කොටස් වෙළෙඳපොළ විවෘත කළා : තත්පර 38න් වැහුවා !

කොටස් වෙළෙඳපොළ විවෘත කළා : තත්පර 38න් වැහුවා !

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද (11) දින විවෘත වුවද සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වහාම ගනුදෙනු අත්හිටුවීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

ඊට හේතුව වී ඇත්තේ මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම මෙයට හේතුවිය.

ඒ අනුව තත්ත්පර 38ක් වැනි කාලයක් තුළ කොටස් වෙළඳපොල කටයුතු අත්හිටුවීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙහිදී S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමක් විය.

මේ අනුව දිනය තුළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 10% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් අද දිනයට ගනුදෙනු තවදුරටත් ක්‍රියාත්මක නොවන බව එහි ආරංචි මාර්ග පවසයි.

අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 24.89ක් ලෙසින් වාර්තා වී ඇත.

මේ ආකාරයට සැනින් කටයුතු අත්හිටුවීමට යෙදුණු කොළඹ කොටස් වෙළෙඳපොළ අද විවෘත කෙරුණේ සති 7 කට පසුවය.

1589179705 share market l

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න