ඉන්දියානු ගුරුවරුන්ගේ දිනය වෙනුවෙන් 'Hichki' රුසියාවට !

ඉන්දියානු ගුරුවරුන්ගේ දිනය වෙනුවෙන් 'Hichki' රුසියාවට !

ඉන්දියානු ගුරුවරුන්ගේ දිනය වෙනුවෙන් 'Hichki' බොලිවුඩ් චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය. 

සිය පළමු දරුවා ලැබීමත් සමග බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිකව ඈත් වූ රාණි මුකර්ජි නැවතත් සිවුවසරකට පසුව මෙහි රංගනයට දායක වෙයි.
සිද්ධාර්ත් පී මල්හෝත්‍රා Siddharth P Malhotra විසින් අධ්‍යක්ෂණය කර ඇත.

යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන 'හිචිකි' චිත්‍රපටයෙහි උද්වේගකර ගුරුතුමියගේ කථාවකි. ස්නායු ආබාධයකින් පෙළෙන්නියක් ලෙස මෙහි මුකර්ජි රඟ දක්වයි.

මාර්තු මාසයේ  ඉන්දියාවේ තිරගත  වූ හිච්කි තිරගත වූ කාලයේ ඉන්දීය රුපියල් කෝටි 75 ක ආදායමක් උපයා ඇති අතර මෑතකදී ෂැංහයි ජාත්‍යන්තර සිනමා උළෙලෙහි ද  (SIFF) ප්‍රදර්ශනය කර ඇත.

චිත්‍රපටය සඳහා විශාල ලෙස ප්‍රතිචාර ලැබෙන බවත් පර්යේෂකයන්ගේ අවධානයට ලක් වීමත් සුවිශේෂි වන අතර රුසියාවේ සිටින ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය පිළිබඳ ඉතාමත් සතුටට පත්වන බවත් අධ්‍යක්ෂවරයා පවසයි.

663924 rani mukerji in hichki

hich

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න