Language Switcher

V2025

දේශපේ‍්‍රමී ව්‍යාඝ‍්‍රා

hemalayaහෝකන්දර ඉදිකල විශාලම නිවසසේ වායුසමනය කළ කක්කුස්සියට වී ෆෝන් ආතල් එකක් ගනිමින් සිටි බියගුළු වංශ වරින් වර වැසිකිළියේ දොර ළගට විත් කන් යොමු කළේ තමන්ගේ නොවුණත් තමන්ගේ කියන බිරිද අහලකටවත් එනු ඇත්දැයි විපරම් කරමිනි. ඇමති සැප තියෙද්දී නම් ෆෝන් 2ක් තුනක් පාවිච්චි කරමින් ලක්ෂ ගණන් බිල් ගෙවමින් ඇති තරම් ෆෝන් ආතල් ගත්තත් දැන් එහෙම ආතල් එකක් ගන්නවත් විදියක් නැතැයි හිත හිතා සිටි බියගුළුවංශය හිතුනේ මේ පාර ඇමරිකන් කාරයාවත් දිනුවොත් ආපහු සීන් එකට සෙට් වෙනවා කියාය.

වැහි අදුරත් සමග හාත්පස කලූවර වෙමින් තිබුණ හෙයින් නාන කාමරයේ විදුලි පහන දැල්වූ බියගුලූ වංශයා යළිත් තමන්ගේ ෆෝන් ආතල් එකට සම වැදුණේ දොරට කණ තබා පාස්පෝට් දෙකේ බිරිද එනවාදැයි විපරමි කරමිනි.

මොනවද ඔය තරම් විපරම් කරන්නේ ?

යකෝ ෆෝ එකේ එහා පැත්තේ ඉන්න එකීට මම කරන් දේවලූත් හොදටම පෙනෙනවාදැයි බැලූ බියගුලූ වංශයා ෆෝන් එක එපිට මෙපිට පෙරලා බැලූවේ කොහෙන් හෝ ලීක් එකක් වත් තිබේ දැයි සොයන්නටය.

මම ඇහුවේ කවුරු එනවද කියලද බලන්නේ ?

එකත් එකටම ගෑණි හොරෙන් තමන්ගේ සීන් එක බලං ඉන්නට ඇතැයි සිතූ බියගුල්ලා හීන් සීරුවේ දොර හැර ඉබ්බෙක් මෙන් ඔළුව එළියට දමා බැලූවේ මේ යක්ෂණී කොහේ ඉදන් බලං ඉන්නවාදැයි සිතමිනි.

යක්ෂණියක් තියා ඒකිගේ හැන්ඞ්සම් කොල්ලෙක්වත් අහල පහලක නැති බව දැනගත් වංශයා නැවතත් දොර වසාගෙන තමන්ගේ වැඬේ කරන්නට පටන් ගත්දීම යළිත් අර හඩ ඇසිණ.

තමන් යන එන තැන් බලන්නට මුලින් පවුලේ වහලෙක්වත් එවා ඇත්දැයි සිතූ බියගුලූ ඒත් එහෙම වෙන්නට කිසිසේත්ම විදියක් නැතිබව හිතා ගත්තේ තමන්ට වෙන යන්නට තැනක් නොමැති බව සක්සුදක් සේ අවබෝධ කර ගත් හෙයිනි.

බය වෙන්න එපා මම මම.. හේ හේමලයා.

තමනගේ කණ අසල ගිණියම් වෙමින් පැවතී ෆෝන් එක ඈතට කළ වංශයා පිටුපසින් ඇති හේමලයා දෙස හැරී බලා අතින් කාලෙකින් ජෙල් නොකළ කොණ්ඩය උඩට හදා ගත්තේ නානා කාමරේවත් නිදහසේ ඉන්නට විදියක් නැතැයි මුමුණමිනි.

මොකක්ද මගෙන් ඇහුවේ ?

නෑ මම ඇහුවේ හැම තිස්සෙම දොරට කණ තිය තියා බලන හින්දා කවුරු එනකන්ද කියලා ?

කවුරුවත් නෙමෙයි බං අර යක්ෂනී එනවද කියලා බැලූවේ. ඒ ආවොත් ඉතින් මේ ආතල් ගන්න බෑනේ.

දැන් එයා කොහෙද ගියේ ?
කවුද දන්නේ බං. කොහෙ යනවද ? කීයට එනවද කියලා.

ගෙදර ගෑණී යන එන තැනක් වෙලාවක් දන්නේ නැති වුණාට බටහිර රටවල් ලංකාවට කරන ඒවනම් හොදට පේනවා නේද?

ඒව ඉතිං පේන්න එපැයි ?

ඇයි ගෙදර ඒව පේන්න ඕනෙ නැද්ද ?

ඒව ගැන හොයන්න ගියොත් මට සරමත් නැතුව තමයි යන්න වෙන්නේ ?

මොනව ගැනද?

ගෙදරට යන එන උන් ගැන. කරන කියන ඒව ගැන.

ව්‍යාඝ‍්‍ර ගැන ?

ඔව් ඉතින් ඒක කවුරුත් දන්න දේනේ.

ඒක නෙමෙයි කොහොමද ඡන්දේ ?

ඡන්දෙ තමයි. අර ඇමරිකන් කාරයෝ හින්දා සිංහල ඡන්ද කැඩෙනවා. මුස්ලිම් ඡන්ද ටිකවත් සෙට් කර ගන්න බලද්දි අර මී හරකෙක් ඒකටත් කෙළියනේ. දැන් ඉතිං බොරු බයිලයක් ගහලා මිනිස්සු අදන්දන්න තමයි තියෙන්නේ.

කොහොමත් ඉතිං ගැහුවේ බොරු බයිලනේ ?

ඒක නම් එහෙම තමයි. හැබැයි ඉතිං හොදක් තියෙන්නේ මොන බයිලෙ ගැහුවත් අහං ඉන්න නියම හරක් ටිකක් අපිට ඉන්න එක.

කාලයක් ඔය අපේක්ෂකයට විරුද්ධ වෙලා මල්වානේ ගෙවල් තියෙන කෙනා ගේන්න ඔිනෙ කියලා කෑ ගැහුවා නේද? දැන් සද්ද නැත්තේ ?

ඒ කෑ ගැහුවේ මල්වානේ එක්කේනා කියපු හින්දා. ඒයාට හම්බ වුණේ නෑනේ. දැන් ඉතින් සද්ද නැතුව ඉන්න වෙනවා. අපිට ඉතින් වෙන කොහෙ යන්නද ? මුලනෙ වලව්වෙන් බල්ලෙක් දැම්මත් ඌටත් දේශපේ‍්‍රමී කියන්න තමයි වෙන්නේ.

දැන් අලූත් ආණ්ඩුවෙත් නිවාස ඇමතිමද වෙන්නේ ?

නැතුව නැතුව තව කරන්න ඉතුරු වැඩ කොච්චර තියෙනවාද?

මොනවද ඉතුරු වැඩ ?

ගෑණිගෙ පැත්තේ කීප දෙනෙකුටම ගෙවල දෙන්න තියෙනවා. නැත්නම් මට විසුමක් වෙන්නෙ නෑ. තව මගේ පවුලේ කීප දෙනෙකුට වාහන දෙන්න තියෙනවා. අර ඉත්තෑ උන්නාන්සෙට වාහන දෙන්න ඕනේ. කොයි තරම් වැඩද?

මේ ආණ්ඩුවේ නිවාස ඇමති තුමා එක්ක හැරෙන්නවත් පුලූවන්ද?

මොනවද මේ ආණ්ඩුවේ නිවාස ඇමතිතුමා කළේ. මිනිස්සුන්ට ගෙවල් හැදුව. එහෙම හදල හරි යනවද? ඒව ඇමරිකන් ගැති වැඩ. ස්වදේශිකයො විදියට අපි කරන්නේ අපිට හම්බ කර ගන්න එක. මේ අය කරන්නේ පරගැති වැඩ. ඒ කියන්නෙ වෙන කාටවත් වැඩක් වෙන දේවල්

අර පියාණෝ යන තැනට පුතාණෝ යවනවා කිව්වේ ?

ඒ ඉතිං අපේ සෙන්පති සර් ජනාධිපති වුණාමනේ. සුදු වෑන් එකක් එවන එක විතරයි නේ තියෙනේ. එතකොට මොකක්ද මම කිව්වේ කියලා තේරෙයි.

සුදු වෑන් හින්ද ගිය පාරත් කෙළව ගත්ත නේද?

අපේ මී හරක්ට ඕව මතක තියෙන එක්කයැ. අනික උනගෙ කවුරුත් උත්සනකල් ඔවුන් අපිට කඬේ යනවා.

අර කවදාවත් පිපෙන්නෙ නැති පොහොට්ටුවට විරුද්ධ වෙන හැම මනුස්සයාම දේශද්‍රෝහියෙක් කරන්නෙ කොොහමද?

ඒ මැජික් එක තියෙන්නේ අපි ගාව විතරයි. ස්ටේජ් එකක පොඞ්ඩක් සද්දෙන් කියන් විතරයි ඔනේ.ඊට පස්සේ අපේ උන්ට ඒඅ ය දේශද්‍රෝහීන් තමයි’ බුදු හාමුදුරුවෝ විරුද්ධ වුණත් ඒ ටික තමයි.

දැන් දේශපේ‍්‍රමී වෙන්න මොනවද තියෙන්න ඔනේ ?

මොන මගුලක්වත් නෑ. රාජක්ෂලාට කඬේ ගියා නම් ඇති’ පට්ට දේශපේ‍්‍රමී රට ගැන කැක්කුමක් තියෙන සිංහල බෞද්ධ බලවේග ත්‍වනවා නිකම්ම.

ඔය ඇමරිකන් කාරයෝ කිය කියා පිට අයට කියන්නේ පක්ෂෙම ඇමරිකන් කාරයෝ ඉන්නවා නේද?

අපේ පක්ෂේ එහෙම අය නෑ. ඒකේ ඉන්නේ ස්වදේශිකයෝ .

එතකොට ඔය අයිය කියන එක කියන සෙන්පතියා , මල්වානේ ගෙවල් අයිතිකාරයා අර මාර මාධ්‍යවේදියෙක් කියන මෙලෝ රහක් නැති අලපෙරුමයා ඇමරිකන් නෙවෙයිද?

ආ එයාලා ඇමරිකන්ද ? ඒක මම දන්නෙ නැනේ. හැබැයි අර සේනානායක ඇමරිකන් ඔත්තු කාරයෙක් කියලා මම ද්න්නවා.

ඔව් ඉතිං ගෙදරට යන එන එවුන් නොදන්න ඔබ තුමා පක්ෂෙ එවුන්ගෙ ඵීස්තර දැන ගනීයැ නේදයි කියූ හේමලයා දෙස තියුණු බැල්මක් හෙලූ බියගුලූ වංශයා උධටත් පියාණෝ ගිය තැනට යන්නට ඔනෑදැයි විමසමින් විදුලි පහන නිවා දැම්මේ මිදුලේ වාහනයක් නවතන හඩ ඇසී ඒ දෙසට සවන් යොමන අතරය’‘ එළියට එන්නට පෙර වායු සමන යන්ත‍්‍රයද විසන්ධි කළේ දැන් ඉස්සර පැය 24ම ඒ සී ක‍්‍රියාත්මක වුවද දැන් මිනිස්සුන්ගේ සල්ලිවලින් ගෙදරලයිට් බිල් ගෙවන්නට විදියක් නැතැයි තමන්ටම කියා ගනිමිනි.

අසංක ධර්මශ්‍රී