OTP Hack ගැන විමසිලිමත් වන්න : ITSSL දැනුම්දීමක් !

OTP Hack ගැන විමසිලිමත් වන්න : ITSSL දැනුම්දීමක් !

දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication සක්‍රිය කොට තිබෙනා සමාජ මාධ්‍ය ගිණුම්වලට පිවිසීමේදී පිවිසෙන්නාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට භාවිතා කරනු ලබන OTP නොහොත් එක් වරක් පමණක් භාවිතා කළහැකි මුරපද තෙවන පාර්ශවීය SMS සේවා සපයන සමාගමක් හරහා පැමිණීමේදී ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙනත් පාර්ශවයකට නතුවීමකට හැකිය යන්නෙන් මේ දිනවල සමාජයේ දුර්මත පැතිරෙමින් පවතී.

යම් පාර්ශවයකට OTP අංකයක් ලැබීමෙන් පමණක් ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට පිවිසීමට නොහැකි අතර ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට පිවිසීමට නම් එම පාර්ශවයට ඔබගේ සමාජ මාධ්‍ය පරිශීලක නාමය, මුරපදය හෝ ඔබ සමාජ මාධ්‍ය ගිණුම් වලට යොදා ඇති ජංගම දුරකථන අංකය සතුවිය යුතුය. 

මෙලෙස සමාජයේ පැතිරයන දුර්මත කෙරෙහි විමසිල්ලෙන් පසුවන ලෙසත් දෙවන සාධක සත්‍යාපනය සදහා යම් පුද්ගලයෙකු SMS පණිවිඩ හරහා එක් වරක් පමණක් භාවිතා කළහැකි මුරපද ඔබගේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීම ආරක්‍ෂිත නොවේ යැයි සිතන්නේ නම් එම පුද්ගලයාට google authenticator , microsoft authenticator වැනි ජංගම දුරකථන යෙදුම් හරහා OTP අංක ලබාගැනීමක් සිදුකළහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම්දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  

සභාපති                                                                

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න