පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ බයට : හේතුව ගම්මන්පිළ කියයි !

පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ බයට : හේතුව ගම්මන්පිළ කියයි !

කොරෝනා වසංගත තත්වය මුළුමනින්ම පහවී නොමැති මෙම අවස්ථාවේදී මහ මැතිවරණයක් නොපවත්වා පාර්ලිමේන්තුව කැඳවන ලෙසත්, එසේ පාර්ලිමේන්තු කැඳවන්නේ නම් වැටුප් දීමනා හෝ වෙනත් කිසිඳු වරප්‍රසාදයක් නොගෙන ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් ආණ්ඩුවේ මුල්‍ය කටයුතුවලට උපරිම සහයක් ලබාදෙන බවටත් සමස්ත විපක්ෂය ම එක හඬින් අවධාරණය කරමින් සිටියදී බාරකාර රාජපක්ෂ ආණ්ඩුව ඊට පිටුපා සිටීමේ හේතුව රජයේ ප්‍රබලයකුගේම ප්‍රකාශයකින් අනාවරණය වී ඇත.

ජනාධිපති පාර්ලිමේන්තුව කැදවන්නේ නැත්තේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය එකතු වෙලා, අළුතෙන් නාමයෝජනා දෙන නිසා යයි එහිදී නොකියා කියයි.

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේ, මහ මැතිවරණය වෙනුවෙන් බාරදී ඇති නාමයෝජනා අහෝසි කරගෙන, දෙකඩවී ඇති පක්ෂය යළි එකතු කර, තනි කණ්ඩායමක් විදිහට නාමයෝජනා භාරදීමට එක්සත් ජාතික පක්ෂයේ සුදානමක් පවතින බවයි.

''සුමන්දිරන් මන්ත්‍රිතුමන් අවශ්‍ය වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය යළි සමගි කරගන්න. එයට ඔවුන්ට තියෙන ලොකුම බාධාව එජාපයේ ප්‍රබල නායකයන් කණ්ඩායම් දෙකකට බෙදිලා රටපුරාම නාමයෝජනා භාර දී තිබීම. එනිසා ඔවුට අවශ්‍ය වී තිබෙනවා බාරදී ඇති නාමයෝජනා අහෝසි කරගෙන මේ පක්ෂය එකතු කරලා තනි කණ්ඩායමක් විදිහට නාමයෝජනා භාරදීමට. නමුත් එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන පනතකින් පමණයි.'' යයි උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේ දී පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න