ජුනි 20 මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනියි : තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට !

ජුනි 20 මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනියි : තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට !

පාර්ලිමේන්තු මැතිවරණය  ජුනි මස 20 වනදා දක්වා කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු කටයුතු කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ   නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, ජනාධිපති ලේකම්  ඇතුළු පිරිසකි.

පෙත්සම්කාර පාර්ශ්වය මෙහිදී සඳහන් කර සිටින්නේ  මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හල දිනයේ සිට මාස තුනක් ඇතුළත මැතිවරණය පවත්වා ඊළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් නිකුත් පාර්ලිමේන්තුව මාර්තු මස 2 වනදා විසුරුවා හළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිපාදනවලට අනුව ඊළඟ නව පාර්ලිමේන්තුව ජුනි මස දෙවනදා ට පෙර රැස්වීය යුතු බව පෙත්සම්කාර පාර්ශ්වය  පෙන්වා දෙයි.

එහෙත් මාර්තු මස දෙවන දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් වර්තමානයේ කොරෝනා වසංගතය දීප ව්‍යාප්ත මට්ටමින් පැතිරගොස් ඇති හෙයින් මහ මැතිවරණයක් පවත්වනු ලැබුවොත් මහජනයාට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය වන බව ද පෙන්වා දෙයි.

ඒ අනුව පාර්ලිමේන්තු මහා මැතිවරණය මේ මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න