ගෝඨාභය ජනපතිගේ අභ්‍යන්තර කවය ජාත්‍යන්තරයට !

ගෝඨාභය ජනපතිගේ අභ්‍යන්තර කවය ජාත්‍යන්තරයට !

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉහලම නිලතල වලට පත්කර තිබෙන බලධාරීන්ගේ බොහොමයකගේ යෝග්‍යතාව ප්‍රශ්න කරන වාර්තාවක් ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.

යැස්මින් සූකාගේ නායකත්වයෙන් යුත් 'සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය' (ITJP) සිය අලුත්ම වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුගේ අලුත් ආණ්ඩුවේ නිලතල වලට පත්කරගෙන තිබෙන අභ්‍යන්තර කවය හඳුන්වා ඇත්තේ  “යුද අපරාධ චෝදනා ලද්දවුන් සහ දූෂණ වංචා සම්බන්ධයෙන් කලින් චෝදනා ලද නිලධාරීන්ගේ පුදුමාකාර එකතුවක්” ලෙසිනි.

එම සංවිධානය විසින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි තෙබසින්ම සවිස්තර රූප සටහන් ද සහිතව ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු වලට අනුව යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ආරක්ෂක ලේකම් සහ ජාතික බුද්ධි ප්‍රධානී වැනි  ජනාධිපතිගේ ගජබා රෙජිමේන්තුවේ ජෙනරාල් වරුන් සහ බ්‍රිගේඩියර් වරුන් හය දෙනකු ඊට ඇතුලත් වෙයි. 

ඒ අතරින් වර්තමාන යුද හමුදාපති ඇතුළු ගජබා රෙජිමේන්තුවේ ජනරාල්වරුන් දෙදෙනකුම 1989 දී ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අණ යටතේ මාතලේ රාජකාරි කළ අයයි. ඔහු මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක වී සිටි ඒ සමයේ නිල වාර්තා වල දැක්වෙන පරිදි හමුදා හා පොලිස් අත් අඩංගුවේ දී අතුරුදහන් වූ සිංහලයන් සංඛ්‍යාව අඩුම වශයෙන් හත්සියයකි. විශාලත්වයෙන් මන්නාරමට පමණක් දෙවැනි වන සමූහ මිනීවල දැනට හමුවී ඇත්තේ මාතලේ විජය විද්‍යාලයෙනි.

cover Gotabaya 2020.05.05 
“ශ්‍රී ලංකාව දැන් පාලනය කරනු ලබන්නේ 1989 හා 2009 දෙකේදීම ස්වකීය පුරවැසියන් දසදහස් ගණනින් මරාදැමීමේ චෝදනාවලට තමන්ගේ ඇති සම්බන්ධය ගැන මෙන්ම, දුෂණ වංචා චෝදනා ගැනත් අධිකරණයක දවසක උත්තර බඳින්නට සිදුවන හමුදා නිලධාරීන් බොහොමයකින් සැදුම් ලත් එකතුවක් විසිනි,”  යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය.
 
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කරගන්නා ලද එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ යෝජනා මාලාවකින් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ මහත් බලාපොරොත්තු සහගත සංක්‍රමණික වැඩසටහනක කලින් ආයෝජනය කරන ලදී. ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණත් සෝදිසිය සහ සුපරීක්ෂණයත් එහි අංගයක් වූ බව ITJP සිහිපත් කර දෙයි.
 
“මෙවන් හමුදා සෙන්පතියන් බලයේ සිටිනා කල මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් එම රටේ සෝදිසියට සහ සුපරීක්ෂණයට ලක් නොකෙරෙන බව පැහැදිලිය. කෙසේවෙතත්, මෙම සාරධර්ම රක්ෂා කිරීමේ යුතුකම රඳා පවතින්නේ ජිනීවා යෝජනා සඳහා අනුග්‍රහය දැක්වූ සාමාජික රටවල් අතයැ,” යි යැස්මින් සූකා වැඩිදුරටත් කියා තිබේ.
 
වාර්තාව, රූප සටහන් සහ බලධාරීන්ගේ තොරතුරු ගොනු මෙතැනින්.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න