සමගි ජන බලවේගයෙන් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් !

සමගි ජන බලවේගයෙන් කොරෝනා මර්දනයට  විශේෂ අරමුදලක් !

සමගි ජන බලවේගය හී මහ මැතිවරණ අපේක්ෂකයන් ගේ සාමුහික මැදිහත්වීම මත කොරෝනා මර්දනය වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට නියමිත බව එහි නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (03) නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර අදාළ අරමුදල පිහිටුවීම හෙට (04) සිදුකරන බවත් එහි සඳහන් කර ඇත.

සමගි ජන බලවේගය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

මේ මොහොතේ අපේ රට මුහුණ දී සිටින කොරෝනා ව්‍යසනයෙන් සමස්ත ජනතාවම සිටිනුයේ තිගැස්මකින් සහ ව්‍යාකූලත්වයකිනි.

මේ උවදුර තුරන් කිරීමට සෞඛ්‍ය අංශ,ආරක්ෂක අංශ,අත්‍යාවශ්‍ය සේවා ආයතන ඇතුලු විවිධ පාර්ශව  අප්‍රමාණ කැපකිරීමක් කරන අතර අපේ රටේ ජනතාවද දැඩි අධිශ්ඨානයකින් කටයුතු කරන බව පෙනේ.

කෙසේ වෙතත් මේ උවදුර හේතුකොටගෙන බොහෝ සෞඛ්‍යමය අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිගකමක් සහ අවශ්‍යතාවයක් මතුව තිබෙන බව අපට වාර්තා වී තිබේ.

එබැවින් කොරෝනා උවදුර තුරන් කිරීම උදෙසා ක්‍රියාවෙන්ම මැදිහත් වීමට සමගි ජන බලවේගය අදහස් කළෙමු.

ඒ අනුව අප සංධානයේ සියලුම අපේක්ෂකයින්ගේ සාමූහික මැදිහත්වීම මත ඔවුන් සිය මැතිවරණ අරමුදල උපයෝගී කරගෙන 'කොරෝනා මර්ධන ව්‍යාපෘතියට' දායක වීමට තීන්දුකොට සිටී.

ඊට අමතරව බොහෝ පරිත්‍යාගශීලීන් මීට දායක වන බවට දැනටමත් අපව දැනුවත් කොට තිබේ.අදාල අරමුදල සම්පූර්ණයෙන්ම යොදවනු ලබන්නේ කොරෝනා මර්ධනය උදෙසාවන සෞඛ්‍ය අවශ්‍යතා සැපිරීම පිණිසය.

අපේ රටේ සියලු ජනතාව නිදුක් නිරෝගීව සිටිනු දැකීම අපගේ ඒකායන ප්‍රාර්ථනය වන අතර ඊට පූර්වාදර්ශයක් සපයමින් සමගි ජනබලවේගය හෙට(04)සිට එකී අරමුදල ආරම්භ කරන බව දන්වා සිටිමු. 

 සජිත් ප්‍රේමදාස 

හිටපු විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න