්සරහම කිව්වලු
ඔයාගේ පත්තරෙන් එක දවසකට ලක්ෂ දහයක් පාඩුයි, ඒ නිසා ඒක වස්සවගන්නේ නැතුව ඉන්නව කියලා. ඒ වෙලාවේ එතන හිටපු සේවකයින්ට කේන්ති ගිහිල්ලා මේ පුද්ගලයාට බොරු කියන්න එපා හලෝ කියලා. අතින් පයින් සලකන්න හදනකොට මිනිහගේ ගෝලයෙක් මිනිහා ලිෆ්ට් එකක් ඇතුලදාට දාගෙන බේරගත්තලු.
සේවකයන්ගේ වැටුප් වෙලාවට නොගෙව්වට මෙයා සමාගමේ පඩියත්, තව එයා අටවපු ආයතන තුනකින් ලැබෙන පඩියත් එකතු කලාම ලක්ෂ විසිපහක් විතර මාසෙට
කපා ගන්නවලු. ඒ අතයට ගනුදෙනු වලට අමතරව.
සමාගමේ පැරණි සේවකයෝ කියන විදියට මේ හාදය මුලින්ම ඇවිල්ල තියෙන්නෙ මුද්‍රණ යන්ත්‍රයේ සායම් පිරිසිදු කරන්නලු. ඊට පස්සේ ඉගෙන කියාගෙන ඉහළට ආපු එක ගැන කවුරුත් මුකුත් කියන්නෙ නැහැ. නමුත් දැන් මෙයා කරන කුප්ප වැඩනිසා ලංකාවේ තිබෙන ලොකුම පත්තර සමාගමක් උවමනාවෙන්ම බංකොලොත් වෙමින් තිබෙන බවයි ආරංචි.
ළඟදී මේ ආයතනය ලොකුම නඩුවක් පැරදුනා.. ඒකට හේතුව නීතිය නොදන්න කෙනෙකුට නඩුව බාරදීමලු. මේක සිතාමතා ආයතනය බංකොලොත් කිරීමේ අරමුණින් කළ දෙයක් කියලා තමයි සමහරු කියන්නෙ .
මේ පුද්ගලයා මේ සමාගමේ ඉන්න ගමන්ම ටික කලකට පෙර ආණ්ඩුවේ මුද්‍රණ සංස්ථාවක සභාපතිකමකුත් කලා. එතනදි එයා කරපු ජරමර සහ ජල්තර ගැන ආණ්ඩුවෙ විගණකාධිපති පොතක්ම ලියලා තියෙනවා.
කොහොම හරි ඒ සංස්ථාවේ මෙයා කරපු ජල්තර නිසා එතන හිටපු කොන්ද තිබුන සේවකයෝ මිනිහට අසූචි ප්‍රහාරයක් එල්ල කරලා එලවලම දැම්මා. ඊට පස්සේ මේ පත්තර සමාගමට ඇවිත් ඒක අම්ම අප්පගේ බූදලේ වගේ පාවිච්චි කරනවා ලු . මෙතනට කඩදාසි, මුද්‍රණ තීන්ත, වගේ දේවල් ගන්නෙ ලෝකෙ තියෙන ලොකුම මිල ගණන් වලට ලු . ඒවායේ ප්‍රතිඵලය තමයි ලු මරුති කාරෙකකින් රස්සාවට ආපු හාදයට දැන් බෙන්ස් , කාර් වගේම සුපිරි හෝටලයකුත් අයිති වීම. ඒ සමගම වැදගත් මහත්තයකුට අයිති සමාගම හොම්බෙන් යන තැනට පත්වීම.
ඒ ගැන සලකා බලපු ආයතනයෙ වැදගත් සේවක පිරිසක් ලඟදිම මෙයාට උපරිම සැලකිල්ල දක්වන්න බලාගෙන ඉන්නවලු.

