පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින රාජිතගෙන් : අභියාචනාධිකරණයට පෙත්සමක් !

පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින රාජිතගෙන් : අභියාචනාධිකරණයට පෙත්සමක් !

තමන්ට ඇප ලැබීම අහිමි කරමින් කොළඹ මහාධිකරණය නිකුත්කළ නියෝගය අවලංගු කරන  ලෙස නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තා වෙයි.

 හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මේ වන විට ඔහුව මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානය වෙත ඊයේ (13) රාත්‍රීයේ රැගෙන ගොස් , නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වාර්තා වෙයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග බන්ධනාගාරගත කිරීමට නියම කෙරෙන සියල රැඳවියන් නිරෝධායනය සඳහා වෙන් වූ විශේෂ බන්ධනාගාර කිහිපයක් වෙත යොමු කෙරෙන අතර දින 14 ක නිරෝධායන කාලයක් සම්පූර්ණ වීමෙන් පසු ඔවුන් අයත් වන බන්ධනාගාරයට මාරු කෙරේ.

 ඒ අනුව, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ද එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ බාරවීමෙන් අනතුරුව  අත්අඩංගුවට ගෙන් ප්‍රශ්න කිරීම්වලින් පසු ඊයේ රාත්‍රීයේ කොළඹ මහේස්තත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිය.

සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට මාධ්‍ය හමුවකදී කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා ලබා සිටියි.

මීට අදාල නඩුවෙන් හිටපු අමාත්‍යවරයා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 30 වන දින නියෝගය කර තිබිණ.

එහෙත් එම ඇප නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඊයේ (මැයි 13) අවලංගු කරනු ලැබිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න