යාඥා කළාට මුකුත් වෙන්නෙ නෑ, වැඩ කරන්න : කිම් කාර්ඩේශියන්ගෙන් ට්‍රම්ප්ට අභියෝගයක්

යාඥා කළාට මුකුත් වෙන්නෙ නෑ, වැඩ කරන්න : කිම් කාර්ඩේශියන්ගෙන් ට්‍රම්ප්ට අභියෝගයක්

කිම් කාර්ඩේශියන් දවසින් දවස වෙනස්ම ආකාරයේ පුවත් මවන්නියක්. ඊයේ(14) දිනයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනයට විරෝධය පළකරමින් ට්විටර් පණිවිඩයක් තබමින් ඇය නැවතත් මුළු ලෝකයේම අවධානය දිනාගෙන තිබේ.

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පවසා තිබුණේ පාසල් කාලයේදී අප දරුවන් සහ ගුරුවරුන්ගේ ආරක්ෂා පිළිබඳ බැඳී සිටින බවත් යාච්ඤාවලින් එය සිදු නොවන බවයි. ඒ සඳහා ක්‍රියාකාරිත්වයක් අත්‍යවශ්‍ය බව ඇය පවසයි.

" කරුණාකර ආණ්ඩුව ලෙස ඔබේ රාජකාරිය ඉටුකර මෙවැනි ප්‍රචණ්ඩත්වයන්ගෙන් අප ආරක්ෂා කරන්න." යයි කිම් කාර්ඩේශියන් පවසා තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් තබමින් මිය ගිය අය වෙනුවෙන් යාඥා කරන බව සහ කණගාටුව ප්‍රකාශ කරන බව සඳහන් කර තිබීම එයට හේතුවයි.

එසේම තවත් ට්වීටර් පණිවිඩ කිහිපයක්ම තබමින් ඇමරිකානු තුවක්කු සම්බන්ධ නීතිය විවේචනය කර ඇත.

ඇමරිකාවේ ජාතික තුවක්කු සංවිධානය (National Rifle Association of America )විසින් වැලන්ටයින් දිනයේදී තම සමීපතමයන් සඳහා තුවක්කුවක් මිලදී ගෙන දෙන ලෙස සඳහන් කරමින් තුවක්කු ගැනීම් දිරිගන්වන වෙළඳ දැන්වීමක ජයරුපයක්ද ඇය තම ගිණුමේ පළකර තිබුණි.

මේ සමඟම හොලිවුඩ් නළුවෙකු සහ නිළියක වන මාර්ක් රෆලෝ සහ මියා ෆැරෝ ද ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩට විරෝධය පළකර තිබේ.

kim trump

kim

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න