වත්මන් ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය ලබා ගැනීමේ සිහිනය බොඳව යද්දී ආණ්ඩුව සිය මර්ධනයේ හස්තය ප්‍රතිවාදී දේශපාලනයට, සමාජ මාධ්‍ය මාධ්‍ය ක්‍රියාකාරින්ට, යොමු කිරීම බරපතළ ලෙස ප්‍රජාතන්ත්‍ර වාදය අනතුරට හෙළීමක් බව සමගි ජනබලවේගය චෝදනා කරයි.
සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර නිවේදනයක් නිකුත්කරමින් මෙසේ ආණ්ඩුවට චෝදනා කර සිටියි.
"ආණ්ඩුව සිදුකරන දේශපාලන දඩයම වහාම නවතනු!" යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.
ආණ්ඩුව සිදුකරන දේශපාලන දඩයම වහාම නවතනු!"
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය .
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අත්වන නියත පරාජය හමුවේ ආණ්ඩුව සිය දේශපාලන ප්‍රතිවාදීන් ගෙන් පළි ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ .හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම තුළින් එය වඩාත් පැහැදිලි වෙයි.
ජනතාවගේ ජීවිතය අනතුරෙහි දමන මැතිවරණයක් ප්‍රකාශයට පත් කොට තුනෙන් දෙකක බලය ලබා ගැනීමේ සිහිනය බොඳව යද්දී ආණ්ඩුව සිය මර්ධනයේ හස්තය ප්‍රතිවාදී දේශපාලනයට, සමාජ මාධ්‍ය මාධ්‍ය ක්‍රියාකාරින්ට, යොමු කිරීම බරපතළ ලෙස ප්‍රජාතන්ත්‍ර වාදය අනතුරට හෙළීමකි .
කොරෝනා මර්දනයට එරෙහිව යටිතල පහසුකම් සම්පාදනය ඇතුළුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට වැඩිම දායකත්වයක් ලබා දුන් රාජිත සේනාරත්න මහතාව ආණ්ඩුව විසින් ප්‍රබල අභියෝගයක් ලෙස සලකනු ලබන අයෙකි .2015 ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ පාලනය වෙනස් කිරීමේ පුරෝගාමිකයෙකු වූ නිසාම රාජපක්ෂ කඳවුරේ වෛරයට පාත්‍ර වූ රාජිත සේනාරත්න මහතා ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයක් පසුගිය කාල සීමාව තුලම ක්‍රියාවට නැංවූ බව පැහැදිලි වූ කරුණකි .
දේශපාලනමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පදනම් කර ගනිමින් සේනාරත්න මහතා අත් අඩංගුවට ගැනීමත් ඇප අවලංගු කිරීමත් හමුවේ පැන නගින තවත් ප්‍රධාන ගැටලුවක් තිබේ .
මිග් යානා ගනුදෙනුවේ සැකකරුට හෝ එයාර් ලංකා වංචාවේ සැකකරුවනට ලබා දුන් ඇප පිළිබඳව ප්‍රතිශෝධන ඇප අයැදුම්පත ඉදිරිපත් නොවීම ද විමතිය දනවන කරුණකි.
භාෂණයට, නිදහස් අදහස් පළ කිරීමට, රැස්වීම් පැවැත්වීමට, විවේචනය කිරීමට නිදහස වැනි නන්විධ නිදහස යහ පාලන රජය විසින් තහවුරු කළ බව මේ මොහොතේ සිහිපත් කළ යුතුය.
මේ මොහොත වනවිට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීම, විවේචනාත්මක අදහස් පළ කිරීම, පමණක් නොව විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් එකතුව රැස්වීමක් පැවැත්වීම දක්වා වූ ක්‍රියාකාරකම් මර්ධනයට ලක්ව තිබේ .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ආණ්ඩුව විසින් සිදු කරනු ලැබේ .ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති තමාගේ මතවාදවලට උචිත අයුරින් විග්‍රහ කරන ආණ්ඩුව ඒකාධිපති ගමනක හැඩ තල මේ වන විටත් පෙන්වා ඇත.
රාජිත සේනාරත්න මහතාගේ අත්අඩංගුවට ගැනීම තුළ ක්‍රියාත්මක වන දේශපාලනය පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.
මෙම ක්‍රියාවට එරෙහිව සියලු ප්‍රජාතන්ත්‍රවාදි බලවේග ඒකරාශී කිරීමටත්,මේ බියගුලු ක්‍රියාවට එරෙහිව ගත හැකි සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්,එයින් නොනැවතී නොව, විරෝධය පල හැකි සියලුම මාර්ගයන් ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය පෑමට කටයුතු කරන බවත් අවධාරණය කරමි.
රංජිත් මද්දුමබණ්ඩාර
මහ ලේකම්
සමගි ජන බලවේගය

