තවමත් නිල නිවාස නොදුන් ඇමති ලැයිස්තුව මෙන්න !

තවමත් නිල නිවාස නොදුන් ඇමති ලැයිස්තුව මෙන්න !

හිටපු ඇමතිවරුන් 20 දෙනෙකු තවමත් නිල නිවාස භාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යාංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි සඳහන් කරන ආකාරයට මෙම හිටපු ඇමතිවරුන්ට එරෙහිව එළඹෙන සතියේ නඩු පැවරීමේ තීරණයක් ගෙන තිබේ.

කොළඹ බෞද්ධාලෝක මාවත, කැප්පෙටිපොල පාර, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත , ලොරිස් නිවාස සංකීර්ණය හා විජේරාම මාවතේ මෙම නිවාස පිහිටා ඇත.

ඒ අනුව මෙලෙස නිවාස භාරදී නොමැති හිටපු අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය ලේඛනය මෙසේය.

රවුෆ් හකීම්, රවීන්ද්‍ර සමරවීර, අබ්දුල් හලීම්, චන්ද්‍රානි බණ්ඩාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අමීර් අලි, එඩ්වඩ් ගුණසේකර, නලින් බණ්ඩාර සහ ජේ.සී. අලවතුවල, අශෝක් අබේසිංහ, චම්පිකා ප්‍රේමදාස, වඩිවේල් සුරේෂ් , සෙල්වම් අඩෙයිකලනාදන් , එච්.එම්.එම් හාරිස්, ෆයිසර් කාසිම්, ඩුලිප් විජේසේකර සහ දුනේෂ් ගන්කන්ද ,ටී.බී. ඒකනායක, චන්දිම වීරක්කොඩි , ෆයිසර් මුස්තාපා

එමෙන්ම පසුගිය රජයේ තනතුරු දැරූ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ජගත් පුෂ්පකුමාර ද නිවාස නැවත භාරදී නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

මොවුන්ට නිවාසවලින් ඉවත් වීමට මාස 3ක කාලයක් ලබාදුන් අතර එම කාලය මාර්තු මස 30 වැනිදායින් අවසන් වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න