දෙරණ චතුරගේ ළදරු වලිප්පුව වැඩ කරයි : කොරෝනා වාර්තාකරණයට නිර්ණායක එයි !

දෙරණ චතුරගේ ළදරු වලිප්පුව වැඩ කරයි : කොරෝනා වාර්තාකරණයට නිර්ණායක එයි !

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම සහ ඒ ආශ්‍රිත තොරතුරු වාර්තාකරණයේ දී ජන මාධ්‍ය වෙත නිර්ණායක මාලාවක් හඳුන්වා දීමට  රජය කටයුතු කර ඇත.

 මෙම නිර්ණායක මාලාව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නිකුත් කර තිබේ.
 
එය සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව විසින් අද  (02) නිවේදනයක් නිකුත් කර ඇති අතර එහිදී ඔහු  ඉල්ලා සිටින්නේ ඉදිරි වාර්තා කටයුතු වලදී අදාල නිර්ණායක අනුගමනය කරන ලෙස ය.
 
ප්‍රධාන කරුණු අටක ලියවිල්ලක් !
 
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් මාධ්‍ය සඳහා නිකුත් කර ඇති නිර්ණායක මාලාව ප්‍රධාන කරුණු අටකින් යුක්ත ය.
 
මූලාශ්‍ර වල සත්‍ය තහවුරු කර ගැනීම , නිරෝධායනය ට ලක් කරන පුද්ගලයන් මෙන්ම රෝගීන්  සහ මරණ සම්බන්ධව වාර්තා කිරීමේ දී ජාතිය සහ ආගම සඳහන් නොකිරීම, වෛරසය ආසාදනය වූ පුද්ගලයන් රෝගීන් ලෙස මිස අනෙක් අයට රෝගය  පතුරවන්නන් ලෙස හැඳින්වීමෙන් වැලකීම , ජනතාව තුළ වෛරය ඇති නොකිරීම ඇතුළු ප්‍රධාන කරුණු අටක් එහි අඩංගු ය.
 
අදාළ නිර්දේශ ඇතුළත් ලියවිල්ල මෙම පුවත අවසානයේ පළකර ඇත.
 
දෙරණ චතුර නම් ළදරු වලිප්පුවා
 
මේ ආකාරයට ගෝලීය වසංගතයක් සහ ජාතික ව්‍යසනයක ලකුණු පෙන්වන කොරෝනා වෛරසය සම්බන්ධව රජයේ නිර්ණායක නිකුත් වන්නේ  පෞද්ගලික විද්‍යුත් නාලිකා රැසක් ජාති වාදය උදේ හවස වපුරන  මොහොතක ය.
 
අද දෙරණ' හි 'වාදපිටිය' සජීවී දේශපාලන සංවාදයක් අතරතුර ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීම සඳහා 'පොහොට්ටු' පක්ෂයේ හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අවස්ථාව ලබාදීම වෙනුවෙන් තමන්ට වෙනම ගෙවීමක් ලැබිය යුතු බව එම සංවාදය මෙහෙයවූ නිවේදක චතුර අල්විස් පවසන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවනවිට අන්තර්ජාලයෙහි සංසරණය වෙමින් පවතින අතර ඒ අප කියන දේ තහවුරු කිරීමට කදිම නිදර්ශනයකි.

කොරෝනා ආසාදිත මුස්ලිම් අයකු මියගියහොත් දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකළ ආකාරය දැක්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ සංශෝධනය කර පළ කලේ නම් මෙවැනි ගැටළු මතු නොවන බවද ඔහු එම සංවාදයට එක්ව සිටි දේශපාලනඥයින්ට උපදෙස් දෙයි. 

''ගහන්න ඕන නේ. ගහන්නත් චාන්ස් එකක් ආවා ඒ කෑල්ලත් අරගෙන. නැත්නම් හරියන්නෑ.’ චතුර අල්විස් එහිදී පවසන්නේ සජීවී වැඩසටහනකදී කැමරාවෙන් තමා සජීවීව විකාශය වන බව නොදැනය.  චතුර අල්විස් එවැනි ප්‍රකාශ කරමින් මුස්ලිම්වරුන් නින්දා සහගත අවමානයට ලක්කරන්නේ එම සජීවී විකාශය අතරතුර වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා ලැබුන විවේකයෙදී  නිෂ්පාදක කණ්ඩායම එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්නා අවස්ථාවකදිය.

එහිදී අන්‍යාගමිකයන් ගේ විශ්වාස පද්ධතිය දරා ගත නොහැකි දෙරණ නිවේදකයකු වන චතුර අල්විස් නමැත්තා ගේ ලදරු වලිප්පු ස්වභාවය පැහැදිලි ව දක්නට ඇත .

අපි නොදන්න අත්වැරදි !

එම අවස්ථාවේදී වෙළඳ දැන්වීම් ප්‍රචාරය වෙනුවෙන්  ප්‍රධාන පාලක මැදිරියෙන් (MRC -main control room) 'අද දෙරණ' සජීවී විකාශය නවතා තිබුන ද එම ආයතනය විසින් ඊට සමගාමිව විකාශය කෙරෙන වෙබ් නාලිකාවේ හා 'යූ ටියුබ්' චැනලයේ එය අඛණ්ඩව විකාශය වී ඇත. මෙය අත්වැරදීමකින් සිදුවූවක් බවට  ප්‍රචාරය කිරීමට වගකිව යුතු පාර්ශව මේ වන විට අසාර්ථක සහයක නිරතව සිටියි.

නමුත් සමාජ මාධ්‍ය ජාල තුළ මෙන් ම විද්‍යුත් නාලිකා සම්බන්ධ ප්‍රවීනයන් පවසන්නේ මෙවැනි දැ අත්වැරදීමෙන් සිදු නොවන බව ය . ඒ වෙනුවට මෙයත් කිසි යම් කරුණක් සම්බන්ධ ජනතා අවධානය වෙනතක යොමු කිරීමට දැරූ  පහත් ප්‍රචාරක උපක්‍රමයක් ලෙස ඇතැමුන් මෙය හඳුන්වයි.

Screenshot 20200402 212932

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න