ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සහ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අතර සාකච්ඡාවක් පසුගියදා සිදුවුණා.
එම කතා බහ සිදු වුණේ කොළඹ මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේ දී.
ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට වසර 90ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැති මෙම සංවත්සර උත්සවය නම් කර තිබුණේ සූරියමලින් ඉදිරියට යනුවෙන් .
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයකු වන ඩියු ගුණසේකර විසින් රචිත ශ්‍රී ලාංකීය වමේ ව්‍යාපාරයේ දොළොස් මහා යෝධයෝ යන ග්‍රන්ථය ද මෙදින එළි දැක්වුණා,
වාමාංශික දේශපාලන පක්ෂවල සහ විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂවල දේශපාලන නායකයින් ඇතුළු නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම සිටියේ එක ළගය.
හුඟ කාලෙකින්නේ හම්බවුණේ කතා කරන්න හුඟක් දේවල් තියෙනවා යනුවෙන් විමල් කතාව ආරම්භ කළ අතර ඩලස් ද කියා සිටියේ ඔව් හුඟ කාලෙකින් හම්බ වුණේ අපි ඉක්මනටම හම්බවෙලා කතා කරමු කියායි.
මේ යන විදියට නම් තත්ත්වය එච්චර හොඳ වෙන එකක් නැහැ වගේ . අපි හිතන් නැති විදියේ වාතාවරණයක් ඉදිරි මාස තුන හතර තුළ ඇතිවෙන්න පුළුවන්. විරුද්ධ පක්ෂයත් මේ ගැන කිසිම සූදානමක් නැහැ වගේ තමයි පේන්නේ යනුවෙන් විමල් වීරවංශ ප්‍රකාශ කළා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
