Language Switcher

V2025

අයියගෙන් අහන්න...........

රත්නපුර දිස්ත‍්‍රික්කයේ රැමන්ගේ රැස්වීම්වලට ආසන සංවිධායකයාගේ පවුලේ උන්වත් පැමිණි නැතිබව සක්සුදක් සේ දැනගත් අපේක්ෂකයා රැස්වීමේ හිටපු මහ උන්ටත් හොරෙන් හීන් සීරුවේ ලිස්සා ගියේ හතර විලිලැජ්ජාවෙන් ගැලවෙන්නට සිතාගෙනයග රැස්වීම් භූමියේ කෙළවරක වූ වැසිකිළියට ගොස් කැඩුණු දොර වසා ගත් අපේක්ෂකයා වැසිකිළි ගද සමගම දිග හුස්මක් ඉහළට ගද්දී අධික දුර්ගන්ධය තමන්ගේ නහය කඩාගෙන ගොස් හුස්ම හිරකරනු ඇතැයි සිතුවේ තමනිගේ අණ යටතේ වැසිකිළියේ සිරකළ මාධ්‍යවේදීන්ටද මෙවන් අපහසුවක් දැනෙන්නට ඇතැයි සිතමිනි. වේදිකාවේ නිවේදකයා අපගේ අනාගත ජනාධිපතිල නියත ජනාධිපති ලෙස කෑමොර දෙද්දී මොන නියතයක්ද දැන්මම පැරදී සිටින වග තමන්ටම කියාගත් අපේක්ෂකයා මදුරුවෝ තලමින් වැසිකිළියේ විදුලිපහන දැල්වූයේ සතෙක් සරපයෙක් හෝ සීටීදැයි දැනගන් පිණිසයග සර්පයා කෙසේ වෙවත් තමනගේ රැළියට ආ පාක්ෂිකයන්ගේ සුරුට්ටු හා බීඩි කොටද අරකක්ු බෝතල්ද වැසිිකිළිය තුළම දමා ගොස් තිබූ අපේක්ෂකයා හිතුවේ මුන් වගේ උන් ඉන්න නිසා ජන්ද ලක්ෂ 10කින් 12කින් හෝ පැරදී ආපහු ඇමරිකාවට පනින්නට හැකි වේ යැයි සිතමිනි.

ලයිට් එකේ එළිය අතරින් වැසිකිළි බිත්තියේ මුල්ලකට වී සිටි හේමලයා මූ කුමක් කරන්නේදැයි බලා සිට හඩ අවදි කළේ තව දුරටත් කතා නොකර බැරිම තැනය.

 ඔන්න එන්න මිනිස්සු අඩු වෙනවා නේද?

මෙවරනම් කිරි ගහට විද්දා සේ හේමලයාව හදුනාගත් අපේක්ෂකයා ඊට උත්තර බදින්නට විය.

ඒක තමයිග බලපංකෝග අඩුම ගානේ මේ ආසනේ සංවිධාන කොරන එවුන්ගේ පුවුලේ උන්වත් ඇවිත් නෑනේග මුංගේ අම්මලාට.....

මේකට තරහ ගියොත් මොකේ හරි සුදු වෑන් එකකින් උස්සන බව හොදින්ම දන්නා හේමලයා මේ වෙලාවේ මොකෙක් හරි ඉස්සුවොත් තියෙන චන්ද ටිකටත් උඩින්ම කෙළවෙන බව සිතා අපේකෂකයාව අස්වසන්නට විය.

දැන් කෑ ගහලා වැඩක් නෑනේග ඔවා තමන්ගෙම වැරදිෙ.

 මගේ මොක්කද වැරැද්ද. මේව සංවිධානය කරන උන්ගෙනෙ වැරැද්ද . හිටපංකො මම කවදහරි ජනාධිපති වුණ ගමන් අර තංගල්ලෙ සභාපතියට කියල ඕකගෙ .

 ඒ මනුස්සයෝ මොනවා කරන්නද? පාක්ෂකයො එන්නේ හරි හමන් කතාවක් අහන්න.

 ඉතින්ග ඇයි මගේ කතාව අහං ඉන්න බැරිද? බැරි උනත් උං අහං ඉන්න ඕනේ. ඒක තමයි මගෙ නීතිය

 ඒ නීති දැන් හරි යන්නේ නෑග දැන් මිනිස්සු නිදහස ඕනෑවටත් වඩා විදිනවා. මොකෙක් හරි ලියලා දෙන කතාවක් අර මොකක්ද එක දිහා බලාගෙන කිව්වට මිනිස්සු ගණං ගන්නේ නෑ.

එහෙම නැතුව මම කෙනාහොම කතා කරන්නද?

ඇයි නිකං කතා කරන්න බැයිද? යකෝ ඉස්කෝලෙදිවත් කතාවක් කරලා නැද්ද?

ඉස්කෝලෙදී තියා මොන්ටිසෝරියේදිවත් සභාවක් ඉදිරිපිට කතාවක් තනිවම පැවැත්වූ බවට මතකයකවත් නැති අපෙක්ෂකයා කිව්වේ

එක දවසක් අයියා ලියල දුන්න කතාවක් නම් කොලේ හොරෙං බල බලා ඉස්කෝලෙදි කෙරුවා කියා කීවේ කමිසයේ කොළරයද ඔසවමිනි.

ඔය ඒකනේග එතනත් ඉතිං අයියා ලියල දුන්න එකනේ’ අර එදා උඩදාගෙන ගිය මීඩියා කොන්ෆරන්ස් එකෙත් කෙරුවේ ඕකමනේ.

ආ ඒකෙද? කොහොමද අපේ කොන්ෆරස්ස් එකග ඉන්ටර්නැෂනල් ලෙවල් එකට තිබුණා නේද?

තිබුණ තිබුණ ඇරේන්ජ්මන්ට් එක වගේම හිටිය වුණුත් ලස්සනට උත්තර දුන්නනංග

ඇයි අයිය උත්තර දුන්නේ.

අයියද දැන් අපේක්ෂකයාග තමන්ගෙන් අහපු ප‍්‍රශ්නවලටත් අයිය කියන කං මූණ දිහා බලං හිටිය බව මුලූ ලංකාවම දැක්කාග අර ඉහළිංම ඉන්න නාලිකාවටයිල කොම්බුවටයි පිංසිද්දධ වෙන්න පොොහාට්ටු පාක්ෂිකයො ඒක දැක්කෙ නෑ’‘ නැත්තම් ඔය රැස්වීම්වලට තවත් අඩු වෙනවා.

ආ ඒකේ ඉතිං ඔය ප‍්‍රශ්න දෙක තුනකට අයියා උත්තර දුන්නා.

 ඉතිං ඒවට ඔබතුමාට දෙන්න තිබුණනේ.

කොහෙ දෙන්නද මම ඒවට උත්තර ලියාංගෙන ආවේ නෑනේග අනික මේ මාධ්‍යවේදියො කලිං අහන ප‍්‍රශ්න ටික කියලා තිබ්බනං පොඞ්ඩක් පුරුදු වෙලාවත් එන්න තිබුණාග අපේ කොන්ෆරන්ස් වලනම් අපි එහෙමයි කරන්නේග එහෙම නැතුව පිටින් ඇහුවොත් ඉතිං වෙන දේ දන්නවනේ.

 වෙලාවට එදා අර ප‍්‍රශ්න ටික ඉන්දියාවේ කෙල්ලෙක් ඇහුවේ.

 ඔව්. ඔව්. නැත්නම් ඉතිං සුදු වෑන් එකක් යවන්න වෙනවා එයාව එක්කන් එන්න.

 එදා කොන්ෆරන්ස් එකේදිත් කිව්ව නේද? සුදු වෑන් සංස්කෘතිය හැදුවේ ඔබ තුමාලා නොවෙයි කියලාග අමූලික බොරුනේ.

 හරි බං අපි කියලා පිළිගත්තනං අර අපි වෙනුවෙන් කඬේ යන එවුන්ට මොකද වෙන්නේග අර බුකියෙ මැරෙන්න හදන උන්ගේ එහෙම පුක හපාගෙන මැරෙන්න වෙන්නේ.

උන් ඇහුවොත් සුදුවෑන් කාගෙද කියලා.

ඔ්ක ඔය ටොයෝට එකේ හරි මොකෙක්ගෙ ශරි කිලා ෂේප් වෙනවා.

 පිිළිගනීද?

 මේකෙ ඉන්න රට හරක් අපි මොනවද කියන්නේ ඕන එකක් පිළිගන්නවාග දැන් බලපංකෝ මම ඇමරිකාවේ උනාට උං ඒක පිළිගන්නේ නෑනේග මම අර කෞතුකාගාරේ හදන්න ෂල්ලි ගත්තා කියලා පිළි අරං තියෙනවා ඒත් උං පිළි ගන්නෙ නෑනේග එහෙම උන් ටිකක් බං අපේ ඉන්නේ.

 හැබැයි එදා යුද්ධෙට හමුදාව නායකත්වය දුන්නේ හිටපු හමුදාපති කියලනම් පිළි ගත්තා නේද?

 අර ගෑණි ඒක මගෙන් කොහොම හරි ගත්තනෙ එළියටග ඒකනෙ මම කොළයක් බලාගෙන කියන්නෙග නැත්නම් ඇත්ත එළියට එනවාග උඹලට තේරෙන්නෙ නෑනේ.

 අවුරුදු 10කට පස්සේ ඇත්තක් පිළිගත්තම වෙන්න ඇති ?

පිළිගන්න උනානේ.

ඒ මොකද?

මම හිතුවේ යුධ අපරාධ චෝදනා දාලා මාව හිර කරන්න හදන්නේ කියලාග ඒකමයි ඇත්ත කියලා ෆොන්සේකවයි හමුදාවයි හිර කරල දාලා මම බේරෙන්න හිතුවේ. ඒකත් මටම කෙළ වුණානේ.

ඉතින් ඒකත් අර අනිත් ප‍්‍රශ්නවලට කිව්ව වගේ අයියගෙන් අහන්න කියන්න තිබුණනේ ?

ඒක උගෙන් අහන්න කිව්ව නම් යුද්ධෙ සින්නකරම ඌට ලියා ගන්නවාග ඒකයි මම සෙට් වුණේග අනිතිමට දෙන්නටම නැති වුණා.

ආයෙ කෙන්ෆරස් එකක් තියෙනවද?

 ඔව් අපිට කඬේ යන මාධ්‍යවේදියො ටිකක් අල්ලගෙන උන්ට ප‍්‍රශ්න ටික දීලා මම උත්තර ටික පුරුද් වෙලා තනියම ඇවිත් සිංහයා වගේ උත්තර දෙනවා.

අයියා

අයියා කොන්ෆරන්ස් ටේබල් එක යට තියෙනවාග අපේ හරක් ප‍්‍රශ්න ටික මාරු කරලා ඇහුවොත් .

 දැන් අර තවුහිද් ජමාත් එකත් දේශපේ‍්‍රමී නේද?

 මම පඩි දීල හදාගත්ත වුන් මට ඕනෙ විදියට ඉන්න ඕනේග ඒක තමයි මගෙ තියරිය.

 එතකොට හිස්බුල්ලා

 ඒකට දැන් මනාපත් හිස්ග ඔය අර ටෙන් ප‍්‍රසන්ට්ගෙ වැඩ නේ.

 දැන් අර කමල්ගෙ පොත වැඩක් නෑ නේද?

 ඇයි ?

 ඒකෙ නමේ ඉ`දලම බොරුනේග

 ඕක මොනවද ඇත්ත තියෙන්නේග බොරු වලින්ම තමයි පිටු පුරවලා තියෙන්නේ.

 අර මීටිං වලට එන් මිනිස්සුනගෙ කණට ගහන එකත් ආතල් නේ ?

 උන් ඉතිං ආපු වෙලාවේ ඉ`දන් හූවනේග අපේ ඉතිං ඉන්න තරමක් ඒ වගේ උන්. ඔලූවක් තියෙන උන් අපේ මීටිමකටවත් එයිද?

 ඒ අතරවාරයේ මොකෙක්දෝ එකෙක් වැසිකිඵයේ දොරට තඩි බානු ඇසුණු අපේක්ෂකයා අත් දෙකෙන් මූණ වසාගෙනම බාගෙන ඇරුණු දොරෙන් එළියට පැන්නේ ඇතුළට යන්නේ මොකාදැයි ඇ`ගිල් අතරින් බලමිනි. රතුපාට සාටකයක් දාගත් පොරක් හදිසියේ වැසිකිළිය තුළට රිංගා දොර වසා ගත් බව දුටු අපේක්ෂකයා අයියේ අයියේ ගෑවේ මොකෙක් හෝ ඉස්සරට ඇවිත් ප‍්‍රශ්ණයක් ඇසුවොත් කළිසම තෙත් වෙන බව හොදින්ම දන්නා නිසාය.

අසංක ධර්මශ්‍රී