පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව තැන් තැන් වල පවත්වන සාකච්ඡාව කිසි තේරුමක් නැති බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ය අද (04) අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව සම්බන්ධව අදහස් දක්වමින් ය.
ඒකාබද්ධ විපක්ෂයේ සිටි කෙනෙකු හැටියට තමන් රාජපක්ෂ බල තණ්හාව ගැන හොඳින් දන්නා බවත් ඉතා දින 52 ආණ්ඩුවේ දී ඔහුට උපදෙස් දුන් පිරිස ම අදටත් දෙමින් සිටින බවත් හිටපු අමාත්‍යවරයා පැවසී ය.
එහිදී වැඩිදුරටත් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම දැක්වූ අදහස් මෙසේ ය.
අද අග්‍රාමාත්‍ය තුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ම අරලියගහ මන්දිරයට කැඳවන්න කතා කරා. සමගි ජනබලවේගයත් අනෙකුත් පක්ෂත් අගමැතිතුමා එක්ක සාකච්ඡා වට දෙකක් තිබ්බා. එම වාර දෙකේදිම කිවයුතු දෙවල් අගමැතිතුමා සමග කතා කරා. ඊට අමතරව සමගි ජනබලවේලය ජනාධිපතිතුමාවත් හම්බ වුණා. ඒ අවස්ථාවේදීත් අපේ නායකතුමා සහ මහලේකම්තුමා රටේ තත්වය පිළිබඳව සහ ගත යුතු පියවරයන් ගැන විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා. නමුත් ඒ අවස්ථා තුනේම කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ.
අප්‍රෙල් මාසේ 30 වැනිදායින් පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුදල් සම්බන්ධව තීරණ ගැනීමට ජනාධිපතිතුමාට කිසිම හැකියාවක් නැහැ. අපි යන්න ඕනේ ව්‍යවස්ථාවට අනුව. ව්‍යවස්ථාවට පිටින් කිසිම දෙයක් කරන්න බැහැ. බල රහිත ඇඳිරිනීත්යක් දැම්මා කියලා අපි ඒ ගැන අහන්න ගියේ නැහැ. මොකද මේ තත්වය යටතේ බල රහිත වුණත් රටට සෙතක් වෙනවා ඇඳිරිනීතිය දැමීම. පාර්ලිමේන්තුව කැඳවන්න. අපිට වැටුප් අවශ්‍ය නැහැ, කිසිම වරප්‍රසාදයක් අවශ්‍ය නැහැ. කෑම වේලක්, තේ එකක්වත් අපිට ඕනේ නැහැ. නමුත් අපි පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ මේ කොරෝනා තත්වය යටතේ ගත යුතු තීන්දු තීරණ වලට සහයෝගය දෙන්නයි. පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්නම් ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි මොකද දැනටමත් කීපදෙනෙක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පවසලා තියෙනවා. එතනින් අපිට ඒක කරගන්න පුළුවන්. කැඳවන්න පුළුවන්කම තියෙද්දිත් අගමැතිතුමා 225 කැඳවනවා අරලිය අරලියගහ මන්දිරයට නිල නොවන ආකාරයට. ඒක නිල නොවන කැඳවීමක්. අපිට අරලියගහ මන්දිරයට ගිහිල්ලා කෑම කාලා තේබීලා එන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ හිටපු කෙනෙක් හැටියට මම දන්නවා රාජපක්ෂවරු වැඩ කරන විදිහ ගැන. හොඳම උදාහරණය තමයි දින 52. ඒ අවස්ථාවේදීත් මම ජීඑල් පීරිස් මහත්තයාගේ ගෙදරදීත් මහින්ද මහත්තයාට කෑගහලා කිව්වා අගමැතිකම ගන්න එපා කියලා. රටට වැඩ කරන්න ඕනේ නිසා නෙවෙයි ගත්තේ තියෙන බල තන්හාව නිසයි. අවසානේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ඒක දීල යන්න වුණා. එදා උපදෙස් දීපු අයම තමයි එතුමාට අද උපදෙස් දෙන්නෙත්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රට ඉදිරියට යාමේ ක්‍රමයක් සකස් වෙනවා කියලා අපි දන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා වෙලේ රට වැහුවා නම් අද මෙවැනි තත්වයක් උදාවෙන්නේ නැහැ. ඒ වගේම අපිට සහ රටේ මිනිස්සුන්ට සැකයක් තියෙනවා මේ කොරෝනා දත්තයන් හරිද කියන එක ගැන. මේ වෙලාවේ පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව නිකන් තැන් තැන් වල සාකච්ඡා කරන එක කිසිම තේරුමක් නැහැ කියලයි මම කියන්නේ.

