රණවිරු ගාය යයි - කොවිඩ් සැකය එයි : සෙබළාගේ පියාට සහ සහෝදරයාට ප්‍රහාරයක් !

රණවිරු ගාය යයි - කොවිඩ් සැකය එයි : සෙබළාගේ පියාට සහ සහෝදරයාට ප්‍රහාරයක් !

වාරියපොළ නෑටිය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි නාවික හමුදා සාමාජිකයෙකුගේ පියාට සහ සොයුරාට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වාරියපොළ පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි .

පහර දීමෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වාරියපොළ දිසා රෝහලට ඇතුළත් කර තිබේ .

යාපනය නාවික හමුදා කඳවුරක සේවය කරන වාරියපොළ නෑටිය පදිංචි තම පුතුගේ සිඟිති දරුවාගේ අසනීපයකට අවශ්‍ය ඖෂධයක් රැගෙන පැමිණි අවස්ථාවෙිදි ඔවුන් කොරෝනා  වෛරසය ආසාදිතයන් යැයි සැක  කරමින් එම පහර දීම සිදුව ඇතැයි වාර්තා වේ .

පහරදීමට ලක්වූ පියපුතු දෙපළ ගනේවත්ත පදිංචිකරුවන් වේ .

එම නාවික හමුදා සාමාජිකයා මෑතකදී තම නිවසට පවා පැමිණ නැති බවද ඔහු කොරෝනා වයිරසය ආසාදනය වූවෙකු බවට තොරතුරු ලැබී නැති  බවද පොලීසිය කියයි . 

(Lankadeepa)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න