CID යේ අධ්‍යක්ෂ මාරු වෙයි : තවත් පොලිස් ලොක්කන් 11 කට ස්ථාන මාරු !

CID යේ අධ්‍යක්ෂ මාරු වෙයි : තවත් පොලිස් ලොක්කන් 11 කට ස්ථාන මාරු !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ඒ.ආර්.පී.ජේ අල්විස් පත් කර ඇතැයි වාර්තා වෙයි.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන ලෙස ඔහු මෙතෙක් කටයුතු කලේ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසය.

මේ අතර , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න ඇමති ආරක්ෂක කොට්ඨාෂයේ අධ්‍යක්ෂකවරයා ලෙස මාරු කොට ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහාම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඉන් ඉවත් කර එම තනතුරට පත්කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්. තිලකරත්නය.

නව ස්ථාන මාරුකිරීම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරින් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බවයි. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදිය.

ස්ථාන මාරුවීම් ලද නිලධාරින් ගේ සම්පුර්ණ ලැයිස්තුව ඇතුළත් පොලිස් නිවේදනය  පහත දැක්වෙයි.

Police 11

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න