අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (14) කැඳවනු ලැබූ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පැය 5 කට අධික කාලයක ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර ඉන් පිටතට පැමිණියේ ය.
හිටපු මුදල් ඇමතිවරයාව මෙසේ කැඳවා ඇත්තේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අවතැන් වූවන් 12,500 දෙනෙකුට පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ඒමට ප්‍රවාහන පහසුකම් ලබාදීමට, පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ යටතේ ඇති 'අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය' මගින් පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝවට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු සඳහන් කර සිටියේ එල්ටීටීඊ සංවිධානයේ බලපෑමට ලක් ව අවතැන්වූ මේ රටේ පුරවැසියන් පිරිසක ට ඡන්ද අයිතිය ලබා දීමට හැකිවීම පිළිබඳව තමන් මුදල් ඇමැති වශයෙන් පමණක් නොව ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් ද සතුටු වෙන බව තමන් ප්‍රශ්න කිරීම හමුවේ පැවසූ බවය.
පැය පහකට අධික කාලයක් තමන්ව ප්‍රශ්න කළ බවත් එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැදගත් ආකාරයට ඔවුන්ගේ රාජකාරි සිදු කළ බව ද පැවසූ හිටපු අමාත්‍ය වරයා, තවත් ප්‍රශ්න ගණනාවක් ඇති බව පැවසූයෙන් මෙහි දෙවෙනි ඉනිම සඳහා එළඹෙන අඟහරුවාදා ද පැමිණීමට සිදුව ඇති බවත් පැවසී ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම අනුව අද වෙත ගිය හිටපු අමාත්‍ය මංගල සමරවීර එහි ඇතුලට යාමට පෙර මාධ්‍ය සිදු කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වා සිටියේ මෙසේය.
ඒ බව ඇතුලත් voicetube.lk වීඩියෝව පහත දැක්වේ


