උපකාරක පංති ගුරුවරුන්ට ආණ්ඩුව සහන ලබාදිය යුතුයි - මනුෂ නානායක්කාර

උපකාරක පංති ගුරුවරුන්ට ආණ්ඩුව සහන ලබාදිය යුතුයි - මනුෂ නානායක්කාර

කොරෝනා වසංගතය සමගින් උපකාරක පංති ගුරුවරුන් දෙලක්ෂ පනස්දහසක් පමණ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත්, ඔවුන්ට සහනයක් ලබාදීමට රජය වහාම කටයුතු කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

ටියුෂන් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා කරන තවත් විශාල පිරිසක් සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බවද ඔහු කීවේය.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසු අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

විභාග නියමිත දිනවලදීම පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැතිවරයා පවසා තිබෙනවා. අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන් නිකුත්වී තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පළමු වර සමත්වීමට අසමත්වන දරුවන් දෙවැනි වර විභාගයට පෙනී සිටිනවා. ඒ අයට පාසලේ උගන්වන්නේ නෑ. ඒ අය ඉගෙන ගන්නේ එළියේ. ටියුෂන් පංතියකට ගිහින් තමයි ඉගෙන ගන්නේ. ඒ වගේම උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් දෙවනි වර හෝ තුන්වැනි වර පෙනී සිටින දරුවන් තමයි විශ්ව විද්‍යාලවලට ඇතුළුවන දරුවන්ගෙන් සියයට හැටක් හැත්තෑවක් සිටින්නේ. ඒ නිසා ඒ දරුවන් සියලු දෙනාමට ටියුෂන් පංති හරහා තමයි අධ්‍යාපනය ලබාගන්නේ. මේ වන විට උපකාරක පංති පැවැත්වෙන්නේ නෑ. මේ තත්වය තුළ නියමිත දිනයේදී විභාග පැවැත්වුනොත්, උපකාරක පංතිවලින් අධ්‍යාපනය ලබා විභාගයට පෙනී සිටින ළමුන්ට අසාධාරණයක් වෙන්නේ.

ඒ වගේම දෙලක්ෂ පනස්දහසක් වන ටියුෂන් ගුරුවරු අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. අපි මේ කතා කරන්නේ මහා පරිමාණයේ ටියුෂන් ගරුවරු ගැන නොවෙයි. කුඩා ප්‍රමාණයෙන්, මධ්‍යම ප්‍රමාණයෙන් ටියුෂන් පංති පවත්වාගෙන යන ගුරුවරු සිටිනවා. ඒ වගේම ටියුෂන් පංති හා සම්බන්ධ තවත් රැකියා කරන අය ඉන්නවා. පෝස්ටර් ගහන අය වෙන්න පුලුවන්, කාඩ් මාර්ක් කරන අය වෙන්න පුලුවන්. මේ අයටත් දැන් ආදායම් අහිමිවෙලා තිබෙනවා. ටියුෂන් ක්ෂේත්‍රයේ අදායම් අහිමිවූ පිරිස් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඔවුන් සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට රජය වහාම පියවර ගත යුතු බවත් ආණ්ඩුවට අවධාරණය කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න