විවාහයෙන් පස්සේ නාමල්ට අලුතින්ම ලැබුණු ඥාතීන් මෙන්න !

විවාහයෙන් පස්සේ නාමල්ට අලුතින්ම ලැබුණු ඥාතීන් මෙන්න !
විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ විවාහ වී සිටින මනාලිය රාජපක්ෂ පාලන සමයේ ඇති වූ තර්ජන නිසා ශ්‍රී ලංකාවෙන් ස්වයංව පිටුවහල් වී සිටින ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදී යුවලකගේ සමීප ඥාතියෙකි. ඒ අතර ඇය මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණවලදී නම සඳහන් වූ හිටපු පොලිස්පතිවරයකුගේ ද සමීප ඥාතියෙකි.

නාමල්ගේ මනාලිය ලිමිනි වීරසිංහගේ මව අරුණි වික්‍රමරත්නයි. ඇය ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ ක්‍රීඩිකාවකි. ආනමඩුව හිටපු මන්ත්‍රී, ලේඛකයකු, පරිවර්තකයකු සහ ඉංග්‍රීසි ගුරුවරයකු වූ සද්ධාතිස්ස වඩිගමංගාව ලිමිනිගේ පවුලේ මහත් ගෞරවයට පාත්‍ර වී සිටින අරුණිගේ මාමා කෙනෙකි. නිකෝස් කසන්සාකිස් ගේ ‘Zorba the Greek’ කෘතිය ‘සෝර්බා නම් ග්‍රීකයා’ මැයෙන් සිංහලට නැගුවේ සද්ධාතිස්ස වඩිගමංගාවයි.

සද්ධාතිස්ස වඩිගමංගාව

Saddhatissa Wadigamangawaසද්ධාතිස්ස වඩිගමංගාව මහතාගේ දියණියක වන ජනමාධ්‍යවේදිනී ලේඛිකා සහ දේවිකා වඩිගමංගාව විවාහ වී සිටින්නේ මාධ්‍යවේදී සනත් බාලසූරිය සමග ය. ශ්‍රී ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ ප්‍රධාන තනතුරු දැරූ දෙපලක් වන රජයට අයත් ලේක්හවුස් ආයතනයේ සේවය කළ පෝද්දල ජයන්තට සහ සනත් බාලසූරියට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ විසින් ඍජුවම තර්ජනය කරන ලද අතර 2009 ජුනි මාසයේදී සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස්, දැඩි ලෙස පහර දී, අස්ථි බිඳ දමා මහ මග දමාගොස් තිබිණි.

සනත් බාලසූරිය

ඉන් පසු, සනත් බාලසූරිය හා දේවිකා වඩිගමංගාව ද ජීවිත ආරක්ෂාව පතා රටින් බැහැර වූ හ. විදේශගතව සාහිත්‍යකරණයේ යෙදෙන මෙම දෙපළම සිංහල බසින් කරන ලද නිර්මාණ වෙනුවෙන් මෑතදී සම්මාන ලැබූ හ.

වසරේ නිර්මාණශීලී නවක දායකත්වය – කාව්‍ය – වෙනුවෙන් සනත් බාලසූරියගේ ‘කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි’ කෘතියට ගොඩගේ සාහිත්‍ය සම්මාන හිමි විය.

2018 වසරේ පැවැත්වුණ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ළමා සාහිත්‍ය පරිවරන කෘතියට හිමි සම්මානය  දේවිකා වඩිගමංගාව විසින් පරිවර්තනය කරන ලද ‘මමයි අක්කා ක්ලාරායි’ වෙනුවෙන් හිමි විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මාන උළෙලේදී සම්මානය දේශපාලනඥයෙකු අතින් භාරගැනීම ඇය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව  ඇයට හිමි සම්මානය හා සන්නස් පත්‍රය බුද්ධදාස ගලප්පත්ති සහ සෝමරත්න බාලසූරිය යන ප්‍රවීණ ලේඛකයන් දෙදෙනා අතින් ඇය භාරගත්තාය. 

දේවිකා වඩිගමංගාව

devika Wadigamangawa

මේ අතර නාමල්ගේ මනාලිය වූ ලිමිනි වීරසිංහගේ මවගේ පියාගේ බාල සොයුරකු වන්නේ හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නයි. රාජපක්ෂ පාලන සමය තුළ 2009 ජනවාරි මස කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අඩාල කිරීමට සහ සාක්ෂි විනාශ කිරීමට එවක පොලිස්පති ජයන්ත වික්‍රමරත්න නියෝග කර ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

නාමල් රාජපක්ෂගේ මනාලිය වන ලිමිනි වීරසිංහ කොළඹ බිෂොප් විද්‍යාලයේ අධ්‍යාපනය ලද ශිෂ්‍යාවකි. මේ වන විට ඇය ව්‍යාපාර පරිපාලනය හදාරයි. අප්‍රිකානු බෙර වාදන ශිල්පය හැදෑරූ බෙර වාදන ශිල්පිනියක වන ඇය 2017දී පාසලෙන් පිටවන්නට ආසන්නයේදී ‘ඝෝෂා’ නමින් බෙර වාදන ප්‍රසංගයක් ද පැවැත්වූවා ය.
Limini Weerasinghe Gosha
ලිමිනිගේ පියා තිලක් වීරසිංහ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ ව්‍යාපාරිකයෙකෙි. ඔහු එල්.එස්.ආර්. (Lanka Sportreizen) සමාගමේ නිර්මාතෘ ය. තිලක් රුවල් ඔරු පැදීම හා වින්ඩ්සර්ෆිං ඇතුළු ජල ක්‍රීඩා ශූරයෙකි. ලිමිනිට එක් බාල සොයුරෙකු ඉන්නවා. ජනිත් වීරසිංහ නම් ඔහු ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබයි. ඔවුන්ගේ මුල් ගම යක්කලයි.

Thilak Weerasinghe



[Praja.lk]

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න