Language Switcher

V2025

රටේම කෝලං එකතු කරන : කුරුණෑගල මළ කෝලං !

වයඹ කෝලං අතර මේ දිනවල විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන කරලිය තුළ නොයෙක් රසබර සිද්ධීන් වාර්තා වී ඇතැයි දැනගන්නට ලැබී ඇත. අගමැතිවරයා කුරුණෑගලින් තරග කරන්න ඒමත් වයඹ ආණ්ඩුකාරවයා මහ මැතිවරණයට කුරුණෑගලින් තරග  කිරීමට සැරසෙන නිසාත් වැඩියෙන්ම රිදී ඇත්තේ වන්නියෙන් තරඟ කරන දේශපාලකයන්ට බව ආරංචි  මාර්ග පවසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සගයන් මේ දිනවල තමන්ගේ වැඩක් බලාගෙන දෙනදෙයක් කා ගෙන ඉන්නේ ඔවුන්ගේ මාධ්‍ය ඒකකය  මගින් මේ දිනවල මහා පිරිතක් සංවිධානය කරන නිසා බව දැනගන්නට ලැබී ඇත.

කුරුණෑගල නගරය තුළ වැඩියෙන්ම කතාබහට ලක්වන්නේ මහජන පක්ෂයේ නායක අසංක නවරත්න හිටපු පළාත් සභා මන්ත්‍රීතුමාය.

සේරුවාවිල ප්‍රදේශයෙන් පැමිණි දක්ෂ කට්ටඩියෙක් අසංක නවරත්නගේ ගෙදර නැවතී ඔහුව මෙවර පාර්ලිමේන්තු යැවීම සඳහා මහා යාගයක් පවත්වන බව ඔහු ළඟ ගැවසෙන තරුණ කටයුතු මෙහෙයවන නිලධාරියෙකු කුරුණෑගල වැව රවුමේ හෝටලයකදී පවසා ඇතැයි දැනගනන්ට තිබේ. කෙසේ වෙතත් කුරුණෑගල උණුසුම වැඩිකිරීමට ආණ්ඩුකාරවරයාගේ ඡන්ද පදනම වැඩි කිරීමට කුරුණෑගල නගර සභාවේ  හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ක්‍රියා කරගෙන යන බවද ඇතුගල් පුර කතා බහා බඩ  තඩි උකුස්සා සමග පවසා ඇතැයි ආරංචි පවසයි. 

කෙසේ හෝ කුරුණෑගල දිස්ත්‍රික්කය තුල චරිත හේරත් මහතා ලයිස්තුවේ උඩටම ගැනීමට පුළුවන් බව ඔහුගේ ලේකම්වරයෙක් හෙට්ටිපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතීඥවරයෙක් සමග පවසා ඇතැයි දැනගනන්ට ලැබී තිබේ.

ඒ අතර හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා දිස්ත්‍රික්කය පුරා වන්දනාවේ  යන්නා මෙන් උදේ සිට රෑ වෙනතුරුම ඇවිදිමින් ඡන්ද එකතු කරන බවත් තමන්ගේ පාඩුවේ මැතිවරණයට ඉදිරිපත් වීමට සැරසෙන බවත් දැනගන්නට ලැබී තිබේ. ඒ වගේම ජයරත්න හේරත් මහතාගේ ගෙදරට පසුගියදා  රහසේම පැමිණි පොහොට්ටු බලධාරියා කවුද කියා සොයාගැනීමට කාන්තා බලමණ්ඩල සාමාජිකාවක් උත්සහදරන බවද දැනගනන්ට ලැබී තිබේ .

කුරුණෑගල අන්සභාගය රෝගයෙන් පෙලෙන්නෙක් සේ ඇවිදින යම් යම් නීතීඥවරුන් යම් යම් දේශපාලඥයන් දිනවීමට නගරය තුල ජනතාව එකතුකරන බවට ආරංචියක් ලැබී ඇත. ඒ බව ආරංචි වූ කුරුණෑගල ජෙය්ෂ්ඨ නීතීඥවරයෙකුගේ බිරියක් විල්ගොඩ පොහොට්ටු කාර්යාලයේදී පවසා ඇත්තේ මීට වඩා හොඳයි අපිට මිනිස්සු ඕනේ කැමති කෙනෙක් වරෙව් කියා අඬ බෙරයක් යැව්වනම්  කියා යනුවෙන් බව දැනගනන්ට ලැබී තිබේ.

ගල්ගමුවේ තාරනත් බස්නායක මන්ත්‍රීවරයා තමන්ගේ පියා සමග තල මෙනේරි කුරක්කන් වැලි තලප හදාගෙන ගෙවල් ගානේ ගොස් ඡන්ද එකතුකරන බව දැනගන්නට ලැබී තිබේ. ගල්ගමුව මීගලෑව ප්‍රදේශයේදී දේවාලයකට ගොස් කහ වතුරෙන් දිය නා මේ පිය පුතු දෙපල මීළඟ මහා මැතිවරණයේදී තමන්ට තර්ජනය වන මිනිසුන්ට අන්ත පරාජයක් ලබාදෙන්න යැයි විශාල දේව කන්නලව්වක් පවත්වා ඇතැයි දැනගනන්ට ලැබී තිබේ. 

ජයරත්න හේරත් මහතාගේ පුත් හිටපු මන්ත්‍රී පියුමාල් හේරත් මහතාට පසුගිය සතියේ මහනුවර දිගන ප්‍රදේශයේ ප්‍රසිද්ධ හිමිනමක් විශාල ආශීර්වාද පුජාවක් පවත්වා ඇතැයි දැනගනන්ට ලැබී තිබේ. ඔහු මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන මුත් ඒ හිමිනම පැවසු ආකාරයට පියුමාල් හේරත් මහතාට ආත්ම හතක බලයක් ලබාගැනීමට ඒ ආශීර්වාද පුජාව කළ බව එක්තරා නීතීඥ වරියක්  සුහද හමුවකදී උකුස්සාට පවසා ඇත.

මංජුලා දිසානයක මහත්මිය සීනිගම ගොස් ඇතිබවට මුහුණු පොත පුරා රාවයක් යන බව දැනගන්නට ලැබී ඇත. එහිදී ඇයට තර්ජනයක් වී ඇති යම් අපේක්ෂකයෙක් පවසා ඇත්තේ තමන්ට ආරක්ෂා යන්ත්‍රයක් දාගැනීමට අවශ්‍ය බවය. නමුත් මෙහිදී කුරුණෑගල රෝහල අසල දේශප්‍රිය හෝටලයේ සහෝදරයන් පවසා ඇත්තේ සාලින්ද දිසානායකගේ ආත්මය ඔවුන් අතර සැරිසරන බවත් ඒ ආත්මයේ බලයෙන් මංජුලා දිසානායක මහත්මිය ඉතා ඉහලින් ජයග්‍රහණය කරන බවත් යන්න ආරංචි මාර්ග පවසයි.

උපුටා ගැනීම - ඇතුගල්පුර කතා බහ