සංවර්ධන නිලධාරි සේවා සංගමයෙන් රතු එළියක් !

සංවර්ධන නිලධාරි සේවා සංගමයෙන් රතු එළියක් !
දැඩි අවධානම් සහගත තත්වයන් දරාගනිමින් රාජකාරී ඉටු කළද සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කිසිඳු ගැටළුවකට විසඳුමක් ලබා දී නැති බව වාර්තා වෙයි.
 
ඒ හේතුවෙන් මැයි 06 දිනට පෙර පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් අතිරේක රාජකාරී වලින් ඉවත්වන බව දැනුම් දෙමින් රාජ්‍ය  පරිපාලන අමාත්‍යංශ ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය අවධාරණය කර ඇත .
 
එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.
 
ලේකම්,

එස්. හෙට්ටිආරච්චි මහතා,
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරස‍්‍රය - කොළඹ 07.
ලේකම්තුමනි,

මැයි 06 දිනට පෙර පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් අතිරේක රාජකාරී වලින් ඉවත්වන බව දැනුම් දීම.

#Covid-19 වසංගත තත්වය යටතේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය පාලනයට අයත් ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සංවර්ධන නිලධාරීහු සැලකිය යුතු රාජකාරියක් ඉටු කරමින් සිටිති.

පසුගිය මාර්තු සහ අපේ‍්‍රල් මාසවල දී පවතින දැඩි අවධානම් සහගත තත්වයන් දරාගනිමින් රාජකාරී ඉටු කළද සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කිසිඳු ගැටළුවකට විසඳුමක් ලබා දී නැත.

#Covid-19 වසංගත තත්වය හමුවේ ජනතාව වෙනුවෙන් වසම තුළ ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙන්ම සමානව කාර්යභාරයක් ඉටු කරන අතර දීමනා සහ පහසුකම් මෙන්ම චක‍්‍රලේක මගින් ආවරණය කිරීමේ දී ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සංවර්ධන නිලධාරීන් නොසලකා හැර ඇත.

02. මුව ආවරණ, අත් ආවරණ ඇතුළු ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා නොදීම.
03. සමෘද්ධි සංවර්ධන හා ග‍්‍රාම නිලධාරීන්ට මෙන්ම අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන ආර්ථික සංවර්ධන හා සංවර්ධන නිලධාරීන්ට දීමනා ලබා නොදීම.
04. රු.5000/- ගෙවීමේ දී වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ට ගෙවීම් සහතික කිරීමට අදාළ වවුචරයේ ඉඩක් ලබා නොදීම.
05. වසම් මට්ටමින් ජනතාවට අවශ්‍ය ඖෂධ, ආහාර ද්‍රව්‍ය සැපයීම හා නිරෝධායන කටයුතු සොයා බැලීම සඳහා යෙදෙන සංවර්ධන නිලධාරීන්ට ඉන්දන වියදම් පෞද්ගලිකව දැරීමට සිදුවීම හා ඒ සඳහා දීමනාවක් ලබා නොදීම.
06. ජනාධිපති කාර්යාලය, අග‍්‍රාමාත්‍ය කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මගින් නිකුත් කරන චක‍්‍රලේක තුළ ආර්ථික සංවර්ධන නිලධාරී/ සංවර්ධන නිලධාරී නම් කර වගකීම් නොපැවරවීම හා නොසළකා හැරීම.

යන ගැටළු සඳහා මැයි 06(බදාදා) දින වන විට පිළිගත හැකි විසඳුමක් අපේක්ෂා කරන අතර උක්ත ගැටළු වලට විසඳුමක් නොලැබුණහොත් මැයි 06 න් පසු අතිරේක සියලූම රාජකාරී වලින් ඉවත්වන බව මෙයින් දන්වා සිටිමු.

#Covid-19 වසංගත තත්වය පරාජය කිරීම අප කාගේත් වගකීමක් වන අතර එම අවධානම් තත්වය හමුවේ ජනතාවට සෘජුවම නිරාවරණය වෙමින්, ජීවිත අවධානම් තත්වයන් දරාගනිමින් සේවයේ යෙදෙන රාජ්‍ය සේවකයින් රැකගැනීම ආණ්ඩුවේ යුතුකමක් මෙන්ම වගකීමක් බවද සඳහන් කරමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි සම්බන්ධීකරණය
ප‍්‍රධාන ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න