Language Switcher

V2025

නීතිඥ අලි සබ්‍රිගේ ප්‍රතිචාරයෙන් : වොයිස්කට් සාදු අමාරුවේ ! (වීඩියෝ)

ජනාධිපති නීතිඥ සහ පොහොට්ටුව පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නීති උපදේශකයකු වන අලි සබ්‍රි විසින් සිදුකල ප්‍රකාශයක් කුප්‍රකට "වොයිස්කට්" හිමිනමක් විසින් විකෘති කිරීමක් සම්බන්ධව ප්‍රතිචාර දැක්වීමක් සිදුව ඇත.

 ඒ ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි විසින් අදාල සමස්ත වීඩියෝව සංස්කරණයකින් තොරව සමාජ මාධ්‍යවෙත මුදාහරිමිනි.

තවුහීද් ජමාත් සංවිධාන තහනම් කිරීම සම්බන්ධයෙන් මොහොමඩ් අලි සබ්‍රි විසින් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක කොටසක් පමණක් උපුටා දක්වමින් විකෘති මතයක් සමාජ ගත වන පරිදි 'වොයිස් කට්' හිමිනමක් පසුගියදා කරුණු ඉදිරිපත් කර තිබිණ.

අදාල මාධ්‍ය සාකච්ඡාවේදී නීතිඥ අලි සබ්‍රිගෙන් ප්‍රශ්නයක් අසමින් විමසා සිටින්නේ, තවුහිද් ජමාත් සංවිධාන තහනම් කරන ලෙස ප්‍රධාන ප්‍රවාහයේ මුස්ලිම් කණ්ඩායම් කරන ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස කුමක්ද? කියාය.

එයට පිළිතුරු දෙමින් පවසා සිටින්නේ, නීතිඥ අලි සබ්‍රි පවසන්නේ  "තවුහීද් යන වචනයේ අර්ථය 'ඒකත්වය' යන ආගමික සංකල්පයක් බවත්, එය මුස්ලිම්වරු පමණක් නොව කතෝලික සහ යුදෙව් භක්තිකයන් ද පිළිගත් සංකල්පයක් බවයි.

එහෙත්, යම් භක්තියෙකු තවුහීද් වුවත්, නොවුවත් අන්තවාදී අදහස් දරමින් රටේ සාමයට, සංහිඳියාවට තර්ජනයක් ඇති කරන්නේ නම් ඔවුනට දඩුවම් කළ යුතු බවත්, එවැනි අන්තවාදී මතයක නොපිහිටන තවුහිද් සංකල්පය විශ්වාස කරන අය ඒ විශ්වාසය නිසාම තහනම් නොකළ යුතු" බවයි.

එහෙත්, ආණ්ඩුව තවුහිද් හෙවත් ඒකත්වය යන සංකල්පය විශ්වාස කළ පමණින් තහනම් කළහොත්, එය අහිතකර ප්‍රතිවිපාක ඇති කරවිය හැකි බව අලි සබ්‍රි කියයි.

උදාහරණයක් ලෙස 1983 කළු ජූලිය පදනම් කර ගෙන වාමාංශික අදහස් දැරූ ජනතා විමුක්ති පෙරමුණ සමග වාසුදේව නානායක්කාර සහ වික්‍රමබාහු කරුණාරත්නගේ දේශපාලන පක්ෂ එවකට පැවති රජය විසින් තහනම් කිරීමේ ප්‍රතිපලය වූයේ ප්‍රජාතන්ත්‍රවාදීව තම දේශපාලන මතය ඉදිරිපත් කිරීමට නොහැකි වූ තරුණ කොටස් 1980 දශකයේ අග භාගයේ අවි ආයුධ ගැනීම බවත්, මත ප්‍රකාශ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තහනම් කර, අවහිර කිරීම අහිතකර ප්‍රතිවිපාක උපදවන බවත්‍ අලි සබ්‍රි කියයි.

එසේම වාසුදේව නානායක්කාර හෝ වික්‍රමබාහු කරුණාරත්න කිසි විටක ජාතිවාදීන් නොවන බවද ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පෙන්වා දෙන අතර, එබැවින් තවුහිද් යන ඒකත්වය පිළිබඳ ආගමික මතය නිසාම යම් කණ්ඩායම් තහනම් කිරීම අහිතකර ප්‍රතිවිපාක ජනිත කරවිය හැකි බව ඔහු කියයි.

තවුහිද් වුවත්, නොවූවත් අන්තවාදී මත දරන, සාමය විනාශ කරන ඕනෑම අයෙකුට දඩුවම් කළ යුතු බව නීතිඥ අලි සබ්‍රි පෙන්වා දෙයි.

එහෙත්, 'වොයිස් කට්' හිමිනම විසින් අලි සබ්‍රිගේ මාධ්‍ය සාකච්ඡාවේ කොටසක් පමණක් ඉස්මතු කරමින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා පවසන්නේ, "අලි සබ්‍රි තවුහිද් සංවිධාන තහනම් කිරීමට විරුද්ධ බව'කි.

පහත දැක්වෙන්නේ නීතිඥ අලි සබ්‍රිගේ සාකච්ඡාවට අදාළ වීඩියෝවයි.