කෙල්ලන්ටත් හොඳට ඇස් ගහන්න පුළුවන් - එක රැයින් ජනප්‍රිය වූ 'ප්‍රියා ප්‍රකාශ්'

කෙල්ලන්ටත් හොඳට ඇස් ගහන්න පුළුවන් - එක රැයින් ජනප්‍රිය වූ 'ප්‍රියා ප්‍රකාශ්'

"කොල්ලන්ට විතරක් නෙමෙයි, කෙල්ලන්ටත් හොඳට ඇස් ගහන්න පුළුවන්" CNN News 18 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙලෙස පවසන්නේ එක රැයකින් මුළු ලෝකයේම අවධානය දිනාගත් මලයාලම් චිත්‍රපට නිළියක් වන ප්‍රියා ප්‍රකාශ්.

ඇයගේ සුන්දර ඉඟි බිඟි පෑම් ඇතුළත් Manikya Malaraya Poovi ගීතය youtube හරහා පමණක් මේ වනවිට ලක්ෂ ගණනක් නරඹා අවසන්.

එම ගීතය අඩංගු වන්නේ Oru Adaar Love නම් චිත්‍රපටිය තුළයි.

එහි ඇය පාසල් යන වයසේ තරුණියක් ලෙස සැරසුණු ප්‍රියා තම සගයෙකුට ඉඟි කරන ආකාරය ඇතුළත් වේ.

ඇගේ මෙම ජනප්‍රියතාවය සමඟම Meme විශාල ප්‍රමාණයක් සහ විවිධ වීඩියෝ කිහිපයකද නිර්මාණය වී අවසන්.

18 හැවිරිදි ප්‍රියා කේරලයේ උපත ලද තැනැත්තියකි.

එසේම නිරුපන ශිල්පිනියක් ලෙස වෘත්තීය ආරම්භ කළ ඇගේ පළමු චිත්‍රපටය වන්නේ Oru Adaar Love චිත්‍රපටයයි.

CNN News 18 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය ඇගේ ජනප්‍රියත්වයේ සියලු ගෞරවය සමාජ මාධ්‍ය ජාල වෙත හිමිවන බවද ප්‍රකාශ කර තිබුණි.

Video :

{gallery}priya{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න