09 වන මරණයත් වාර්තා වෙයි : සමීපතමයින් 15ක් නිරෝධායනයට !

 09 වන මරණයත් වාර්තා වෙයි : සමීපතමයින් 15ක් නිරෝධායනයට !

ශ්‍රී ලංකාවේ වාර්තා වන කොවිඩ් 19 වෛරසය  ආසාදිත 9 වන මරණය අද (05) වාර්තාවූ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඒ බව තහවුරු කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන ආකාරයට මෙසේ මිය ගොස් ඇත්තේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්කාවකි.

ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක කාන්තාවක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කොවිඩ් 19  ආසාදනයෙන් අද  දිනයේ මිය ගිය කාන්තාව වාසය කළ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි සමීපතමයින් 15 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බව මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ සඳහන් කළේය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රී මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇය අද අළුයම අයි.ඩි.එච්.රෝහල වෙත මාරුකර යවා ඇති බව සදහන්ය.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ අද දහවල්  අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව මියගොස් ඇති බවයි.

මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 755 ක් වන අතර සුවය ලැබු ආසාදිතයින් ගණන 197 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න