කොරෝනා පරීක්ෂණ අද සිට වැඩි කිරීමේ තීරණයක් !

කොරෝනා පරීක්ෂණ අද සිට වැඩි කිරීමේ තීරණයක් !

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අද (03) සිට වැඩි කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියි.

මේ වන විට කොරෝනා වෛරසය ආසාධනය වී රෝගියෙක් වාර්තා වූ පසු එම රෝගියා පදිංචිව සිටි නිවස අවට පිහිටි පුද්ගලයින් කිහිප දෙනෙක් ගේ සාම්පල් පරීක්ෂාවක් සිදුකිරිම සෞඛ්‍ය අංශ විසින් ආරම්භ කොට ඇති බවත්  සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසිය.

කෙසේ වෙතත් වෛරසය සමාජය තුල පවතීද යන්න සම්බන්ධයෙන් සැකහැර දැන ගැනීම සඳහා වැඩි වශයෙන් පරීක්ෂණ අද සිට ආරම්භ කළ බව වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් 19 වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ, මෙතුලින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි බවයි.

ඒ අනුව ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් රෝග ලක්ෂණ මතුවීමට පෙර PCR පරික්ෂණයට ලක් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ, ඒ අනුව දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 1500 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.

සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ඉල්ලීමක් !

Covid - 19  රෝගය පාලනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යක්‍ෂමතාවය වැඩිකිරීම සඳහා ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්‍ෂණ ප්‍රමාණය ඉහළ දමන ලෙස සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ඉල්ලීමක් කර තිබිණ.

එම සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර ව සම්බන්ධයෙන් නිකුත්කර තිබු නිවේදනයක මෙසේ සඳහන් විය.

#Covid - 19  රෝගය පාලනය කිරීමේ ක්‍රියාවලියේදී ආසාදිතයින් නිශ්චිතව හඳුනාගැනීම ප්‍රධාන කාර්යයකි. දැනට ඒ සඳහා ඇති එකම ක්‍රමවේදය වනුයේ පරීක්‍ෂණ සිදුකිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා ලොව රෝගය මුහුණ දී ඇති රටවල ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කරන විටදී ඒ බව පැහැදිලි වේ.

විවිධ රටවල ජනගහනයෙන් මිලියනයකට මේ දක්වා සිදුකර ඇති පරීක්‍ෂණ ප්‍රමාණය සලකා බැලූවිට දකුණු කොරියාව ඉහළින්ම සිටින අතර එය 8000 ක් පමණ වේ. අපේ රටේ මෙම අගය දල වශයෙන් 110 ක් පමණ වේ.

ඒ අනුව අප රටේ මෙම රෝගය පාලනය කිරීමේ ක්‍රියාවලියේදී සිදුකරනු ලබන පරීක්‍ෂණ ප්‍රමාණය අවම මට්ටමකට පවතින බව පැහැදිලිය.

එම නිසා රෝගය පාලනය කිරීමේ අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස සලකා සිදුකරනු ලබන පරීක්‍ෂණ ප්‍රමාණය වැඩිකිරීම සිදුකල යුතුය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න