කොවිඩ් 19 වසංගතය ගමුවේ විදෙස් රටවලවල අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින මෙරට දරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේදී අසාමාන්‍ය මුදලක් අයකරගෙන ඇති බවට චෝදනා එල්ලවෙයි.
අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව පසුගිය දිනක ඉන්දියාවේ සිට මෙරටට පැමිණි එක සිසුවෙකුගෙන් අයකරගෙන ඇති මුදල රුපියල් 103, 000.00 කට ආසන්නය.
සාමාන්‍යයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමේදී පමණක් නොව යාමට සහ ඒමට ලෙස ගුවන් ටිකට්පත් මිලදී ගත්තාද වැයවන්නේ මීටවඩා අඩු මුදලක් බව සඳහන් කරන චෝදනා කරන පාර්ශවයන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙකී වැඩි මුදලක් අයකිරීම පිටුපස වංචා සහගත කටයුත්තක් සිදුවන්නේද යන්න කෙරෙහි බරපතල සැකසංකා ඇති බවය.
විදෙස් ගතව අධ්‍යාපනය ලබන සිසුන් මෙරටට ගෙන්වා ගැනීම මේ දිනවල සිදුවන්නේ ආණ්ඩුව ඊට අවශ්‍ය මාධ්‍ය ප්‍රචාරය ද නොඅඩුව ලබා ගනිමිනි.
රජය, මාධ්‍ය මගින් මෙම සිසුන්, රජයේ වියදමින් ගෙන ආ බව ඒත්තු ගන්වමින් දේශපාලන වාසි ගන්නා අතරේ මෙවන් අසාමාන්‍ය මුදලක් අය කිරීම පිලිබදව එම දරුවන් සහ දෙමව්පියන් සිය අප්‍රසාදය පලකරන අතර මේ මුදල් හදිසියේ සොයා ගත නොහැකිව විශාල පිරිසක් අසරණ ව සිටින බවත් වාර්තා වේ.
{gallery}srilanka-covid-s-{/gallery}