මහ මැතිවරණය ජූලි දෙවන සතියේ !

මහ මැතිවරණය ජූලි දෙවන සතියේ !

එළැඹෙන  මහ මැතිවරණය ජූලි මස දෙවැනි සතියේ පමණ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඊට පෙර නැවත වරක් කොමිසම විසින් වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමට නියමිත බවද වාර්තා වෙයි. 

මේ බව වාර්තා කරන්නේ දේශය පුවත්පතේ වෙබ් අඩවියයි.

එම පුවතේ වැඩිදුරටත් සඳහන් වන්නේ  දැනට දින නියමකර ඇති පරිදි ජූනි 20 දින මහමැතිවරණය නොපැවැත්වෙනු ඇති බවය.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට්ටුව අවලංගු කරන ලෙසත් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසත් ඉල්ලා දැනටමත් අධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම් තිබියදී මහ මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ඇත්දැයි දේශය පුවත්පත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දුන් සභාපතිවරයා සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් නොකළොත් එම කටයුතු දිගටම අඛණ්ඩව සිදුකරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න