ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස්

පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී මාස 9කට පසු ඇප මත බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉම්රාන් ඛාන් අග­මැ­ති ­ධු­රයේ සිටි­යදී රාජ්‍ය­තා­න්ත්‍රි­ක­ය­න්ගෙන් ලැබුණු වටිනා ත්‍යාග භාණ්ඩා­ගා­ර­යට ලබා නොදී සිය හිත­ව­තුන් අතර බෙදා දුන් බව­ටත්, තවත් ත්‍යාග ප්‍රමා­ණ­යක් අධික මිල­කට අලෙවි කර මුදල් උපයා ගත් බව­ටත් චෝදනා ලැබූ බුෂ්රා බීබී වසර 14ක සිර­ද­ඬු­වම් නියම වූ අතර, ඇය පසු­ගිය ජන­වා­රි­යේදී බන්ධ­නා­ගා­ර­ගත කර තිබිණි.

රාව­ල්පිණ්ඩි නුවර අඩි­යලා බන්ධ­නා­ගා­රයේ රඳවා තබා සිටි ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස් කර ඇත්තේ ඉස්ලා­මා­බාද් මහා­ධි­ක­ර­ණය නියෝ­ග­යෙන් බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.

බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස ලැබූ බුෂ්රා බීබී මෝටර් රථ පෙළක ආර­ක්ෂාව මැද සිය නිවෙස වෙත පැමි­ණෙද්දී මාර්ගයේ දෙපස රැඳී සිටි විශාල පිරි­සක් ඇයට සුබ පැතූ බවත්, ඇය පිළි­ගැ­නී­මට ඇගේ නිවෙස අසල ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යන් සහ හිත­වා­දීන් විශාල පිරි­සක් රැස්ව සිටි බවත් ඩෝන් පුවත් සේවය සඳ­හන් කළේය.

ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස්

ජනප්‍රිය ‘One Direction’ සංගීත කණ්ඩායමේ හිටපු ගායක Liam Payne ජීවිතක්ෂයට

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘One Direction’හි හිටපු සාමාජිකයෙකු වූ ලියම් පේන් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහු ආජන්ටිනාවේ පිහිටි හෝටලයක තෙවන මහලෙන් ඇද වැටී මිය ගොස් ඇති බව ය.

මිය යන විට ඔහු 31 වන වියේ පසු විය.

ලියම් පේන්ගේ මරණය සැලවීමෙන් පසු රසිකයින් දහස් ගණනින් ඔහු ඇද වැටී මිය ගොස් ඇති හෝටලය අසලට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2010 වසරේ ආරම්භ වූ One Direction සංගීත කණ්ඩායම කෙටි කලක් තුළ ලොව අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් බවට පත් විය.

මෙම සංගීත කණ්ඩායමේ ‘What makes you beautiful’, ‘Night Changes’ සහ ‘Steal My Girl’ වැනි ජනප්‍රිය ගීත සහිත ඔවුන්ගේ ඇල්බම ලොව පුරා පිටපත් මිලියන 70කට අධික සංඛ්‍යාවක් විකිණී තිබේ.

ජනප්‍රිය ‘One Direction’ සංගීත කණ්ඩායමේ හිටපු ගායක Liam Payne ජීවිතක්ෂයට

Telegram ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට

ටෙලිග්‍රෑම්හි ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහුගේ පෞද්ගලික ජෙට් යානය Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු පවෙල් ඩුරොව් පොලිසිය විසින් රඳවාගෙන සිටි බවයි.

ජනප්‍රිය පණිවිඩ යැවීමේ යෙදුමක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ටෙලිග්‍රෑම්හි සාපරාධී භාවිතයන් මැඩලීමට පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඩුරොව්ට චෝදනා එල්ල වි තිබේ.

Telegram ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට

තරුෂිගේ ඔලිම්පික් ඇඳුම කෞතුකාගාරයට

ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙවර ඔලිම්පික් උළෙලේදී භාවිතා කළ ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා පරිත්‍යාග කර තිබෙයි.

එම කෞතුකාගාරය ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන බවයි වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ඇඳුම් කට්ටලයේ ඇයගේ අත්සනද සටහන් කර තිබෙන බවයි.

තරුෂිගේ ඔලිම්පික් ඇඳුම කෞතුකාගාරයට

ශාරුක්, ධනවත් අතිනුත් පෙරමු‍ණේ.......

ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබේ.

එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන ශාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300කි.

ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත් වන අතර දකුණු ඉන්දීය නළුවන් කිහිපදෙනෙක්ද ඇතුළත්ව සිටී.

ශාරුක්, ධනවත් අතිනුත් පෙරමු‍ණේ.......

යොහානි, ”Breakout Star” සම්මානය ලබයි

මුම්බායිවල පැවති ”Shows of India Conclave 2024” හිදී ”Breakout Star” ලෙස යොහානි ද සිල්වා සම්මානයට පාත්‍රවී තිබේ.

මෙම සම්මාන උ⁣ළෙල පසුගියදා පැවැත්වුණේ “Shows Of India Conclave”, එහි සිව්වන සංස්කරණය සනිටුවහන් කරමිනි.

සම්මානය ලද යොහානි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි සඳහන් කර තිබුණේ, ලද සම්මානය ගැන නිහතමානීව සතුටට පත්වන බවත් ඉදිරියේදී නව නිර්මාණ තුළින් රසිකයින් හමුවට පැමිණෙන බවයි.

යොහානි,  ”Breakout Star” සම්මානය ලබයි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න