කොවිඩ් පරීක්ෂණ කඩිනම් නොකරන්නේ ඇයි : ලක්ෂයක් වන තුරු බලන් ඉන්නවද ?

 කොවිඩ්  පරීක්ෂණ කඩිනම් නොකරන්නේ ඇයි : ලක්ෂයක් වන තුරු බලන් ඉන්නවද ?

අද (05) උදේ වන විට  සොයා ගෙන  තිබුණු කොරෝනා රෝගීන් 166 දෙනා සමඟ ගැටුණු 42,000ක පමණ පිරිසක් දිවයින පුරා සිටින බවත් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂණයට භාජනය කරන්නැයි දැනුම් දුන්නත් එය ක්‍රියාත්මක වී නැති බව රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මේ බව තමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුම් දුන් අතර සියලු පාර්ශ්ව ඊට එකඟ වූ නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔවුන් පවසයි. 

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා අද මෙසේ යෝජනා කළ අතර මෙම පුද්ගලයින් පරීක්ෂාවට ලක්කිරීම සඳහා ඉක්මන් පරීක්ෂණ (Rapid test) ක්‍රමවේදය අනුගමනය කරන්නැයි තමන් දැනුම් දුන්නේ එම සංඛ්‍යාව 27,000ක්ව තිබියදී බව සිහිපත් කළ ඔහු දැන් එය 42,000ක් වී ඇති බව පෙන්වා දුන් අතර තවත් බලා සිටින්නේ මෙම සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යනතුරුදැයි  යනුවෙන් ද ප්‍රශ්න කර සිටියේ ය.

දැනට සිදු කරන පරීක්ෂණය බොහෝ වේලාවක් යන පරීක්ෂණයක් බවත් එ බැවින්  එක් පරීක්ෂණයකට ලඝු   නොවන ලෙස තම සංගමය පෙන්වා දී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

මේ  වන විට  නිරෝධායනයට  ලක් වු තැනැත්තන්ද  නිරෝධායන සහතිකය තිබේ දී පවා රෝගීන් ලෙස වාර්තා වී ඇති බවත් මෙයින් පෙන්නුම් කරන්නේ නිරෝධායන ට ලක් කළ පුද්ගලයන් ද යළි යළිත් පරික්ෂා කිරීමට සිදුව තිබීම බවත් ඔහු පැවසීය.

දැනට මෙරට දිනකට සිදු කරන්නේ කොවිඩ්  පරීක්ෂණ  තුන් සියයක් පමණ බවත් නමුත් 750ක් පමණ  කිරීමේ  ධාරිතාව ඇති බව ද ඔහු පැවසීය . මේ වන විට එම ප්‍රමාණය වැඩි කරගනිමින් යන බවත් දිනකට පරීක්ෂණ 1000ක්  සිදු කලත් දැනට හඳුනාගෙන ඇති 42000 පරික්ෂා කිරීමට දින 42ක් ගතවන බව ද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න