පේරාදෙණියේ හෙද විරුවන් මග බස්සවලා !

පේරාදෙණියේ හෙද විරුවන් මග බස්සවලා !

ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සැපයීමට බලධාරීන්  ක්‍රියා නොකිරීම නිසා හෙද කාර්යය මණ්ඩල ඇතුළු  සෞඛ්ය සේවය නියුතු පිරිස් බලවත් දුෂ්කරතාවයට පත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ඔවුන් මෙම චෝදනාව එල්ල කරන්නේ ඊයේ (17) පේරාදෙණිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක යන  රෝහල් හෙද සහ  අනෙකුත්  කාර්යමණ්ඩල මුහුණදුන් අවාසනාවන්ත සිදු වීමක් පාදක කරගෙනය.
 
එහිදී සිදුව ඇත්තේ 17 වනදා පෙරවරුවේ  කෑගල්ල සිට මහනුවර  දක්වා යන බස් රථයේ මහනුවර මහ රෝහලේ කාර්ය මණ්ඩල මෙන්ම මෙම රෝහල්වලද හෙද  සහ අනෙකුත් කාර්ය මණ්ඩලය පැමිණ ඇත.
 
නමුත් පේරාදෙණිය පොලිසිය එම බස් රථය නවත්වා එහි පැමිණි කාර්ය මණ්ඩලවල කටඋත්තර ලබාගෙන ඇත. අනතුරුව බස් රථයේ ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට අවස්ථාව  ලබාදී ඇත්තේ  මහනුවර රෝහලේ කාර්ය මණ්ඩල සඳහා පමණි.
 
පේරාදෙණිය සහ  සිරිමාවෝ බණ්ඩාරනායක  රෝහල් කාර්ය මණ්ඩල වෙත  සිදුව ඇත්තේ කිලෝමීටරයක් පමණ පයින් ගොස් සේවයට වාර්තා කිරීමටය. මේ අනුව ඔවුන්  සේවයට වාර්තා කර ඇත්තේ පෙරවරු 8.30 පමණ වන විටය.
 
මෙහිදී ඔවුන් කායිකවත් මානසිකවත් බලවත් අපහසුතාවයකට මුහුණ දී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. වසංගත අවස්ථාවක සිය ජීවිත පවා නොතකා කටයුතු කරන හෙද  සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත  මෙවැනි තත්ත්වයකට පත්වෙන්න ඉඩ හැරීම අවාසනාවන්ත තත්ත්වයක් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
 
මේ සම්බන්ධව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා දැන්වත් කළ බවත් යළි එවැනි සිදුවීම් සිදු නොවීමට වග බලා ගන්නා ලෙස ඉල්ලා ඇති බවත් දැනගන්නට ඇත.
 
එසේම මේ සම්බන්ධව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමට ද කටයුතු කරන බව වාර්තා වෙයි.

IMG 20200518 173353

 
 
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න