නාවික හමුදාවෙ තවත් 30 කට කොවිඩ් : එකතුව 60 යි : නිවාඩු ගිය සෙබළුන් සොයා රට පීරයි !

නාවික හමුදාවෙ තවත් 30 කට කොවිඩ් : එකතුව  60 යි  : නිවාඩු ගිය සෙබළුන් සොයා රට පීරයි !

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  ප්‍රකාශ කරන්නේ මේ දක්වා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ 60 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති බවයි.

නිවාඩු ගිය සෙබළුන් රට  වටේම !

තවද  හමුදා කඳවුරේ සේවය කරන අතර නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් ඇති සෙබළු රට පුරා වාර්තා වන අතර ඔවුන් ව මෙන් ම ඔවුන්ගේ පවුල් සහ සමීපතමයින් සොයමින් ඔවුන් ව නිරෝධායන  කටයුතු සඳහා යොමු කරමින් සිටින බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඇතැම් ව්‍යාපාරික ස්ථාන රාජ්‍ය ආයතන පවා වසා දැමීමට  සිදු වන තත්වයක් ද මතුව ඇත.

රත්නපුර, කුරුණෑගල , බදුල්ල ,මහනුවර , ගාල්ල, මාතර  ඇතුළු  විවිධ ප්‍රදේශවලින්  මේ සම්බන්ධ සිදුවීම් වාර්තා වේ.

නාවික හමුදාව ගැන බියක් එපා : නාවික කඳවුරේ 4000ක් සහ පවුල් සාමාජිකයන් පරීක්ෂාවට !

මේ අතර නාවික හමුදා පවසන්නේ නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව මේ බව සඳහන් කරන අතර  නාවික භටයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම කදවුරේ නාවිකයින් 4000 ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෛරස ආසාදිත පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් සඳහන් කර ඇත.

ආසාදිත නාවිකයින් ඇසුරු කළ බවට හදුනාගත් නිවාඩු මත සිටින නාවිකයින් නැවත කඳවුර වෙත ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති අතර නිවාඩු මත සිටින සෙසු සාමාජිකයින් ඔවුන්ගේ නිවෙස්වලම තැබීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනය පවසයි.

නිවාඩු මත හෝ කදවුරින් බැහැරව සිටින ඕනෑම පුද්ගලයෙකු පිළිබදව 0112 44 53 68 හා 0117 19 22 51 යන දුරකතන අංක, 0112 44 14 54 යන ෆැක්ස් අංකය සහ 011 220 13 65 යන වට්සැප්  අංකය ඔස්සේ තොරතුරු දැනගත හැකි බවත් එම නිවේදනය තුළ සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න