V2025

ගොසිප්

දික්වැල්ල, මෙන්ඩිස්, ගුණතිලක නිරෝධායනයට

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු වන උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩකයින් තිදෙනා අද (29) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබේ.

අද දහවල් 1.15ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල නිරෝධායනයට දිවයිනට පැමිණි එම ක්‍රීඩකයන් තිදෙනා නිරෝධානය සඳහා මීගමුව ප්‍රදේශයේ හෝටලයකට යොමු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ නිරෝධානය සඳහා වැය වන මුදල් අදාල ක්‍රීඩකයන්ගෙන් අයකරගැනීමට බලාපොරොත්තු වන බවයි.

ලංකා මානව හිමිකම් සංවිධානය : පොලිස් ස්ථාන වෙත මුහුණු ආවරණ බෙදාදෙයි !

ලංකා මානව හිමිකම් සංවිධානය විසින්  කොරෝනා වසංගතය හමුවේ රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ සෞඛ්‍ය  ආරක්ෂාව වෙනුවෙන් මුහුණු ආවරණ (face mask ) බෙදාදීමක් සිදුකරනු ලැබිණ.

ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පිරිස් ගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සිදුවිය.  

එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි කොහුවල , කැස්බෑව , පිළියන්දල , දෙහිවල සහ තලංගම යන පොලිස් ස්ථාන සඳහා අදාළ මුහුණු ආවරණ බෙදාදීම සිදුවිය. පසුගිය සංචරණ සීමා පනවා තිබූ අතර අවස්ථාවේ ද ලංකා මානව හිමිකම් සංවිධානය මැදිහත්ව පොලිස් ස්ථාන සඳහා මුහුණු ආවරණ බෙදාදීම සිදුකරනු ලැබිණ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස් පවසා සිටියේ "මේ මොහොතේ තීරණාත්මක වැඩ කොටසක් සිදුකරන සහ කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් ඉල්ලීමට ඉඩක් නොමැති කොටසක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය වසංගතය හමුවේ ආරක්ෂා කරගැනීමට සහය වීම පුරවැසි යුතුකමක්" බවය.

"අපි හැමෝවම බලාගන්න පොලිසිය අපිත් බලාගන්න ඕන. ඔවුන් සෞඛ්‍ය අංශ වගේම සැලකිය යුතු සේවයක් කරනවා. ඒ නිසා ඒ සේවය ඇගයීමටත් තවදුරටත් සුරක්ෂිත ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබෙන දෙයක් හරහා අපිත් දායකත්වය සැපයුවා.

ඒ වගේම ඉස්සරහට ලංකා මානව හිමිකම් සංවිධානය දිවයින පුරා අසරණ පවුල් සොයා බලා සහන ප්‍රදානයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා."

ලංකා මානව හිමිකම් සංවිධානය විසින් සිදුකළ මුහුණු ආවරණ බෙදාදීමේ අවස්ථා කිහිපයක් පහත දැක්වෙයි.

View the embedded image gallery online at:
http://newstube.lk/gossip?start=54#sigProIdcc9ca229ce
View the embedded image gallery online at:
http://newstube.lk/gossip?start=54#sigProIdcc9ca229ce

දික්වැල්ල, මෙන්ඩිස්, ගුණතිලක ජෛව බුබුලෙන් පිටපැන්නාද?

එංගලන්ත තරග සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු වන උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම්හි සැරිසරන ආකාරය ත් දුම්වැටික් පානය කිරීමට සූදානම් වන ආකාරයත් දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් වී තිබේ.

පවතින කොවිඩ් – 19 ව්‍යාප්තිය හමුවේ එංගලන්ත – ශ්‍රී ලංකා තරගාවලිය ජෛව ආරක්ෂිත ජෛව බුබුලකට යටත්ව පැවැත්වෙන අතර එම ක්‍රීඩකයින් තිදෙනා එම රීති උල්ලංඝනය කර ඇත්නම් ඔවුන්ව වහාම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩයමේ කළමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ක්‍රීඩකයින්  ලන්ඩනයෙන් මෙරට බලා එන පළමු ගුවන් යානයෙන්ම හරවා එවිය යුතු බවට ක්‍රිකට් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

Page 4 of 4