අද (06) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය 771 ක් ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
එසේම වෛද්‍ය අධීක්ෂණය යටතේ 547 ක් පසුවෙයි.
දැන් වන විට මෙරට මියගිය සංඛ්‍යාව 9 ක් බව පැවසෙන අතර සුවවූ ප්‍රමාණය 215ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වාර්තා පවසයි.
මේ හමුවේ වාර්තා වන්නේ එළැඹෙන සඳුදා (11) සිට මුලු රටම විවෘත කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවය.
ඊයේ (05) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇති බවත් වාර්තා වන අතර එම රැස්වීමට ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අමාත්‍යංශ ලේකම්වරුන්, සියලුම ආණ්ඩුකාරවරුන්, සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිට ඇති බවත් වාර්තා වෙයි.
මෙහිදී දැනට රට තුළ පවතින තත්ත්වය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමෙන් අනතුරුව ලබන සදුදා සිට සාමාන්‍ය ආකාරයට රට ජනතාව සඳහා විවෘත කිරීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
ඒ අනුව රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ක්‍රියාත්මක වීමට නියමිතය.

05 වෙනිදා හමුවූ ආසාදිතයන්ට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් සොයාගෙන නෑ - හමුදාපති
මේ ආකාරයට ආණ්ඩුව කොවිඩ් 19 වෛරස් වසංගතය මැඩීමට පනවා ඇති සීමා ලිහිල් කිරීමට කටයුතු කරන අතර හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ කොළඹ ප්‍රදේශ හතරකින් ඊයේ (05) හමුවූ කොවිඩ් 19 ආසාදිතයන්ට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් සොයාගෙන නැති බවය.ඒ විද්‍යුත් නාලිකාවක වැඩසටහනක අදහස් දක්වමින් ය.
කොවිඩ් 19 වෛරසය සමාජ සම්ප්‍රේෂණයක් සිදුවන්නේ දැයි විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේ ඊයේ දිනය හමුවූ ආසාදිතයන්ට එය සම්ප්‍රේෂණය වූ ආකාරය මෙතෙක් සොයාගෙන නැති වුවද තවදුරටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටින බවයි.
මෙතෙක් වෛරස් ආසාධිතයන් සියලු දෙනාටම ආසාදනය වූ ආකාරය සොයා ගැනීමට හැකියාව ලැබූ නමුත් ඊයේ (05) දිනයේ සිවු දෙනෙකුට වෛරස ආසාදනය පැමිණියේ කෙසේදැයි සොයා ගැනීමට නොහැකි වීම ගැටලුවක් බව ඔහු පැවසීය.

80%ක් රෝග ලක්ෂණ නොපෙන්වන තත්ත්වයක් : රැකියාවලට යන එන අය නිවෙස්වලට වෛරස ගෙන යන්නන් විය හැකියි !

