ජනතාවගෙන් කරුණු වසං කිරීම සඳහාත් ජනතාව නොමඟ යැවීමේ අරමුණින් ද පසුගිය රජයට මඩ ගසන චේතනාවෙන් පදනම් විරහිත දේශපාලණික පිළිතුරක් එවීම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ට තරම් නොවන බව අවධාරණය කරමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ජනාධිපති ලේකම් පී බී. ජයසුන්දර වෙත ලිපියක් යොමුකර ඇත.
මේ ලිපිය අද (05) හිටපු අමාත්‍යවරයා යවා ඇත්තේ ඊට පෙර අමාත්‍යවරයා විසින්ම ජනාධිපති වෙත යොමුකළ ලිපියට ජනාධිපති ලේකම් විසින් එවූ පිළිතුරු ලිපියට ප්‍රතිචාර දක්වමින් ය.
එසේම පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල අභිබවා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට හැකි වනුයේ මැතිවරණයෙන් පසුව ඇරඹෙන අභිනව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මාස තුනක කාලයක් සඳහා පමණක් බවත් එබැවින් , අප්‍රේල් 30 වැ
හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.
මංගල සමරවීර
மங்கள சமரவீர
MANGALA SAMARAWEERA
05.05.2020
ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා
ජනාධිපති ලේකම්
ජනාධිපති කාර්යාලය
කොළඹ 01.
ලේකම්තුමනි,
2020 අප්‍රේල් 28 වන දින අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද මාගේ ලිපියට එවන ලද ඔබගේ පිළිතුර සම්බන්ධයෙනි.
පදනම් විරහිත මඩ ලියන්න එපා : පීබී තනතුරේ ගෞරවයවත් රකින්න !
උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලමින් ජනාධිපතිතුමා වෙත පසුගිය 28 වනදා ඉදිරිපත් කරන ලද ලිපියේ වැදගත් කාරණය සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දීම පසෙකලා පරිබාහිර වෙනත් කරුණු කිහිපයක් මතු කරමින් පිළිතුරක් ඉදිරිපත් කිරීම පිළිබඳව අතිශයින් කණගාටු වෙමි. ජනතාවගෙන් කරුණු වසං කිරීම සඳහාත් ජනතාව නොමඟ යැවීමේ අරමුණින් ද පසුගිය රජයට මඩ ගසන චේතනාවෙන් පදනම් විරහිත දේශපාලණික පිළිතුරක් එවීම ඔබ වැනි ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ට තරම් නොවටිනා බව ප්‍රකාශ කරමි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතියයි. එම නීතිය කඩ නොකර ආරක්ෂා කරන බවට විශේෂයෙන් රටේ පාලකයන් ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දෙනු ලබන්නේ නීතියෙන් තොර රටක් පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකි යන්න උදාර සංකල්පය මතයි. රජයන් බිහි වන්නේ ද එම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ය.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය අර්බුදයක් !
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය අර්බුදයක් නිර්මාණය වී ඇත. එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර ඇති නමුදු එහි සඳහන් දිනවලට පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට බැරිවී ඇත. එමෙන්ම එම ගැසට් නිවේදනයේම සඳහන් පරිදි විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් අවසන් වීමට මත්තෙන් එනම්, ජුනි 02, අභිනව පාර්ලිමේන්තුව රැස්කිරීමට ද නොහැකිය.
යථෝක්ත සංදර්භය තුළ ඔබගේ ලිපියේ සඳහන් ආකාරයට මෙන්ම හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා විචාරකයන් ද පවසන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ලැබෙනුයේ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත දින සිට ඉදිරියට මාස තුනක කාලයක් සඳහා පමණි.
2019 නොවැම්බර් මස බලයට පත්වු පොදුජන පෙරමුණු රජයට ඔවුන්ගේ නොහැකියාව මත 2020 වසර සඳහා අය වැයක් සම්මත කර ගත නොහැකිවීම මේ සියලු අර්බූදවලට හේතු විය. 2020 අප්‍රේල් 30 දිනෙන් පසුව රාජ්‍ය මුදල් වැය කිරීමට අදාළ වන පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සම්මත කළ විසර්ජන පනතක් හෝ අතුරු සම්මත ගිණුමක් නොමැති බව සවිස්තරාත්මකව ජනාධිපතිවරයා අමතන ලද මාගේ අප්‍රේල් 28 ලිපියෙන් අවධාරණය කර ඇත්තෙමි.
අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කරන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට තිබෙන බලතල ඔප්පු කරන්න !
ඒ අනුව පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල අභිබවා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට හැකි වනුයේ මැතිවරණයෙන් පසුව ඇරඹෙන අභිනව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මාස තුනක කාලයක් සඳහා පමණි. එබැවින්,අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කරන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට තිබෙන බලතල ඔප්පු කරන්නැයි ජනාධිපතිවරයාට හා රජයට අභියෝග කරමි.
කෙසේ වෙතත්, ව්‍යවස්ථාවේ 150(4) ප්‍රතිපාදන යටතේ මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළ වියදම් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමටත් වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත. එම තත්ත්වය යටතේ හැර යථෝක්ත ව්‍යවස්ථාවේ - එනම් 150(3) - ප්‍රතිපාදන වලින් පරිබාහිරව රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට හා වැය කිරීමට ජනාධිපතිවරයාට නිසි බලයක් පවරන ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැත.
අප්‍රේල් 30 එවපු ලිපිය තේරුණාද ?
ඒ අනුව මා විසින් ජානාධිපති තුමා වෙත එවන ලද ලිපියෙන් ද අවධාරණය කර ඇත්තේ 2020 අප්‍රේල් 30 වෙනිදා සිට කවදා හෝ යළි පාර්ලිමේන්තුව කැඳවන තෙක් රාජ්‍ය මුදල් වැය කිරීම පිණිස නීත්‍යනුකූල බලයක් ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බවයි. 2020 ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබුනා වුවද අභිනව පාර්ලිමේන්තුව රැස් වන්නේ කවදාද යන්න නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
තේරුම් ගන්න : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාර රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පුර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුයි !
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාර රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පුර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන බවද මෙහිදී සඳහන් කරමි.
2019 නොවැම්බර් 16 වෙනි දින පැවතී ජනාධිපතිවරණයෙන් පිහිටුවන ලද සුළුතර ආණ්ඩුවට මේ වන විට මාස 5 කට අධික කාලයක් ගතවී ඇතත් විසර්ජන කෙටුම්පතක් හෝ මාස කිහිපයකට බලපාන පරිදි අතුරු සම්මත ගිණුමක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අපොහොසත් වී ඇත.
2015 ජනවාරි මාසයේ බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය ප්‍රමූඛ ආණ්ඩුවද මාස 9ක් පුරාවට පැවතියේ සුළුතර ආණ්ඩුවක් වශයෙන් බවද සිහිපත් කරමි. එසේ වුවත් පක්ෂ විපක්ෂ සැමගේ කැමැත්ත ලබාගත හැකි ආකාරයට 2015 වර්ෂය සඳහා අයවැයක් 2015 ජනවාරි මාසයේදීම ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගෙන සම්මත කර ගැනීමට අපට හැකි විය.
2019 නොවම්බර් 16 වෙනිදායින් පසුව ඇරඹුන වර්තමාන සුළුතර ආණ්ඩුව විසින් පොදුවේ පාර්ලිමේන්තුවේ බහුතරයට එකඟ විය හැකි අතුරු සම්මත ගිණුමක් හෝ අයවැයක් ඉදිරිපත් කිරීමට දිගින් දිගටම අපොහොසත් වී මැසිවිලි නැගීම, ස්වකිය වගකීම් පැහැර හැරීමක් වෙනවා මෙන්ම කණගාටුදායක තත්වයක් මතු කරන්නකි.
සීමාව ඉක්මවා ලබාගන්නා ලද ණය වල නීත්‍යනුකූල භාවය සම්බන්ධව පවා ප්‍රශ්නයක් !
2020 අප්‍රේල් 30 න් පසුව නීත්‍යනුකූලව ක්‍රියාත්මක කළ හැකි අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් හෝ පාර්ලිමේන්තුව විසින් මේ දක්වා සම්මත කර නොමැත. පසු ගිය රජය මගින් සම්මත කරන ලදුව 2020 අප්‍රේල් 30 වනදායින් අවසන් වූ අතුරු සම්මත ගිණුම ද මෙම රජය විසින් දැනටමත් උල්ලංඝණය කර තිබේ. එම අතුරු සම්මත ගිණුම අනුව ලබාගත හැකි වූ ණය සීමා ව වූයේ රු බිලියන 721 කි. එහෙත් මෙම රජය නීතිවිරෝධී ලෙස, පාර්ලිමේන්තුව විසින් අනුමත එම සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇත. එමගින් රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය අර්බූදයකට තල්ලු කර ඇති අතර අනාගතයේ දී පත්වන රජයකට එසේ සීමාව ඉක්මවා ලබාගන්නා ලද ණය වල නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් සලකා බැලීමට සිදු වනු ඇත.
එබැවින්, පත්ව ඇති මේ අවදානම් අවස්ථා සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහාය ලබා ගෙන 2020.04.30 සිට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු අභිනව පාර්ලිමේන්තුව යළි රැසකරණ තෙක් රාජ්‍ය සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට වහා පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතු යැයි අවධාරණය කරමි.
මෙයට - විශ්වාසී,
මංගල සමරවීර
හිටපු මුදල් අමාත්‍ය
පිටපත්:-
ගරු මහින්ද රාජපක්ෂ මහතා - අග්‍රාමාත්‍ය
ගරු සජිත් ප්‍රේමදාස මහතා - හිටපු විපක්ෂ නායක
ගරු රනිල් වික්‍රමසිංහ මහතා - නායක, එක්සත් ජාතික පක්ෂය
කරු ජයසූරිය මහතා - හිටපු කථානායක
ආර් සම්බන්දන් මහතා - නායක, ද්‍රවිඩ ජාතික සන්ධානය
අනුර කුමාර දිසානයක මහතා - නායක, ජනතා විමුක්ති පෙරමුණ
රවුෆ් හකීම් මහතා - නායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
රිෂාඩ් බදියුදීන් මහතා - නායක, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය
මනො ගනේෂන් මහතා - නායක, දෙමල ප්‍රගතිශීලි සන්ධානය
පී. දිගම්බරම් මහතා - නායක, ජාතික කම්කරු සංගමය

