ලංකාවේ ආසාදිතයින් 151 යි - මරණ 4 යි : ලෝකයේ මරණ 50000 පනියි !

ලංකාවේ ආසාදිතයින් 151 යි - මරණ 4 යි : ලෝකයේ මරණ 50000 පනියි !

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන්  මෙරට සිදු වූ සිව්වන  මරණය අද (02) වාර්තාවූ  අතර ඒ බව සෞඛ්‍ය සේවා සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කර සිටියි.

වාර්තා වන ආකාරයට මෙසේ මිය ගොස් ඇත්තේ IDH  රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ මරණය නිව්මෝනියා තත්ත්වය බරපතළ වීමෙන් සිදුව ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර මෙරට  කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ප්‍රමාණය 151 ක් දක්වා ඉහළ  ගොස් ඇත.

මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගොස් ඇති සංඛ්‍යාව 50385කි. ලෝ පුරා දැනට වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 986309 ක් වන අතර 206372ක් සුවවී ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න