ශ්‍රේෂ්ඨාධිකරණ මතය අහන්න : මැකෝගෙන් ජනාධිපතිට හදිසි දැනුම් දීමක්!

ශ්‍රේෂ්ඨාධිකරණ මතය අහන්න : මැකෝගෙන් ජනාධිපතිට හදිසි දැනුම් දීමක්!

විසුරුවා ඇති පාර්ලිමේන්තුව මාස තුනක් ඇතුළත යළි කැඳවීමට අවස්ථාව නොමැති බැවින් ඉදිරියේ මතුවිය  හැකි ප්‍රශ්න විසඳාගැන්මට ශ්‍රේෂ්ඨාධිකරණ මතය විවිමසා මගපෙන්වීමක් ලබාගන්නා ලෙස මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කර ඇත.

මැතිවරණ කොමිසම ඊයේ (01) රැස්වූ අවස්ථාවේ මේ තීරණය ගෙන ජනාධිපති ලේකම්ව ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතරඑහි   "හදිසියි" යන පදනමින් ජනාධිපති දැනුවත් කරන ලෙස අවධාරණය කර තිබේ.

මැතිවරණ කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ  ව්‍යවස්ථාව අනූව පාර්ලිමේන්තුව විසිරවූ දිනයේ සිට මාස තුනක් තුළ පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බව තක්සේරු කරමින් ය.

මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.
IMG 20200402 WA0006

ජුනි 1ට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍යයි !

මේ අතර පසුගිය මාර්තු  30 වනදා ද මැතිවරණ කොමිසම රැස්වී ඇති අතර එහිදී තක්සේරු කර ඇත්තේ ද අප්‍රේල් මාසය තුළ කොවිඩ් 19 තත්ත්වය සමනය වනු ඇති බවට තහවුරුවක් නොමැති බවය.

මෙරට ආආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනූව 2020 මාර්තු 02 ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා ඇති අතර එය මාස 3ක් තුළ කැඳවිය යුතුය. එනම් එලැඹෙන ජුනි 1ට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍යය. 

පාර්ලිමේන්තුව විසුරුවමින් ජනාධිපති නිකුත්කළ ගැසට් පත්‍රය අනූව 2020 අප්‍රේල් 25 මැතිවරණය පවත්වා , මැයි 14 පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත විය.
නමුත් මැතිවරණ කොමිසම මේ වන විට සිය නෛතික ප්‍රතිපාදන තුළ දන්වා ඇත්තේ අප්‍රේල් 25 මැතිවරණය පැවැත්වීමට නොහැකි බවත් එය පැවැත්විය හැක්කේ මැයි 14 ට පසු දිනයක බවය.

අලුත් ගැසට් එකක් ගහන්න වෙයි !

ඒ අනූව දැන් මැතිවරණය පැවැත්වීමට සහ පාර්ලිමේන්තුව කැඳවීමට අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති ට සිදුවෙයි. එහෙත් මේ කටයුත්ත ජුනි 1ට  පෙර සිදුකළ නොහැකිය. 

නමුත් ව්‍යවස්ථාව අනූව විසුරුවා ඇති පාර්ලිමේන්තුව මාස 3ක් තුළ රැස්විය යුතුය. මැතිවරණ කොමිසම මතුව ඇති තත්ත්වය හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ මාර්ගෝපදේශ ගන්නා ලෙස දන්වා ඇත්තේ ඒ අනූවය.

මේ විස්තර ඇතුළත් ලිපියක් මැතිවරණ කොමිසම විසින් මාර්තු 31වනදා ද ජනාධිපති ලේකම් වෙත යොමුකර ඇති අතර එය පහත දැක්වෙයි.
IMG 20200402 WA0007

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න