මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත්වීමේ හැකියාවක් තිබේදැයි එහි සභාපති මහින්ද දේශප්‍රිය නීති අංශවලින් විමසීම් කර ඇතැයි වාර්තා වෙයි.
මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට යම් ලෙසකට ධුරයෙන් ඉවත්වීමට හැකියාවක් තිබේනම් වහාම සභාපති ධුරයෙන් ඉවත්වීමටත්, එසේ ඉවත්වීමට මේ අවස්ථාවේ ප්‍රතිපාදන නොමැති නම්, මහ මැතිවරණයේ කටයුතු වලින් ඉවත්ව එම රාජකාරි කටයුතු කොමිසමේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වෙත පැවරීමටත් මහින්ද දේශප්‍රිය මේවනවිට තීන්දු කර ඇත.
වාර්තා වන ආකාරයට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හිටි හැටියේ මෙවැනි තීන්දුවකට එළඹ ඇත්තේ, ඔහු තම පුත්‍රයා විදේශ රටක සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහයෝගය ලබා ගැනීම මැතිවරණ කොමිසමේ සභාපති තනතුරට තරම් නොවන වරදක් බව සඳහන් කරමින් ඇතැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් විරෝධයක් මතුකර තිබීම හමුවේය.
ලීක් කරේ ආණ්ඩුව !
ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පලවී ඇති එම විරෝධය පාදක කර ගනිමින්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රතිරූපය විනාශ කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ආණ්ඩුව විසින් ඉතා සැලසුම් සහගතව ක්‍රියාත්මක කර ගනිමින් තිබෙන බවත් ආරංචි මාර්ග පවසයි.
ඒ කොරෝනා තත්ත්වය නොසලකා හදිසි මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව විසින් ගනු ලැබූ උත්සාහයට මැතිවරණ කොමිසමෙන්, විශේෂයෙන් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ගෙන් යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් නොලැබීම නිසාය.
ඒ අනුව, මැතිවරණ කොමසාරිස්වරයා සිය පුත්‍රයා ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමග සිදුකල විද්‍යුත් ලිපි ලේඛන පවා ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍ය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවියක් මෙම සිද්ධිය වාර්තා කර ඇත්තේ මෙසේය.
'පුතා ගෙන්නා ගන්න මම උදව් ඉල්ලුවේ නැහැ : කලේ වැරැද්දක් නම් ආයුබෝවන් කියන්න සුදානම්" - මැකෝ සංවේදී වේ !
තම පුතාට හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් තුළ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය පසුගිය කාලයේ බලවත්සේ කනස්සල්ලෙන් සිටි බවත්, ඔහු කොතෙකුත් රාජකාරි තිබුනද දිනපතාම පාහේ පුතාගේ ඖෂධ සම්බන්ධයෙන් නිසි අවදානයකින් සිටි බවත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු අප වෙත පැවසිය.
එවැනි තත්වයක් තුල කොරෝනා වසංගතය නිසා විදෙස් රටක කොටුවී සිටි පුතා ලංකාවට ගෙන්වා ගැනීමට ඔහු පියකු ලෙස කටයුතු කිරීම යුක්ති සහගත නොවන්නේ දැයි එම නිලධාරියා විමසා සිටියේය. කුමන බලවතා සමග ඇසුරු කල ද මහින්ද දේශප්‍රිය සිය අපක්ෂපාතිත්වය මේ දක්වා රට හමුවේ තහවුරු කර ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.
කෙසේවුවද, තම පුත්‍රයා විදේශ රටක සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහයෝගය ලබා ගත්තේ යැයි පළවන වාර්තා සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ, තම පුත්‍රයා විසින් යොමු කරන ලද ලේඛණ අදාළ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඔවුන්ගෙන් විමසීමෙන් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ලෙස නොකළ යුත්තක් කර ඇත්තේ නම් දැන් කළ යුතුව කළ හැකිව ඇත්තේ මැතිවරණ මෙහෙයුම් රාජකාරි වලින් පසෙකට වීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.
මහින්ද දේශප්‍රියගේ එම FB සටහනේ මෙසේද සඳහන් වේ.
''අධ්‍යයන කටයුතු සදහා විදේශගතව සිටි මගේ පුත්‍රයා වන විදුර කාශ්‍යප දේශප්‍රිය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා මගේ නිලතත්වය භාවිතා කර මා අයුතු බලපෑමක් කර තිබේ යනුවෙන් මට චෝදනාවක් එල්ල කර තිබේ . ඒ පිළිබඳව සමාජ මාඨ්‍ය වල සංසරණය වන ලිපියකට ( කලම්බු ටෙලිඟ්‍රාෆ් ) පෝස්ටුවකට මා ලියූ සටහන පහත අලවමි .
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකුවූ මාගේ පුත්‍රයා විදුර කාශ්‍යප දේශප්‍රිය, නෙදර්ලන්ත රාජ්‍ය ශිෂ්‍යත්වයක් මත මාස 18 ක පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා එය මාර්තු මස අග අවසන් වීමෙන් පසු, ගුවන් ගමන් අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාවට පැමීණීමට නොහැකිව සිටි අද (2020 මැයි 06 දින) අලුයම කටුනායකට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේය.
ඔහු සමග එකට සිටි තවත් රජයේ සේවයේ නියුතු ඉංජිනේරුවන් සිවුදෙනකු ඒ සමග පැමිණීමට අපේක්ෂා කළද ඉන් අයකුගේ අධ්‍යයන කටයුතු අවසන් නොවීම නිසා ඔහු සමග නෙදර්ලන්තයේ සිට පැමිණියේ තවත් ඉංජිනේරුවන් තිදෙනකු පමණි.
''ඔහු සමග එකට සිටි තවත් රජයේ සේවයේ නියුතු ඉංජිනේරුවන් සිවුදෙනකු ඒ සමග පැමිණීමට අපේක්ෂා කළද ඉන් අයකුගේ අධ්‍යයන කටයුතු අවසන් නොවීම නිසා ඔහු සමග නෙදර්ලන්තයේ සිට පැමිණියේ තවත් ඉංජිනේරුවන් තිදෙනකු පමණි.''
මාගේ පුත්‍රයා ලංකාවට ගෙන්වා ගැනීම සදහා මා විසින් ගරු ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර විශේෂ යානයක් වෙන් කරවා ගෙන තිබේ දැයි මැයි 04 දින උදෑසන අපගේ පවුලේ මිතුරකු වූ රජයේ නිලධරයකුගෙන්, පුද්ගලයින් තිදෙනකු වෙන වෙනම අවස්ථා තුනකදී විමසූ බව, විදුර 05 දා ඇම්ස්ටර්ඩෑම් හි සිට ලන්ඩන් වෙත ගොස් එහි සිට මෙහි පැමිණෙන බව මා විසින් ඔහුට දැන්වූ විට මා සමග ප්‍රකාශ කළේය .
එමෙන්ම අද දින ඉ- පුවත්පතක මාධ්‍යවේදියකු , මාගේ පුත්‍රයාගේ පැමිණීම ගැන ලිපියක් ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂා කළ විටදී එය පල කිරීමට පෙර ඒ ගැන මා විමසීම මැනවි යයි මේ සටහන ලියන මාගේ මිතුරා ඔහුට දන්වනු ලදුව ලිපිය සැකසීමට අපේක්ෂිත එම මාධ්‍යවේදී මහතා විසින් ඒ හා සබැදි කරුණු මගෙන් ඉ- තැපැල් ලිපියකින් විමසන ලදී.
මගේ පුත්‍රයා ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මා ගරු ජනාධිපතිවරයා වෙතින් යම් ඉල්ලීමක් කළේද යන්න සහ ඒවෙනුවෙන් විශේෂ ගමනක් සංවිධානය වූයේද යන්න එයින් විමසා තිබිණි . මම එයට පිළිතුරු දුනිමි .
එමෙන්ම මා දන්නා හඳුනන සැලකිය යුතු මිතුරන් සංඛ්‍යාවක් ද මේ ගැන සාකච්ඡා කරන බව, ඉන් සමහර දෙනකු සෘජුවම මගෙන් මේ ගැන විමසන හෙයින් නිරීක්ෂණය වේ .
එහෙයින් මේ සිද්ධියට අදාළ කරුණු මතු සදහන් කරමි.
''ඔවුන් පැමිණෙන්නේ ඔවුන් සඳහාම විශේෂයෙන් යොදවන ලද යානයක නොවේ. මා දන්නා පරිදි එංගලන්තය ද ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු ඇමෙරිකාවේ ශ්‍රී ලංකා ශිෂ්‍යයන් හා රාජ්‍ය නිලධාරීන් ද එංගලන්තයට පැමිණ එමගින් ගමන් පහසුකම් ලබා ගත හැකි සෙසු ශිෂ්‍ය / නිලධාරීන්ටද එමගින් අවස්ථාව ලබා ගත හැකිව තිබුණි.''
1. ඔවුන් පැමිණෙන්නේ ඔවුන් සඳහාම විශේෂයෙන් යොදවන ලද යානයක නොවේ. මා දන්නා පරිදි එංගලන්තය ද ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු ඇමෙරිකාවේ ශ්‍රී ලංකා ශිෂ්‍යයන් හා රාජ්‍ය නිලධාරීන් ද එංගලන්තයට පැමිණ එමගින් ගමන් පහසුකම් ලබා ගත හැකි සෙසු ශිෂ්‍ය / නිලධාරීන්ටද එමගින් අවස්ථාව ලබා ගත හැකිව තිබුණි.
2. අධ්‍යායන කටයුතු අවසන්වී දිවයිනට පැමිණීමට අපේක්ෂිත රාජ්‍ය නිලධාරීන් ලෙස ඔවුන් නෙදර්ලන්තයේ තානාපති කාර්යාලයේ හා එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයේද විදේශ කටයුතු අමාත්‍යාංශයේද ලියාපදිංචි වී තිබිණි
3. ඔවුනට ලංකාවට පැමිණීම සදහා පහසුකම් සලසා දෙන ලෙස තානාපති කාර්යාලය හරහා ද සෘජුවද මේ පිළිබඳව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට අමතා ඔවුන් විසින් ලිපි කිහිපයක්ම ඉදිරිපත් කරන ලදී
4., මේ සම්බන්ධයෙන් මාගේ මැදිහත්වීම වූයේ මාගේ දුරකථනයට ලද ලිපිවල මුද්‍රිත පිටපත් / මෘදු පිටපත් අදාළ පරිදි අග්‍රාමාත්‍ය ලේකම්, විදේශ කටයුතු ලේකම්, විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ මෙහෙයුම බාර ජනාධිපති අතිරේක ලේකම් යනාදී නිලධාරීන් වෙත යැවීම හා ඒවා ලද බව සනාථ කරගැනීමයි.
එමෙන්ම මොවුන් ගෙන්වා ගැනීමට අපහසුතා තිබේද යන්න ද මවිසින් විමසන ලදී .ඒ අතරතුර ලන්ඩන් හි දවසක් රැඳී සිටීමට සිදුවන්නේ නම් වීසා ලබා ගැනීමට අදාළ ගැටලුවක් පිළිබඳව හා විදුරගේ ඖෂධ අවශ්‍යතා ගැන නෙදර්ලන්ත තානාපතිවරයටද මම කතා කළෙමි.
5. මැයි 05 දිනයේදී මා, ගරු ජනාධිපතිවරයා ට මෙවැනි කතාවක් පැතිරෙන බව දන්වන තෙක් මාගේ පුත්‍රයා ආපසු ගෙන්වා ගැනීම ගැන මා කිසිවිටෙක ගරු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර නැති අතර එතුමාද මේ ගැන විමසා නැත.
එසේවුවද මාවිසින් එතුමාගේ විශේෂ සහායක් ලබා ගෙන අපගේ පුත්‍රයා ගෙන්වා ගන්නා බවට 04 දා සිට කතාවක් පැතිරෙන බව එතුමාට ඊයේ මැයි 05 දැන්වීමි.
මාගේ පුත්‍රයා ගෙන්වා ගැනීම සදහා සහාය ලබාදෙන ලෙස එතුමාට මා ඉල්ලීමක් නොකළ හෙයින් එතුමා කිසිවෙකුට ඔහු ගෙන්වා ගැනීම ගැන කතා නොකළ බවද මාගේ විමසුමට පිළිතුරු ලෙස එම සාකච්ඡාවේදී එතුමා දැන්වීය.
'' මා විමසූයේ මාගේ පුත්‍රයා වීම නිසා ඔහුට ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා නොගතයුතුද යන්න හා මා මැකොස සභාපති නිසා, මාගේ පුත්‍රයාගේ ලිපි අදාළ නිලධාරීන්ට පෞද්ගලික මට්ටමින් යැවීමෙන් මා වරදක් කර තිබේද යන්නයි''
6 . එබැවින් මාගේ නිල තත්වය භාවිතා කර මාගේ පුත්‍රයා වූ විදුර දේශප්‍රිය ගෙන්වා ගැනීමට මා කිසිදු අයුතු බලපෑමක් කර නැත .
7. මේ ගැන මා සමග කතා කළ මේ සටහන ලියන මිතුරාගෙන්, මා විමසූයේ මාගේ පුත්‍රයා වීම නිසා ඔහුට ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා නොගතයුතුද යන්න හා මා මැකොස සභාපති නිසා, මාගේ පුත්‍රයාගේ ලිපි අදාළ නිලධාරීන්ට පෞද්ගලික මට්ටමින් යැවීමෙන් මා වරදක් කර තිබේද යන්නයි.
අදාළ ලිපි ඒ නිලධාරීන්ට යැවීම අයෝග්‍ය බව හා එය ළ බැදියා අතර ගැටුමක් බව ඔහු ගේ මතයයි . ඔහුට ඒ මතය දැරීමට හා එය ප්‍රසිද්ධ කිරීමට ඇති අයිතියට ගරු කරමි .
8. මා මේ නිලධාරීන් වෙතින් කිසිදු විශේෂ උදව්වක් ඉල්ලා නැති හෙයින් හා මාගේ පුත්‍රයාටද සෙසු රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පාඨමාලා අවසන්වූ පසු දිවයිනට පැමිණීමට අයිතිය ඇති බැවින් මා වරදක් කර නැති බව මම විශ්වාස කරමි .
මාගේ දරුවන් හෝ බිරිඳ කිසිවිටක මාගේ නිල තත්වය , ඔවුන් හඳුන්වා දීමට හෝ භාවිතා නොකරන බව හෝ දරුවන් පාසැල්වලට ඇතුළත් කිරීම සදහා හෝ භාවිතා කර නැති අප ගැන දන්නා සැවොම දනිති .
එසේවුවද සැමවිටම අපට අවලාද හා විවේචන එල්ලවේ ඒ සෑම අවලාදයක්ම ප්‍රශංසා මෙන්ම එකම ආකාරයෙන් සැලකීමට උත්සාහ කරමින් සිටිමි.''
එනමුත් මේ කරුණ බරපතල ලෙස සලකා යම් ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබේ යයි සිතන අපේ සමාජ ක්‍රියාකාරීහු රැසක් සිටිති. එහෙයින් මේ ගැන යමක් කළයුතු යයි සිතමි.
''පුතා වෙනුවෙන්, මා වරදක් සේ නොසිතූ කාර්යයක් ඉටු කර චෝදනාවකට ලක්වීම සතුටට කරුණකි.''
මක්නිසාද යත් මැතිවරණ දෙපාර්තමේන්තුව හා කොමිසමද ජනතා පරමාධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදයද අම්බලන්ගොඩ නගරය හා ධර්මාශෝක විද්‍යාලයද. මිත්‍රත්වය ද පවුලේ සබඳතා වලට ඉහළින් සලකමින් මා මුලු දිවිය පුරාම කටයුතු කළ බැවින්, විශේෂයෙන්ම පුත්‍රයා 2010/2011 වර්ෂවල බරපතල ලෙස රෝගාතුරව දින ගණනාවක් රෝහල් ගතව සිටියදී ඔහුගේ සාත්තුව සදහා දිවා කාලයේ යෙදවීමට අන් කිසිවකු නොමැතිව සිටියදී පවා රෝහලේ රැදී නොසිට රාජකාරි ඉටු කළ මට ඔහු වෙනුවෙන්, මා වරදක් සේ නොසිතූ කාර්යයක් ඉටු කර චෝදනාවකට ලක්වීම සතුටට කරුණක් බැවිනි .
සභාපති ධුරයෙන් ඉවත්වීමේ ලිපිය !
පසුගිය අප්‍රේල් 25 දින ඡන්දවිමසීම පැවැත්වීමට නියම කළ වහාම මට වයස අවුදු 65 සම්පූර්ණ වන 2020 ජුනි 05 දින සභාපති ධුරයෙන් ඉවත්වීමේ ලිපිය මැයි 05 දා ගරු ජනාධිපතිවරයා වෙත යැවීමට මාර්තු මුල් සතියේ මා සකස් කළ බවත් එසේ නොකරන ලෙස මාගේ සමීපතයන් ඉල්ලා සිටි බවත් දන්නා සැලකිය යුතු පිරිසක් සිටිති.
එමෙන්ම අප්‍රේල් මස මුලදීද මා ඒ යෝජනාව ගැන නැවත අවධානය යොමු කළ අතර එසේ කිරීම සුදුසු නැති බව අපගේ ජේෂ්ඨ නිලධාරීන්ගේ මතය විය.
ඉන් අනතුරුව ව මට එරෙහිව දරා ගැනීමට බැරි තරම් අභූත චෝදනා අපගේ සගයකුගේ සහාය ඇතිව මෑතදී, මාධ්‍ය හරහා ප්‍රචාරය වන අවස්ථාවේදීද කණ්ඩායමක් සේ එකට සිටිය නොහැකි නම් මට තවදුරටත් එකට වැඩ කළ නොහැකි බව දන්වා මම මේ තනතුරෙන් ඉවත්වීමේ යෝජනාව ගැන අප්‍රේල් අගද මැයි පළමු සති අන්තයේද මා අපගේ සගයන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.
එබැවින් මිතුරනි, මා අපගේ පුත්‍රයා විසින් එවන ලද පෙර කී ලිපි නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඒ ගැන ඔවුන් විමසීමෙන් කර ඇත්තේ, මැකොස සභාපති ලෙස මා නොකළ යුත්තක් නම් ඔබ සැමට ආයුබෝවන් යනුවෙන් පවසා දැන් මැතිවරණ මෙහෙයුම් රාජකාරි වලින් පසෙකවීම හැර වෙනත් විකල්පයක් නැතැයි හඟිමි.
කෝවිඩ් 19 ට පරාජය - ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හිමිවනු ඇතැයි පතමි.''
– Mahinda Deshapriya FB

