බණ්ඩාරනායකපුර පොකුරෙන් තවත් ආසාදිතයෙක් : 30ක් නිරෝධායනයට !

බණ්ඩාරනායකපුර පොකුරෙන් තවත් ආසාදිතයෙක් : 30ක් නිරෝධායනයට !

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  රෝගියෙකු රාජගිරිය – බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් අද(05) දින පෙරවරුවේ සොයාගෙන ඇත.

මේ අය හමුවීමෙන් අනතුරුව රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති වාර්තා වෙයි.

ත්‍රීරෝද රථ රියදුරෙකු වන මෙම හඳුනාගත් අසාදිත පුද්ගලයා පසුගිය පළමුවන දින සාදයක් ද පවත්වා ඇති බව ප්‍රදේශවාසීහූ පවසා තිබේ. හදුනාගත් ආසාදිත පුද්ගලයා නිවස තුළම නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙක් වීම විශේෂත්වයකි.

බණ්ඩාරනායකපුර ප‍්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර කිසිවෙකුට ඉන් ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකිය.

මීට පෙර ඇතමුන්  පවසා සිටියේ මෙරට  කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තවීම සිදුකළ එක් පොකුරක් වූ මෙම බණ්ඩාරනායකපුර පොකුර නිවාදමා ඇති බව වුවත් එය සත්‍යයක් නොවන බව මෙයින් පැහැදිලි වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න