ප්‍රංශය නැවත විවෘත කිරීමේ ආණ්ඩුවේ සැළසුම පාර්ලිමේන්තුවේ දී පරාජය වෙයි....

ප්‍රංශය නැවත විවෘත කිරීමේ ආණ්ඩුවේ සැළසුම පාර්ලිමේන්තුවේ දී පරාජය වෙයි....

මැයි මස 11 වැනිදා සිට ප්‍රංශ රාජ්‍ය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ නැවත විවෘත කිරීමේ සැළසුම ප්‍රංශ අග්‍රාමාත්‍ය එදුආර් ෆිලිප් ( Édouard Philippe ) විසින් ඊයේ (04) පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කරනු ලැබුවද, පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් එය ප්‍රතික්ෂේප කරණු ලැබීය.

අගමැතිවරයා විසින් ඉදුරිපත් කරනු ලැබූ එම කෙටුම් පත දැඩි ලෙස විවාදයට ලක් වූ අතර, ඊට පක්ෂව ඡන්දය පුකාශ කරණු ලැබුවේ 81 දෙනකු පමණයි. කෙටුම්පතට එරෙහිව ඡන්ද 89 ක් ලැබුණු අතර, 174 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.

මේ අනුව අගමැතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ සැළසුම වැඩි ඡන්ද 08 න් පරාජයට පත් විය.

ප්‍රංශයේ ආණ්ඩු බලය හොබවන්නේ ජනාධිපති එම්මානුඑල් මැක්‍රොන්ගේ La République en Marche පක්ෂය යි.

anne hidalgo 12022014මේ අතර, මෙම විවෘත කිරීම දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක් කරමින් පැරිස් මහ නගර සභාවේ නගරාධිපතිනිය වන ආන් ඉදල්ගො ( Anne Hidalgo ) ඇතුලු Ile - de - France කලාපයේ නගරාධිපතිවරුන් 329 ක් එක්ව , ජනාධිපති මැක්‍රොන් වෙත පසුගිය ඉරිදා ලිපියක් යොමු කරනු ලැබීය.

සෞඛ්‍ය උපක්‍රම පිළිබඳව විශ්වාසයක් නැති බවත්, රට නැවත විවෘත කිරීමට ගන්නා උත්සාහය ඉක්මන් වැඩි බවත්, පවසන මෙම නගරාධිපතිවරු , එම ලිපියෙන් දන්වා ඇත්තේ රට නැවත විවෘත කිරීමේ දිනය කල් දමන ලෙසයි.

මේ අතර, පාසල් විවෘත කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බව දැනටමත් නගරාධිපතිවරුන් ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම විරෝධතා අතර තුර ජනාධිපති මැක්‍රොන් අද (05) ‍Yvelines හී පිහිටි පාසලක නිරීක්ෂණ සංචාරයකට සහභාගී වූ අතර, එහිදී මාධ්‍ය වේදීන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට ඔහු පිළිතුරු ලබා දුන්නේය.

" අපිට හැමදාම කොටු වී සිටිය නොහැකියි. රට නැවත විවෘත කිරීම අත්‍යාවශ්‍ය පියවරක්. " ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවසීය.

" හදිසි තත්ත්වය මත විවෘත කිරීම ප්‍රමාද කළ යුතු නමුත්, වසා තැබීමෙන් සිදුවන සමාජ හා ආර්ථික පිරිවැය අති විශාලයි." යැයි ජනධාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත්, පැරිස් කලාපයේ නගරාධිපතිවරු සියලු දෙනාම පාහේ ලබන සතියේ සිට පාසල් විවෘත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

එහෙත් ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පවසන්නේ පාසල් වසා දැමීම නිසා ළමයින් සහ නව යෞවුන් වියේ පසුවන්නන් වඩාත් අවදානමට ලක් විය හැකි ව්‍යසනයක් සිදුවිය හැකි බවයි.

" පාසල් වසා දැමීම බොහෝ විට කාල බෝම්බයක් විය හැකියි." යැයි අගමැතිවරයා අනතුරු අඟවන අතර,  ප්‍රංශයේ පාස්චර් ආයතනය කොවිඩ් -19 , ප්‍රංශය තුළ රැඳුණු ආකාරය පිළිබඳව අධ්‍යයනයක් සිදු කොට ඇත.

ඔවුන්ට අනුව ජනවාරි 24 සිට මාර්තු 24 දක්වා කාලය තුළ ප්‍රංශ භුමිය පුරා විසිරී ඇති කොවිඩ් -19 වෛරසයේ විකෘතිවීමක් සිදුවී ඇති බව පෙන්වා දෙයි. මේ සඳහා ඔවුන් අහඹු ලෙස ලබා ගන්නා ලද වෛරස ජාන 97 ක් විශ්ලේෂණය කර ඇත.

ප්‍රංශයේ සංසරණය වන මෙම වෛරස් වර්ගවලින් 90% ක් ම එකම පවුලකට අයත් බවත්, එය විද්‍යාත්මකව ක්ලඩ් ( Clade ) ලෙස හඳුන්වනු ලබන බවත් ඔවුහු පවසති.

පාස්චර් ආයතනයේ මෙම අධ්‍යයනයට අනුව මෙම Clade ය ජනවාරි මැද දක්වා පැවැතිය හැකි බවත් , ඒ නිසා ප්‍රවේසම් විය යුතු බවත් පෙන්වා දෙයි.

මෙම අධ්‍යයනයට සහභාගී වූ පුද්ගලයෙකුවන Etienne - Simon - Lorière පවසන්නේ , මෙම වෛරසය වෙනත් මාර්ග වලින් ද පැමිණීමට ඇති හැකියාව බැහැර කළ නොහැකි බවයි.

මේ තත්ත්වය අනුව ප්‍රංශයේ වෛරස් වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා වෛරස වර්ග කිහිපයකින් ප්‍රංශ ජනතාව පීඩාවට පත් වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

ppසුනිල් ගාමිණී ( ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙනි. )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න