කෝටි දෙකේ අල්ලස : සිරිසේනගේ ගෝලයාට ඇප නෑ !

කෝටි දෙකේ අල්ලස : සිරිසේනගේ ගෝලයාට ඇප නෑ !

ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකු වෙතින් රුපියල් කෝටි 5 1/2 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක්  ලබා ගැනීම ඇතුළු  චෝදනාවන්ට වරදකරු වී  දඩ සහ  සිරදඩුවම් නියම වී සිටින  රාජ්‍ය දැව සංස්ථාවේ  හිටපු සභාපති  පියදාස දිසානායක  ට  ඇප නියම කිරීම  ත්‍රිපුද්ගල  ස්ථීර විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

ත්‍රිපුද්ගල ස්ථීර විශේෂ මහාධිකරණ විණිසුරු මණ්ඩුල්ලේ  සභාපති   සම්පත් අබේනායක ,  සම්පත් විජේරත්න, සහ  චම්පා ජානකී රාජරත්න  යන ත්‍රිපුද්ගල විණිසුරු මඩුල්ල අද (19) මේ තීන්දුව ප්‍රකාශ කර ඇත.

පියදාස දිසානායක ට එරෙහි චෝදනාව වන්නේ කන්තලේ සීනි සමාගමේ ගොඩනැගිලි සහ  යන්ත්‍රෝපකරණ ගලවා ඉවත්කරලීමේ කොන්ත්‍රාත්තුව ඉන්දීය ව්‍යාපාරිකයකුට දීමට අල්ලස් ගැනීම ඇතුළු කිහිපයකි.

අදාළ අල්ලස් ගැනීමේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානියා වූ කුසුම්සිරි මහානාම සමග එකට පියදාස දිසානායක අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් අතටම අල්ලාගෙන තිබිණ.

මෙහිදී තීන්දුව නිකුත්කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය පවසා ඇත්තේ පියදාස දිසානායක ට  ඇප නියම කිරීමට තරම්  සුවිශේෂි කරුණු  ඉදිරිපත්ව නොමැති බවය.

එසේම එම චෝදාවටම වරදකරු වී  දඩ හා  සිරදඩුවම් නියමව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ  කාර්ය මණ්ඩල ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ  කුසුම්සිරි  මහානාම ට  ඇප  නියම කරන්නැයි ඉල්ලමින්  ඉදිරිපත් කර ඇති පෙත්සමේ තීන්දුව  ලබන  ජුලි මස 02 දින ප‍්‍රකාශයට පත් කරන බවත් අද ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය  දැනුම්දී ඇත.

කන්තලේ සීනි සමාගමේ   ගොඩනැගිලි සහ  යන්ත්‍රෝපකරණ   ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට විකිනීම සදහා  අවශ්‍ය කටයුතු කර දීමට රුපියල් කෝටි 5 1/2 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක්  ලබා ගැනීම සම්බන්ධයෙන්  වු චෝදනාවන්ට   හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ   කාර්ය මණ්ඩල ප‍්‍රධානියා  ලෙස කටයුතු කසුම්සිරි මහානාම, රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක  යන අයට වසර 12 බැගික්  බරපතල වැඩ සහිත සිරදඩුවම්  ද, රුපියල් 55,000 බැගින් වු දඩ ද නියම කර ඇත.
 
ඔවුන්  මෙම තීන්දුවට සහ දඩුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළ අතර  ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව  විභාග කොට  තීන්දුව ප‍්‍රකාශයට පත්කරන තුරු තමන්ට ඇප නියම කරන්නැයි  විශේෂ ති‍්‍රපුද්ගල මහධිකරණයට  ඇප පෙත්සම්  ඉදිරිපත් කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න