අද (24) මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 414ක් දක්වා ඉහළ ගොස් ඇත.
වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් සෙබළුන් 30ක් කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වූ අතර කොළඹ 12, බණ්ඩාරනායක මාවත ආශ්‍රිතවත් රෝගීන් අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනූව මේ වන විට කොවිඩ් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 300ක් දක්වා ඉහළ ගොස් ඇත.
සුවවූ ප්‍රමාණය 107ක් සහ මරණ 07ක් ලෙස මෙරට කොවිඩ් 19 වසංගතය ආශ්‍රිත රජයේ නිල වාර්තා දක්වයි.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට හමුදාව යොදලා !
මේ ආකාරයට අනපේක්ෂිත වර්ධනයන් වසංගතය හමුවේ පෙන්නුම් කරන විට වාර්තා වන්නේ පාර්ලිමේන්තුව ආශ්‍රිතව හමුදා ආරක්ෂාව යෙදවීමට ආණ්ඩුව ක්‍රියාකර ඇති බවයි.
මේ හදිසියේ පාර්ලිමේන්තුව වටා හමුදා ආරක්ෂාව යෙදවීම කුමක්දැයි පැහැදිලි නැත.
එහෙත් ආණ්ඩුව හිතවාදි වෙබ් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට නම් පාර්ලිමේන්තුව කැඳවීමට විපක්ෂය අවධාරණය කරමින් සිටින අතර ජනාධිපති විසින් එය ප්‍රතික්ෂේප කරමින් පසුවෙයි.
කරූ අත්අඩංගුවට ගන්න කියලා !
මේ අතර මාගල්කන්දේ සුදත්ත නම් චීවරධාරීන් භික්ෂුවක් විසින් පාර්ලිමේන්තුව විවෘත කිරීමට සූදානම් වුවහොත් හිටපු කතානායක කරූ ජයසූරිය හමුදාව යොදවා අත්අඩංගුවට ගත් බව අවධාරණය කර ඇති බව ආණ්ඩු හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.
ඊට අදාළ සී නිවුස් වාර්තා කළ ප්‍රවෘත්තිය පහත දැක් වේ.

පසුගිය සමයේ අන්ත ජාතිවාදය වපුරමින් සිටි මෙම පාර්ශව දැන් සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කොට නිතර හමුදාව ඉදිරියට දමා ලකුණු දා ගැනීමට බව මෙම ප්‍රකාශ හරහා පෙන්නුම් කරයි.
මෙවැනි ප්‍රකාශ සිදු කිරීමට මනෝ භාවය සැකසෙන ආකාරය කියාපාන්නේ හිටපු කතානායක වරයා එකවරම ගොස් පාර්ලිමේන්තුව විවෘත කිරීම වැනි තත්ත්වයකි.
එහෙත් එවැනි අඳබාල කම් දින පනස් දෙකේ අපකීර්තිමත් කුමන්ත්‍රණ ආණ්ඩු අවස්ථාවේ ද සිදු වූයේ නැත. එහි දී ද පාර්ලිමේන්තුව විවෘත කෙරුණේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීම උදෙසා ය. ඒ බව පසු ව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ද තහවුරු කෙරිණ.කෙසේ වුවත් මෙහිදී පෙනී යන්නේ අන්ත ජාතිවාදීන් පෙනී සිටින මේ ඊනියා සංවිධාන නියෝජිතයන් මිනිස් ජීවිත නොසලකා දේශපාලන කාරණා ඉස්මතු කරමින් සිටින බව ය.

