ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ට දිවි සැරියෙන් සමුගනියි !

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ට දිවි සැරියෙන් සමුගනියි !

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ට සිය දිවියෙන් සමුගෙන තිබේ.

මිය යන විට ඇය 83 වැනි වියේ පසුවූවාය.

කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භයේ සිටම ඊට රංගනයෙන් දායක වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය එදා මෙදාතුර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නාය. ගැහැණු ළමයි චිත්‍රපටය සදහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍යය වන දිමුතු මුදු ටෙලිනාට්‍යයේ සිට රෝගාතුර වන තෙක්ම ඇය සිය රංගන කාර්යයෙහි නිරතව සිටියාය.

සිනමාව හා රූපවාහිනිය හරහා සිය රංගන ප්‍රතිභාව ඉදිරිපත් කළ චිත්‍රා වාකිෂ්ට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට අද (31දා) අභාවප්‍රාප්ත වි තිබේ.

මියයෑමට පෙර ඇය පිළිකා රෝගයකින් පීඩා විදි බවත් වාර්තා වෙයි.

අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න