මුදලට සිදුකරන නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධව මේ අයට විදෙස්ගත සිසුන්ගේ මාපියන් ද මැසිවිලි නගමින් සිටියි.
ඒ ලංකාවට පැමිණි තම දරුවන් ට නිරෝධායනය සඳහා යොමු කිරීමේ දී අය කරනු ලබන මුදලට කිසිසේත්ම නොගැළපෙන ආකාරයේ පහළම මට්ටමේ සේවාවක් ලබා දෙන බවට චෝදනා නගමින් ය.
මේ අතර රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය සඳහන් කර සිටින්නේ මුදල් අය කර සිදුකරන නිරෝධායනය රෝගීන් ගේ අයිතිවාසිකම් කඩකිරීමක් ලෙසය.
නිවේදනයක් නිකුත් කරමින් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය මේ බව සඳහන් කරන අතර එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 රෝගය පාලනය සදහා ක්‍රියාත්මක වැඩ පිළිවෙල,ලෝකයේ අන් සියලු දියුණුයැයි පැවසෙන රාජ්‍යන් මගින් සිදුකරන වැඩසටහන් හා සාපේක්ෂව ඉතාමත් විශිෂ්ඨ මට්ටමක පවතින බව ජාත්‍යන්තර පිළිගැනීමයි.අතිගරැ ජනාධිපතිතුමා,සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුලු රාජ්‍ය සේවක ප්‍රජාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.
කිරි කළයට ගොම !
එහෙත් “කිරි කළය කට ගොම එකතු වන්නා සේ ” සිදුවන සිද්ධිදාමයක් පිළිබදව වාර්තා වෙමින් පවතී.එනම් දිනකට රැ 7500 ක මුදලක්අය කරගනිමින් ,රෝගීන් නිරෝධායනය සදහා වු වැඩ පිළිවෙළයි.මුදලට නිරෝධායනය සිදු කිරීම, නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින රටක සිදුවන පිළිකුල් සහගතම වැඩපිළිවෙලක් බව ප්‍රකාශ කල යුතුය.නිදහස් සෞඛ්‍ය සේවයක දී “ ඇති හැකි අයට එක් නීරෝධායන ක්‍රමයක් සහ නැති බැරි අයට එක් ක්‍රමයකුත් පැවතිය නොහැකිය.සියල්ලන්ම රෝගීන් මිස ධනවතුන් හෝ දුප්පතුන් නොවේ.
“එක හා සමානවම ආවරණය වන පරිදි ගුණාත්ම තත්තවයෙන් ඉහල සෞඛ්‍ය සත්කාර ලබා ගැනීමේ අයිතිය රෝගියා සතුය.කිසිදු රෝගියෙකුගේ ලිංගිකත්වය,ජාතිය,ආගම,කුළය,ප්
මේ ඉහත දක්වා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබදව දක්වා ඇති උපමානයයි.මුදලට නිරෝධායනය සිදු කිරීම මගින් සිදු කර ඇත්තේ රෝගීන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමය.ජනතාවගේ බදු මුදලින් පෝෂණය වන නිදහස් සෞඛ්‍ය සේවාවන් සැපයීමේ දී රෝගියාගේ මුදල් වැය කිරීමේ හැකියාව පිළිබදව නොසලකා කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර පිළිගැනීමයි.
ක්ෂේත්‍ර නිළධාරීන් රැක ගනිමු-සෑම ග්‍රාමසේවා වසමකම සෞඛ්‍ය පහසුකම් නංවන්න.
කොවිඩ්-19 වසංගත රෝගය පැතිරීමත් සමගම ලාංකීය ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම සදහා රජය මගින් කේෂ්ත්‍ර නිළධාරීන් වඩාත් කාර්යක්ෂම ලෙස සේවයට යොදවා ගෙන ඇති බව පෙනෙන්නට ඇති කරැණකි.
සෞඛ්‍ය අංශයට අයත් නොවන ග්‍රාම නිළධාරීන්,සංවර්ධන නිළධාරීන්,සමෘධි නිළධාරීන් සහ කෘෂි නිළධාරීන් ඇතුථමෙම නිළධාරීන් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත පහසුකමක් නොමැතිව ග්‍රාමීය මෙන්ම නාගරික මට්ටමින්ද ජනතාව සමග උරෙන් උර ගැටී සේවය කරනු දක්නට ලැබේ.එහෙත් කණගාටුව කරැණ වන්නේ මෙම කිසිදු නිළධාරියෙතු සදහා රජය මගින් සෞඛ්‍ය ආරක්ෂාව සදහා අවශ්‍ය පහසුකම් සපයා නොතිබීමයි.
පසුගිය සති දෙක තුළ මෙම නිළධාරීන් රැපියල් 5000 දීමනාව ජනතාව වෙත ලබාදීම සදහා ඇසුර කරන්නට යෙදුන ජන ප්‍රමාණය, ආරක්ෂක අංශ සහ පොලිස් සේවයට වඩා වැඩි ප්‍රමාණයක් වේ.අවාසනාවට හෝ මෙම එක් කේෂ්ත්‍ර නිළධාරියෙකුට හෝ කෝවිඩ්-19 සම්ප්‍රේෂණය උවහොත් සිදුවන විනාශය කිව නොහැකි තරම් වනු ඇත.එසේ වුවහොත් ග්‍රාම සේවා වසම්,ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාල,දිස්ත්‍රික් ලේකම් කාර්යාල දක්වා වසා දමන්නට සිදු වනු ඇති.මෙම සියලු කරැණු සලකා බලා සෞඛ්‍ය අමාත්‍යංශය සහ ස්වදේශී කටයුතු අමාත්‍යංශය ක්ෂණික පියවර ගනු ඇතැයි අපේ අපේක්ෂාවයි.
මේ සදහා වු අපගේ යෝජනා මෙසේ දක්වමු !
01 ග්‍රාමසේවා වසම් මට්ටමින් ජනතාව රැස්වන සේවා පියස් කාර්යාල,ග්‍රාම නිළධාරී කාර්යාල ප්‍රජා ශාලා සියල්ල විෂබීජ හරණයකිරීම
02 කේෂ්ත්‍ර නිළධාරීන් සදහා ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය ආරක්ෂිත මුව වැස්මක්,අත් වැස්මක්,විෂබීජ නාෂක අත් සේදුම් කාරක (Hand Sanitizer) ලබා දීම
03 සෑම ග්‍රාම සේවා වසමක් සදහාම උෂ්ණත්ව මාපකයක්(Thermometer) ලබා දීම.
04 සෑම ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයකටම ඉහත සියලුම පහසුකම් ලබා දීම.
ධම්මික එදිරිසිංහ -සභාපති
රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය-

