V2025

ගොසිප්

චීනය ගංගාවක් පුපුරවයි

අයිස් මිදීම හේතුවෙන් චීනයේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි හෙලොන්ජියාන්ග් ගංගාව පුපුරවා හැරීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.

ඒ අයිස් කුට්ටිවලින් ගංගාව අවහිරවී ගංවතුර අවධානමක් මතුව ඇති බැවින් එම අනතුර වළක්වාලීමේ අපේක්ෂාවෙනි. එහිදී අයිස් මිදුණු ගංගා තලයේ සිදුරු ඇති කොට ඒ තුළට පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් කූරු යොදවා පිපිරුම් සිදුකර ඇත.

පසුගිය ශීත සමයේ එම ගංගාව අයිස් මිදී ඇති අතර මේ වන විට ශීත ඍතුව අවසන්වී ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ මිදුණු ජලය දියවී යාම ආරම්භවී තිබේ.

Comment (0) Hits: 434

ශ්‍රී දේවි දියේ ගිළුනා නම් හෘදයාබාධයට හේතුව මොකක්ද? තවදුරටත් පරීක්ෂණ

මුළු ඉන්දියාවම කම්පාවට පත්කරමින් හදිසියේ මිය ශ්‍රී දේවිගේ මරණය පිලිබඳ නැවතත් සැක සංකා මතුවෙමින් තියෙනවා. එයට හේතුව ඊයේ නිකුත්කළ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මරණයට හේතුව දියේ ගිලීම බව සඳහන් වීමයි. ඊට පෙර වුලේ ඥාතීන් විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබුණේ ශ්‍රී දේවි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බවයි.

එහෙත් ඊයේ නිකුත්කළ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇය සිහිය නොමැතිවීම හේතුවෙන් නාන කාමරයේ bathtub එක තුළ ගිලී තිබේ. එසේම ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී දේවිගේ රුධිරයේ මත්පැන් අඩංගුවී වූ බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බවයි.

එසේම මෙම වාර්තාවේ කිසිදු විෂ රසායනයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර නැත.

සම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්තාව මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කර නොමැති අතරම හෘදයාබාධය සහ දියේ ගිලීම අතර සම්බන්ධය පිළිබඳ හෙළිකිරීමක් මෙතෙක් සිදුකර නොමැති වීම හේතුවෙන් ශ්‍රී දේවිගේ මරණය පිළිබඳ සැක සංකා වැඩිවෙමින් තිබේ.

මේ අනුව මරණය සිදුවූ ආකාරය සෙවීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුවන බව පැවසේ.

සිරුර ඉන්දියාවට රැගෙන ඒම ප්‍රමාදයි

මේ අනුව ශ්‍රී දේවිගේ සිරුර ඉන්දියාවට රැගෙන ඒම තවත් ප්‍රමාද වෙනු ඇති බවට මත පළවෙමින් තිබේ.

ඇගේ සිරුර ඉන්දියාවේ මුම්බායි වෙත ගෙන ඒමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදීයි.

ඩුබායි රජයට සම්බන්ධ මාධ්‍ය වාර්තාද සඳහන් කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අවසන් කර ඇති නමුත් ඉදිරි නීතිමය කටයුතු සඳහා සිදුවෙමින් යන බවයි.

 මේ අතර ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි ජනතාව බොහෝ දෙනෙක් තම ආදරණිය සිනමා තාරකාව වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා අනිල් කපුර්ගේ නිවස ඉදිරිපිට රැඳී සිටියි.

පසුගිය සෙනසුරාදා ශ්‍රී දේවි මියගොස් තිබුණේ ඩුබායි හිදී පවුලේ මංගලෝත්සවයකට සහභාගීවෙමින් සිටියදීය. ඇය මියයන විට ඇගේ සැමියා වූ බොනී කපූර් මෙන්ම දියණිය ඛුෂි ද ඇය සමග සිට ඇති බව එක් ආරංචිමාර්ගයක් පවසන අතර තවත් ආරංචිමාර්ගයක් පැවසුණේ ඇය ඩුබායි හෝටලයේ තනිවම සිට ඇති බවයි.

ශ්‍රී අම්මා යන්ගර් අයියපන් සිට ශ්‍රී දේවි දක්වා

දශක පහක ආසන්න සිනමා ගමන තුළ චිත්‍රපට ශ්‍රී දේවි චිත්‍රපට 300ආසන්න ප්‍රමාණයකට සිය රංගනය එක් කර තිබේ.

1963 අගෝස්තු 13 තමිල්නාඩුවේදී උපන් ශ්‍රී අම්මා යන්ගර් අයියපන් සිනමාවට පිවිසීමෙන් පසු “ශ්‍රී දේවි” බවට පත්විය. ඇය සිය ජීවිත කාලය තුලදී හින්දි, දමිළ, තෙලිගු, මලයාලම් හා කන්නඩා ආදී ඉන්දියානු සෑම චිත්‍රපට ක්ෂේත්‍රයකම සිය රංගන හැකියාව ලබාදී තිබීම විශේෂත්වයකි .

වයස 13 දී මුල්වරට වැඩිහිටි චරිතයක් සඳහා රංගනයේ යෙදෙමින් දමිළ සිනමාවට පිවිසෙන ශ්‍රී දේවි ඊට පෙර වයස අවුරුදු හතරේදී ද චිත්‍රපටියක රඟපා තිබේ. ශ්‍රී ලංකාව තුළ ඇය අතිශය ජනප්‍රියත්වයට පත්වන්නේ නාගීනා , හිම්මත්වාලා සහ මිස්ටර් ඉන්දියා යන චිත්‍රපට හරහායි.

අසූව සහ අනූව දශකයේ මුල බොලිවුඩ් සිනමාවේ නිළි රැජිණිය ලෙස බැබළුණ ශ්‍රී දේවී ප්‍රධාන නළුවෙකුගේ සහය නැතිව ඇය රඟන චිත්‍රපට බොක්ස් ඔෆීස් වාර්තා තැබීමට සමත්වීම හේතුවෙන් හින්දි සිනමාවේ පළමු කාන්තා සුපිරි තාරකාව ලෙස සැළකේ.

බොලිවුඩයේ සමකාලීන ජනප්‍රිය නළුවෙකු වූ මිතුන් චක්‍රබෝර්ති සමග පළමුව විවාහ වන ශ්‍රී දේවිගේ එම විවාහය පැවතියේ වසර තුනක් පමණි. පසුව බොනී කපුර් සමග විවාහවන ශ්‍රී දේවි වසර 15 ක් පමණ රංගනයෙන් ඉවත්වී සිටියාය.

ඇය නැවත චිත්‍රපට ක්ෂේත්‍රයට පය තබන්නේ 2012 වසරේදී ඉංග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටයේ රඟපාමිනි.

Comment (0) Hits: 648

ගුවන් හමුදාපති ජයම්පතිගේ : නෝනට අල්ලපු කුඩේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළෙකු විසින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතිගේ බිරිඳට කුඩයක් අල්ලාගෙන සිටීම දැක්වෙන ජයාරූපක් කෙරෙහි මේ වන විට සමාජජාල වෙබ් අඩවි මෙන්ම මුද්‍රිත මාධ්‍ය තුළද අවධානයක් දිනා ඇත.

මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අලුත් අවුරුද්දට අවශ්‍ය සියලු දේ එකම ස්ථානයකින් ගැනීමට ගුවන් හමුදා මුලස්ථාන භුමියේ සංවිධානය කරතිබූ අලුත් අවුරුදු සල්පිල් භූමියේදීය.

Comment (0) Hits: 604

රාම් ගෝපාල් වර්මාට එරෙහිව මාරාන්තික උපවාසයක්

බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ඉන්දියාවේ කාන්තා සංගම් කිහිපයක් දින දෙකක මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

එයට හේතුවී තිබෙන්නේ ඔහුගේ අලුත් චිත්‍රපටය වන God, Sex And Truth නම් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටය හරහා ස්ත්‍රීනට අපහාස කර ඇති බවට චෝදනාවයි.

කාන්තා සංගම් නගන ප්‍රධාන චෝදනාවක් වන්නේ එම චිත්‍රපටය ඉන්දියාව තුළ රූගත කරන ලද්දක් බවට සාක්ෂි පවතින බවයි. ඉන්දියාව තුළ නිල් චිත්‍රපටි නිර්මාණය කිරීම නීතිය අනුව වරදකි.

එයට ප්‍රතිචාර ලෙස රාම් ගොපල් වර්මා ප්‍රශ්න කරන්නේ තමන් වැඩිහිටියන්ට ගැලපෙන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බව පිළිගන්නා අතර එහි වගකීම තමන් බාරගන්නා බවත් එය ඉන්දියාවේ හෝ වෙනත් රටක රූගත කළත් එහි ඇති ප්‍රශ්නය් කුමක්ද යන්නයි.

එසේම පසුගිය මාසයේදී රූපවාහිනී වැඩසටහනකදී රාම් ගෝපාල් විසින් තමන්ට ඔහුගේ මීළඟ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයේ රඟපෑමට කැමතිදැයි විමසා ඇති බවට කාන්තා සංගම් සාමාජිකාවක් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි .

කාන්තා සංගම් චෝදනා කරන්නේ ඔහු තරුවක් වීම නිසා පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට මැලිවන බවයි.

God Sex And Truth චිත්‍රපටය නිල් චිත්‍රපට නිළි මියා මල්කෝවා පිළිබඳ නිර්මාණය වූවකි. වාර්තා චිත්‍රපටයක් වන මෙහි මියා ලිංගිකත්වය ඇය දරන අදහස් ඇතුළත් වන බව පැවසේ. God Sex And Truth චිත්‍රපටය පසුගිය මාසයේ අනතර්ජාලය වෙත නිකුත් කර තිබේ.

 සිනමා අධ්‍යක්ෂ රාම් ගෝපල් වර්මා ඉන්දියාව තුළ නව සිනමා කලාවක් බිහිකළ සහ පරික්ෂණාත්මක චිත්‍රපට තනන නිර්මාණ කරුවෙක් ලෙස ප්‍රකටව තිබෙනවා. ඔහු භූත්, රාත්, රන්ගීලා, දිල් සේ, වීරප්පන් වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් නිර්මාණය කර තිබෙනවා.

images 1 1

Comment (0) Hits: 574

මුවන් මැරූ සල්මන් හිරේ

චිත්‍රපටයක් තිරගත කරන අවස්ථාවකට එක්ව සිටියදී මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවට ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් වරදකරු බවට එරට අධිකරණයක් තීන්දු කර තිබෙනවා.

Blackbuck නම් මෙම මුවන් ඝාතනය සල්මන් සිදුකර තිබෙන්නේ 1998 වසරේ වන අතර අදාළ වරදට වසර 5ක් සිරගත කරන ලෙසයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.

එම තීන්දුවට අනුව සල්මන් ඛාන් ජෝඩ්පුර් බන්ධනාගාරයට ගෙනගොස් ඇත.

මේ අතර සල්මන් ඛාන්ගේ නීතීඥයින් සඳහන් කර ඇත්තේ සිකුරාදා දිනයේ සල්මන් ඛාන් වෙනුවෙන් ඇප අයදුමතක් ඉදිරිපත් කරන බවත් ඒ හරහා සහනයක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත්ය.

අදාළ නඩුව සඳහා සයිෆ් අලී ඛාන්, තාබු, නීලම් සහ සොනාලි බෙන්ඩ්ර් යන ඉන්දීය නළු නිළියන්ද චෝදනා ලබා තිබුණත් අධිකරණය ඒ පිරිස් නිදහස් කර තිබෙනවා.

Comment (0) Hits: 440

කාර්ඩිෂියන්ගේ නංගි නිසා Snapshot සමාගම අලි අමාරුවක

කිම් කාර්ඩිෂියන්ගේ නැගණීය වන කයිලි ජෙනර්ගේ ට්වීටර් පණිවිඩයක් හේතුවෙන් Snapchat සමාගමේ කොටස් වෙළඳ පොළ කොටස්වලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක කොටස් අහිමි වී ඇති බව වාර්තා වේ.

Snapchat යනු රූපමය පණිවිඩ යැවිය හැකි ජංගම දුරකථන යෙදවුමකි.

 කයිල් ජෙනර් ට්විටර් පණිවිඩයක් තබමින් පවසා තිබුණේ ඇය තවදුරටත් Snapchat භාවිත නොකරන බවයි.

ඇගේ ට්විටර් ගිණුමේ මිලියන 24.5 ක පමණ සාමාජිකත්වය ලබාගෙන තිබෙන්නකි.

Snapchat සමාගම තමන්ගේ යෙදවුම සඳහා මෑතකදී අලුත් වෙනස්කම් කිහිපයක් එක් කරනු ලැබුවා.

මෙම වෙනස්කම් ආපසු හරවන ලෙස ඉල්ලමින් මේ වනවිට මිලියනයක පමණ පිරිසක් පෙත්සමකටද අත්සන් තබා තිබේ.

Snapchat සමාගමට මේවනවිටත් Facebook සහ Instagram සමඟ විශාල තරඟකාරීතත්වයකට මුහුණ දෙමින් සිටියි.

කෙසේවෙතත් Snapchat සමාගම පවසන්නේ තමන්ගේ යෙදවුමේ ඇති වාසි එය පාවිච්චි කරන්නට දැනීමට තව කාලයක් ගතවන බවයි.

Snapchat නිර්මාණය කරනු ලැබුවේ ඉවාන් ස්පයිගල්, බොබී මර්පි, රෙජි බ්‍රවුන් නම් තිදෙනා විසිනුයි.

මෙහි විධායක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ ඉවාන් ස්පයිගල් නැමැත්තායි.

1

2

3 1

5

 

Comment (0) Hits: 569

ගම්මන්පිළට ඇමතිකමක්

හෙට ඉර පායන තරම් විශ්වාසයකින් අග්‍රාමාත්‍යධුරය සම්බන්ධව පාර්ලිමේන්තු විශ්වාසය තහවුරු කිරීමට දැක්වූ කැපවීමට ගරු කිරීමක් විදිහට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මහ ලේකම්තුමාට ඇමතිකමක් දෙන්නට හිතෙන බව අගමැති රනිල් කියලා.

ඒ විශ්වාසභංග විවාදයේ ජන්ද විමසීමෙන් පසුව පාර්ලිමේන්තු ලොබියේදී හිටපු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ.

ඒ කතාවට හිටපු ජනාධිපතිවරයා බිම බලාගෙන හිනාවෙන විට අගමැතිවරයා නැවතත් 'මොකද කියන්නේ, මං එයාට ඇමතිකමක් දෙන්න ඔයා ඒක ගන්න ඉඩදෙනවද? ලොකු උදව්වක් එයා අපිට කළේ" කියලා.

මේ වෙලාවේ හිටපු ජනාධිපතිවරයා "ඔව්.ඔව්, අර අන්න අර පැත්තට ගියේ, කතා කරලා දෙන්න,. මං අකමැති නෑ. කොහොමත් අපේ අය අනිත් අයට උදව් කරන බව' කියා සිනාසී තිබෙනවා .

"මං ඇත්තට ඇහුවේ, ගම්මන්පිල මහත්තයට කියන්න කැබිනට් අමාත්‍ය ධුරයක් පිරි නමා කෘතඥතාවය පළ කරන්න ලෑස්ති වෙලා ඉන්න කියලා" කියූ අගමැතිවරයා සිනාසෙමින් එතනින් පිටත්ව ගිහින් තියනවා.

Comment (0) Hits: 545

කමල් හසන්ගෙන් අලුත් පක්ෂයක්

ඉන්දීය නළු කමල් හසන් 'Makkal Needhi Maiam' නමින් ඊයේ (21)අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කරනු ලැබුවා.

මෙම උත්සවය සඳහා ලක්ෂ ගණනක ජනතාවක් සහභාගී වී සිට ඇති අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිල්ලි මහා ඇමති අරවින්ද් කෙජ්රිවාල්ද සහභාගී විය.

පක්ෂය ආරම්භ කරමින් අදහස් දැක්වූ කමල් හසන් මෙම පක්ෂය දක්ෂිණාංශික හෝ වාමාංශික නොවන මධ්‍යස්ථ දේශපාලනයක් රැගත් පක්ෂයක් බවත් . එසේම හැකියාවන්ට තැන ලබාදෙන කුලය, ආගම ප්‍රමුඛ කරනොගන්නා පක්ෂයක් බව පවසා තිබේ.

එසේම තම පක්ෂයේ ලකුණ වන අත් හය මගින් ප්‍රාන්ත හය නිරූපණය වෙන බව පැවසේ.

'Makkal Needhi Maiam' හි සරල තේරුම වන්නේ ජනතා යුක්තිය සඳහා මධ්‍යස්ථානය යන තේරුමයි.

මේ වනවිට හැට දෙවන වියේ පසුවන කමල් හසන්ගේ දියණිය වන ජනප්‍රිය නිලි ශෘති හසන්ද තම පියාගේ නව දේශපාලන පියවර වෙනුවෙන් සුබපතා තිබුණි.

View the embedded image gallery online at:
http://newstube.lk/gossip?start=108#sigProIdae7b20fc91

Comment (0) Hits: 570

අමාත්‍ය දුමින්ද දිසානායකට එජාපයේ පත්වීමක්

අමාත්‍ය දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික් නායකයාද වෙයි. නමුත් පසුගිය 31 වනදා ඔහුට එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර නැගෙනහිර සංවිධායකවරයා ලෙස පත්වීමක් ලබාදී තිබුණා.

ඒ අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රය සුර්ය බල ශක්තියෙන් ආලෝකවත් කිරීමේ උත්සවයේ නිල සමරු ඵලකයෙන්ය. එහි සඳහන් ආකාරයට දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා සේම එජාපයේ නැගෙනහිර අනුරාධපුර සංවිධායකද වනවා.

Comment (0) Hits: 531

'ශාන්ති' රඟපෑ මන්දිරාගේ අලුත් වෙනස

පසුගිය කාලයේ ශාන්ති නම් හින්දි ටෙලි නාට්‍ය හරහා මෙරට තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ශාන්තිගේ චරිතය නිරූපණය කළ මන්දිරා බෙඩි අලුත්ම වෙනසක් සහිතව ඉන්දියාව තුළ ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.

මන්දිරාගේ පළමුවරට රංගනයට එක්වන්නේ ශාන්ති ටෙලි නාට්‍ය හරහායි.

44 හැවිරිදි මන්දිරාගේ නව වෙනසට හේතුව ඇය ශරිරිර සුවතාව පිළිබද විශේෂ උනන්දුවක් දැක්වීම බවයි පැවසෙන්නේ.

මන්දිරාගේ මේ වෙනස ඉන්දියාව තුළ පමණක් කාන්තාවන් දහස් ගණනකට දිරියක් වනු ඇති බව මන්දිරා බෙඩිගේ අදහසයි.

View the embedded image gallery online at:
http://newstube.lk/gossip?start=108#sigProIdd63b3b0b86

Comment (0) Hits: 521

Ek Do Teen නර්තනය නිසා ජැක්ලින්ගේ පටි රෝල්

Baaghi 2 චිත්‍රපටය වෙනුවෙන් Ek Do Teen ජැක්ලින් ෆර්දිනාන්ස් ඉරිරිපත් කල නර්තනය මේ වන විට සමාජ ජාල තුළ දැඩි විවේචනයට ලක්වෙමින් තිබෙනවා.

පළමු වරට Ek Do Teen ගීතය නිර්මාණය වන්නේ Tezaab චිත්‍රපටයේ. ඊට නර්තනයෙන් දායක වන්නේ මධුරි ඩික්සිත්. ජැක්ලින්ගේ නර්තනය මෙන්ම ගීතයට යොදා තිබෙන නව සංගීත මුසු කිරීම කොහෙත්ම නොගැලපෙන අසාර්ථක මට්ටමක ඇති බවයි, විවේචනය ඉදිරිපත් කරන පිරිස පෙන්වා දෙන්නේ.

001

එසේම ජැක්ලින් යොදා සිදුකල මෙම නව සංගීත මුසුව සම්බන්ධව ලැබෙන දැඩි විවේචනය Baaghi 2 නිෂ්පාදක කණ්ඩායම කොහෙත්ම අපේක්ෂා නොකළ දෙයක් බවයි ඉන්දීය වෙබ් සඳහන් කර සිටින්නේ.

002 2

කෙසේ නමුත් සල්මන් ඛාන් මෙම විවේචනයන් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ජැක්ලින් ෆර්දිනාන්ස් සහ මධුරි ඩික්සිත් සංසන්දනය කිරීම නොකළ යුත්තක් බවයි.

ජැක්ලින්ගේ නිර්මාණයට එල්ලවී ඇති විවේචන

ji

ji2

Captureki

ජැක්ලින් සහ මධුරි ඩික්සිත් Ek Do Teen ගීතයට ඉදිරිපත් කල නර්තන

Comment (0) Hits: 562

ඉම්රාන් ඛාන් තුන් වන වරටත් විවාහ දිවියට

පකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ දේශපාලනඥයෙකු වන වන ඉම්රාන් ඛාන් තුන් වන වරටත් විවාහ දිවියට ඇතුළත්ව තිබෙනවා.

ලාහෝරයේ ඔහුගේ නිවසේ පැවති චාම් විවාහ උත්සවයකදී ඔහු විවාහ වී තිබෙන්නේ බුෂ්රා බිබී නම් ආගමික උපදේශන ලබාදෙන කාන්තාවක් සමඟයි . .

65 හැවිරිදි ඉම්රාන් ඛාන්ට බුෂ්රා හමුව තිබෙන්නේ ඔහු ආගමික උපදේශ ලබාගැනීමට ගිය අවස්ථාවකදීයි.

මිට පෙර විවාහ වී සිට ඇති බුෂ්රා දරුවන් පස් දෙනෙකුගේ මවක් වන බව පැවසේ.

ක්‍රිකට් දිවියට සමුදෙමින් දේශපාලනය පිවිසෙන ඉම්රාන් ඛාන් Pakistan Tehreek-e-Insaf (PTI) පක්ෂයේ සභාපතිවරයාද වේ.

ඉම්රාන් ඛාන් පළමුවරට විවාහ වූවේ ජෙමීමා ගෝල්ඩ්ස්මිත් නම් යුරෝපා ජාතික කාන්තාවක් සමඟයි. එම විවාහයෙන් ඔහු 2004 වසරේදී දික්කසාද වී තිබෙනවා.

ඉන්පසු රේහම් ඛාන් සමඟ සිදුවන දෙවන විවාහය මාස 10 ට සිමා වූවක්.

View the embedded image gallery online at:
http://newstube.lk/gossip?start=108#sigProIdf0890696c3

Comment (0) Hits: 426

ඉර්ෆාන් ඛාන්ට හඳුනා නොගත් රෝගයක්

ඉන්දියානු චිත්‍රපට නළු ඉර්ෆාන් ඛාන්ට දුර්ලබ ගනයේ රෝගයක් වැළඳී ඇති බව ඔහු පවසනවා.

ඔහු තම ට්වීටර් ගිණුමේ පණිවිඩයක් තබමින් තම රසිකයන්ගෙන් ඉදිරියේදී වැඩිදුර පරීක්ෂණවලින් පසු රෝගය නිශ්චිතව පවසන බවට පොරොන්දු වී තිබේ.

51 හැවිරිදි ඛාන් මේවනවිට බොලිවුඩ් චිත්‍රපට මෙන්ම ඉංග්‍රීසි චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක රඟ පා තිබෙනවා.

ඒ අතරින් පීකු, මක්බූල්, හාසිල්, ලයිෆ් ඔෆ් ෆයි, ස්ලම්ඩෝග් මිලියනර්, දි අමේසින් ස්පයිඩර් මෑන් විශේෂ වේ.

ඉර්ෆාන් ඛාන් බොලිවුඩයේ විවිධ වර්ගයේ චරිත නිරූපනයට දක්ෂතාවය දක්වන්නෙක් ලෙස ප්‍රසිද්ධයි.

 ඉර්ෆාන් ලැබූ සම්මාන

Capture

2013 වසරේදී 'පාන් සිං ටෝමර්' හි රංගනය වෙනුවෙන් ඔහුට ඉන්දියානු ජාතික සිනමා සම්මනය හිමිවිය. එසේම එම වසරේදීම ඔහු, 'ද ලන්ච්බොක්ස්' චිත්‍රපටයේ රඟ පෑ චරිතය වෙනුවෙන් කෑන්ස් චිත්‍රපට උළෙලේ විචාරක සම්ම්නයට පාත්‍ර විය.

බොලිවුඩ් සිනමා නිර්මාණ වෙනුවෙන් සම්මාන පිදෙන ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පසුගියදා (20) මුම්බායිහිදී 63 වැනි වරටත් පැවැත්විණි. 2017 වසරේදී ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට ඇගැයුමට ලක් කෙරුණු මෙම සම්මාන උළෙ‍ලේදී වසරේ හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉර්ෆාන් ඛාන්වයි. “හින්දි මීඩියම්” (Hindi Medium) චිත්‍රපටයේ ඔහු සිදුකළ රංගනය වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය.

video :

Comment (0) Hits: 504

ප්‍රියා ප්‍රකාශ්, සනී ලියෝන්වත් පරද්දලා

එක රැයකින් මුළු ලෝකයේම අවධානය දිනාගත් මලයාලම් චිත්‍රපට නිළි ප්‍රියා ප්‍රකාශ් මේ වන විට සනී ලියොන්වද අභිබවා ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. ඇය Google හරහා වැඩිම පිරිසක් පිරික්සා බැලූ පුද්ගලයාද වෙනවා.

මේවනවිට ඇගේ Instagram ගිණුමේ මිලියන 3.3 ක් සාමාජිකත්වය ලබාගෙන තිබේ. මෙය සනී ලියොන්ව ද අභිබවා යාමකි.

ඇයගේ සුන්දර ඉඟි බිඟි පෑම් ඇතුළත් Manikya Malaraya Poovi ගීතය youtube හරහා පමණක් මේ වනවිට ලක්ෂ ගණනක් නරඹා අවසන්.

එම ගීතය අඩංගු වන්නේ Oru Adaar Love නම් චිත්‍රපටිය තුළයි.

එහි ඇය පාසල් යන වයසේ තරුණියක් ලෙස සැරසුණු ප්‍රියා තම සගයෙකුට ඉඟි කරන ආකාරය ඇතුළත් වේ.

මිට පසුව ප්‍රියාගේ තවත් ප්‍රේමනීය සිදුවීමක් ඇතුළත් Oru Adaar Love චිත්‍රපටියේ වීඩියෝ කොටසක්ද අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ .

18 හැවිරිදි ප්‍රියා කේරලයේ උපත ලද තැනැත්තියකි.

එසේම නිරුපන ශිල්පිනියක් ලෙස වෘත්තීය ආරම්භ කළ ඇගේ පළමු චිත්‍රපටය වන්නේ Oru Adaar Love චිත්‍රපටයයි.

Comment (0) Hits: 560

ලෝක රූ රැජින මනුෂී චිල්ලාර්ගේ අලුත්ම ජායාරූප

මෙම නවතම ජයාරූප පෙළ සමාජ ජාල තුළ ඇගේ ජනප්‍රියත්වය සිඝ්‍රයෙන් ඉහළ දැමීමට සමත්ව තිබෙනවා.

පසුගියදා නව දිල්ලියේදී පැවති උත්සවයකදී මනුෂී චිල්ලෝර් වෙත වසරේ ඉන්දියානුවන් වෙනුවෙන් පිරිනැමෙන සම්මානය හිමිවුණා.

මනුෂී ඉන්දියාවට ලෝක රූ රැජින කිරුළ ගෙන ආවේ වසර 17 පසුවයි.

හර්යානා ප්‍රාන්තයේ උපත ලැබූ මනුෂි භාගත් පූල් සිං රජයේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇගේ පියා සහ මවද වෛද්‍යවරුන් ලෙස කටයුතු කරන්නන් වේ.

View the embedded image gallery online at:
http://newstube.lk/gossip?start=108#sigProId81d9b08aaa

Comment (0) Hits: 560

යාඥා කළාට මුකුත් වෙන්නෙ නෑ, වැඩ කරන්න : කිම් කාර්ඩේශියන්ගෙන් ට්‍රම්ප්ට අභියෝගයක්

කිම් කාර්ඩේශියන් දවසින් දවස වෙනස්ම ආකාරයේ පුවත් මවන්නියක්. ඊයේ(14) දිනයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනයට විරෝධය පළකරමින් ට්විටර් පණිවිඩයක් තබමින් ඇය නැවතත් මුළු ලෝකයේම අවධානය දිනාගෙන තිබේ.

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පවසා තිබුණේ පාසල් කාලයේදී අප දරුවන් සහ ගුරුවරුන්ගේ ආරක්ෂා පිළිබඳ බැඳී සිටින බවත් යාච්ඤාවලින් එය සිදු නොවන බවයි. ඒ සඳහා ක්‍රියාකාරිත්වයක් අත්‍යවශ්‍ය බව ඇය පවසයි.

" කරුණාකර ආණ්ඩුව ලෙස ඔබේ රාජකාරිය ඉටුකර මෙවැනි ප්‍රචණ්ඩත්වයන්ගෙන් අප ආරක්ෂා කරන්න." යයි කිම් කාර්ඩේශියන් පවසා තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් තබමින් මිය ගිය අය වෙනුවෙන් යාඥා කරන බව සහ කණගාටුව ප්‍රකාශ කරන බව සඳහන් කර තිබීම එයට හේතුවයි.

එසේම තවත් ට්වීටර් පණිවිඩ කිහිපයක්ම තබමින් ඇමරිකානු තුවක්කු සම්බන්ධ නීතිය විවේචනය කර ඇත.

ඇමරිකාවේ ජාතික තුවක්කු සංවිධානය (National Rifle Association of America )විසින් වැලන්ටයින් දිනයේදී තම සමීපතමයන් සඳහා තුවක්කුවක් මිලදී ගෙන දෙන ලෙස සඳහන් කරමින් තුවක්කු ගැනීම් දිරිගන්වන වෙළඳ දැන්වීමක ජයරුපයක්ද ඇය තම ගිණුමේ පළකර තිබුණි.

මේ සමඟම හොලිවුඩ් නළුවෙකු සහ නිළියක වන මාර්ක් රෆලෝ සහ මියා ෆැරෝ ද ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩට විරෝධය පළකර තිබේ.

kim trump

kim

Comment (0) Hits: 456

අගමැති පුතා නිසා තාත්තාගේ HIT වැඩිවෙලා

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ පසුගියදා සිය පවුල සමඟ සතියක කාලයක් ඉන්දීය සංචාරයක නිරත වුණා. එහිදී ලෝක දේශපාලනයට අදාළව විශේෂ සිදුවීම් කිහිපයක් පිළිබඳ ලෝක මාධ්‍ය වාර්තා කර තිබුණි.

 ඒ අතරම පසුගිය කාලයේ ඉන්දියානු ජනතාවගේ විශේෂ අවධානයක් යොමුවුණේ කැනඩා අගමැති පවුලේ ඉන්දියානු විලාසිතා වෙතයි. මේ සියල්ලටම වඩා අගමැතිවරයාගේ තුන් හැවිරිදි කුඩා පුත්‍රයාගේ සුරතල් ක්‍රියාකාරකම් වෙත මුළු ලෝකයේම අවධානය සහ ආදරය හිමිව තිබෙනවා.

 මෙම ජායාරූප ලබාගෙන තිබෙන්නේ කැනඩා අගමැතිවරයාගේ නිල ජායාරූප ශිල්පියා වන ඇඩම්ස් ස්කොට් විසිනුයි.

 කැනඩා අගමැති පුත්‍රයා ලෝක අවධානයට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මිට පෙරත් අගමැති කාර්යාලයට පැමිණ සිටි අගමැති පුත්‍රයාගේ දඟ වැඩ ඇතුළත් ජායාරූප මුළු ලෝකයේම අවධානය දින ගැනීමට සමත්ව තිබුණා.

View the embedded image gallery online at:
http://newstube.lk/gossip?start=108#sigProId2c2e4b2b22

Comment (0) Hits: 503

කෙල්ලන්ටත් හොඳට ඇස් ගහන්න පුළුවන් - එක රැයින් ජනප්‍රිය වූ 'ප්‍රියා ප්‍රකාශ්'

"කොල්ලන්ට විතරක් නෙමෙයි, කෙල්ලන්ටත් හොඳට ඇස් ගහන්න පුළුවන්" CNN News 18 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙලෙස පවසන්නේ එක රැයකින් මුළු ලෝකයේම අවධානය දිනාගත් මලයාලම් චිත්‍රපට නිළියක් වන ප්‍රියා ප්‍රකාශ්.

ඇයගේ සුන්දර ඉඟි බිඟි පෑම් ඇතුළත් Manikya Malaraya Poovi ගීතය youtube හරහා පමණක් මේ වනවිට ලක්ෂ ගණනක් නරඹා අවසන්.

එම ගීතය අඩංගු වන්නේ Oru Adaar Love නම් චිත්‍රපටිය තුළයි.

එහි ඇය පාසල් යන වයසේ තරුණියක් ලෙස සැරසුණු ප්‍රියා තම සගයෙකුට ඉඟි කරන ආකාරය ඇතුළත් වේ.

ඇගේ මෙම ජනප්‍රියතාවය සමඟම Meme විශාල ප්‍රමාණයක් සහ විවිධ වීඩියෝ කිහිපයකද නිර්මාණය වී අවසන්.

18 හැවිරිදි ප්‍රියා කේරලයේ උපත ලද තැනැත්තියකි.

එසේම නිරුපන ශිල්පිනියක් ලෙස වෘත්තීය ආරම්භ කළ ඇගේ පළමු චිත්‍රපටය වන්නේ Oru Adaar Love චිත්‍රපටයයි.

CNN News 18 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය ඇගේ ජනප්‍රියත්වයේ සියලු ගෞරවය සමාජ මාධ්‍ය ජාල වෙත හිමිවන බවද ප්‍රකාශ කර තිබුණි.

Video :

View the embedded image gallery online at:
http://newstube.lk/gossip?start=108#sigProIde47d70b4ab

Comment (0) Hits: 704

Page 7 of 9